මං ගියපු ගමන් මල්ලත් අරං ඉද ගත්තෙ ඇද උඩින්...
මං ඒකෙ තිබ්බ ඒවා ඇද උඩට හැලුවා..
චොක්ලට්....ටොෆී....ජෙලිත් තියනවා..තව ඇඳුමක්...ලස්සනයි...ඔක්කොම ලස්සනයි...
මට සතුටු හිතුනා...මගේ ජීවිතේ ගොඩක් දේවල් මට නැතුව යද්දි ඉදලා හිටලා හරි මට ලැබෙන චූටි දේකින් පවා මහා ලොකු සතුටක් ලබන්න මං පුරුදු වෙලා හිටියා....
සයාශ්ට මං තැන්ක්‍යූ කියන්නත් ඕන...ඒත් එයා කේන්තියෙන්නෙ ගියෙ...හෙටම කියනවා....
කන්ඩ දේවලුත් තියන හින්දම මං ඒත් එක්කම බලන්න ගත්තෙ ඩවුන්ලෝඩ් කරලා තිබ්බ horror movie එකක්....
මේක අර බන්ධනය වගේ කතා නෙවේ සුපිරි කතා....
වැඩ්ඩා වගේ බලන්න ගත්තට කතාව පටන් ගන්න කලින් යන ටික දැකලම බය වෙලා හිටපු මට පොඩි සද්දයක් ඇහුනත් චූ යන්ඩ වගේ හිටියෙ...කමක් නෑ කියලා කතාව දිගටම බලන්න ගත්තා...
වැඩිය බලන්න හම්බුනේ නෑ ජනේලෙ එහා පැත්තෙන් සද්දයක් ඇහුනා...
ඇස් දෙකත් ලොකු කරගෙන වටපිට බලපු මට කෙල ගිලින්න තියා හුස්ම ගන්නවත් බය හිතෙද්දි ඇස් වලින් කඳුලු ආවා...
අම්මේ...කියලා කෑ ගහන්න ඕන උනත් අම්මා මෙහෙ නෑ කියලා මතක් උනාම තව බය වැඩි උනා.. පොල් ගෙඩියක් වැටෙන්න ඇති කියලා කොච්චර හිත හදා ගන්න හැදුවත් තව එක එක සද්ද ඇහෙන්න ගත්ත හින්දා මං ඉක්මනින් ලයිට් දාලා ලැප් එක ඕෆ් කරලා දැම්මා...අපි අවදානෙන් ඉන්න හින්දා ඇහෙන සද්ද වැඩී...
මං එහෙමම යූටියුබ් එකෙන් මෝර පිරිත දාගෙන වැදගෙන ජනේලෙ දිහා බලන් හිටියා...විනාඩි ගානකින් පිරිතත් ඉවර උනා...
අන්තිමට අද නම් තනියම නිදා ගන්න බැරි බව දැන ගත්ත මං සයාශ් ගාවට යන්ඩ තීරනේ කරා..
දොරත් ඇරන් අනිත් අයට ඇහෙන්නෙ නැති වෙන්ඩ සයාශ්ගෙ රූම් එකේ දොරට තට්ටු කරා....
එයා ඇවිත් දොර ඇරිලා....
ඇයි..
මේ...හ්..
මට ඇත්තටම කියන්ඩ දෙයක් හිතා ගන්ඩ බැරි උනා..මට ඔයා ළඟ නිදා ගන්න ඕන කියන්නයෑ...මං අකුරු ඇහිද ඇහිද ඉද්දි එයා දොර ඉස්සරහට වෙලා රවාගෙන බලන් හිටියා...

YOU ARE READING
Flowers of despair ?
Fanfiction??????? ?????...!!!!! ?? ???? ??????????? ???? ?? ????? ????????? ?? ??? ???? ???? ??????? ??? ???????.. ????? ???? ??????? ??????? ?????? ??? ????? ???????? ??????? ????? ?????. ...