දිව්‍යා තනිකරම කතා කළේ හරි කලකිරීමකින්. එයාගේ වචන ඇතුලේ මාරම බරක් වගේම කියාගන්න බැරි වේදනාවක් හැංගිලා තිබුණා.
"අපිට ඒකට කරන්න පුළුවන් දෙයක් නෑ දිව්‍යා..! අපිට කරන්න පුළුවන් එකම දේ...කලණත් එක්ක පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න එක..! එයාට ලස්සන මතක විතරක් එකතු කරන්න උදව් කරන එක..!"
"හ්ම්ම්..!!!!"
"මං දන්නවා පාරමී අක්කත් ගොඩක් කලණ ගැන වද වෙනවා..! ඒ හින්දම තමයි එයා කලණගෙ සතුට ගැන හිතලා අද මේ ගමන යන්න හා කිව්වේ..!"
"මට තියෙන එකම පුදුමේ ඒගොල්ලෝ ඇයි තවදුරටත් ගෙදරින් මේ දේවල් හංගන්නේ කියලා..!"
" මටත් එහෙම හිතෙනවා..! ඒත් මං හිතන්නේ කලණගෙ අම්මයි තාත්තයි බිස්නස් වැඩ හින්දා ගොඩක් බිසී ඇති...ඒ හින්දා ළමයි ගැන හිතන්න තරම් වෙලාවක් ඒගොල්ලෝ ගාව නැතුව ඇති..!"
"ඒක මහා පුදුම කතාවක්නේ...!"
"ඇත්ත තමයි ඉතින්..! අපි කියලා මොනවා කරන්නද දිව්‍යා..!"
එතනින් එහාට දෙන්නා වැඩිය කතා නොකර ගියා.මොකද තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කරන්න ඒගොල්ලන්ට ඕන වුණේ නෑ."නිම්න..!"
" ඕ ??"
"ඔයා විතරද ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නේ..?"
දැඩි නිශ්ශබ්දතාවයකින් අනතුරුව කලණ නිම්නගෙන් ඇහුවා.ඒ හරිම සැහැල්ලුවකින්..!"ඒ කිව්වේ ??"
"ඔයා කවදාවත් මට ඔයාගේ පවුල ගැන විස්තර කියලා නැති හින්ද ඇහුවේ.."
"ආ...! මට ඉන්නේ ඉතින් අම්මයි මල්ලියි විතරයි !"
"එහෙමද..."
"අම්මා ඉන්නේ පුංචි ගාව... ඩුබායිවල..!"
"ඇයි ඒ...?"
"දැන් ටික දවසක් වෙනවා ගිහින්...ජොබ් එකකුත් කරන ගමන්,පුංචි එක්ක ඉන්නවා..!"
"එතකොට මල්ලිගේ හැමදේම බලන්නේ ඔයාද?"
"හ්ම්ම්...ඌ මේ පාර ඒ ලෙවල් ලියනවා..! ඊට පස්සේ නම් ඉතින් මම නිදහස්...!"
"හ්ම්...! තා-තාත්තා මොනා වෙලාද නැති උනේ ?"
"හාට් ඇටෑක් එකක්..!"
ආයෙත් ටික වෙලාවක් යනකම් දෙන්නම කතා කරේ නෑ.නිම්නට ඒ දේවල් වෙලා ගොඩක් කල් හින්දා ඒ ගැන ලොකු දුකක් තිබුණේ නෑ. ඒත් කලණ නම් හිතුවේම එයා පරණ දේවල් මතක් කරල නිම්නගේ හිත පෑරුවා කියලා.

YOU ARE READING
365 Days With You ( Ongoing )
Romance" ?? ?????? ???? ?????????? ????? ??? ?????" ? ???????????? ???? ???????? ??? ????? ????? ! ?? ???? ??????? ?? ????? ?????? ???????? ! ???? ???? ???????? ???????? , ???? ???? ?? ?????? ??????? ! ??? ?? ????? ??????????? ????? ????? ?????, ?????? ?...
15. ??????????..!
Start from the beginning