![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 'ආයු' බබාට gift එකක් හම්බ උනා. මගෙ කතාවකට ලැබුන පළවෙනි gift එක. මට හරිම සතුටුයි අනේ.. Thank you so much teshi085 නංගියෝ... ඒක ගොඩක් ලස්සනයි... 🥺❤️💚
_________________________________________
" ඕයි කෙනුලයෝ. යමන්... "
වෙලාව හවස හතයි දහයයි. වෙනදා මේ වෙනකොට කෙනුල කැෆේ එකෙ හරි ගෙදර හරි හිටියත් අද නම් කොල්ලා තාම ඔෆිස් එකේ. කෙනුල විතරක් නෙවෙයි එයත් එක්ක වැඩ කරන අනෙක් අය පවා තාම ඔෆිස් එකේ. හෙට පාන්දරම ඇමරිකා වලට යවන්න තියන ලොකුම ලොකු ඕඩර් එකක් නිසා ෆැක්ට්‍රි එකේ වැඩ කරන අයට විතරක් නෙවෙයි ඔෆිස් එකේ වැඩ කරන අයට පවා අද මුළු දවසම විවේකයක් තිබුනෙ නැති තරම්. ඒ විතරක් නෙවෙයි වැඩ වැඩි නිසාම හැමෝටම වැඩිපුර පැය එකහමාරක් විතර වැඩ කරන්න උන නිසාම හැමෝම ඉන්නෙ මේ වෙනකොට හොද පණ ගිහිල්ලා. මේ වගේ වෙලාවවල් වලට කෙනුලලා වගේ සුළු සේවකයන්ට තියෙන්නෙ උදේ ඉදලා එක එකාගෙ ෆයිල් අරගෙන එහෙට මෙහෙට දුවන්න තමා. ඉතින් කෙනුල ඉන්නෙ මහන්සියෙ උපරිම තැන. උදේ ඉදලම මහන්සි උන හැමෝම එක එකා ඔෆිස් එකෙන් පිටත් වෙන ගමන් තිබුනෙ ලොක්කා ඇවිල්ලා හැමෝටම උන මහන්සියට බොරුවටත් එක්ක ස්තූති කරලා ගෙවල් වලට යන්න අවසර දුන්න නිසා.
" යමන් බං... "
වතුර බෝතලේ හිස් කරන ගමන් හිටපු කෙනුලටත් කවීශ යන්න කතා කරපු නිසා කොල්ලා වතුර බෝතලෙත් බෑග් එකට දාගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ කවීශ එක්කම යන්න හිතාගෙන.
" උබ තාම අවුලෙන් ද බං. උබෙ මූණ හරි නෑ.. "
ෆින්ගර් ප්‍රින්ට් එකත් තියලා ඔෆිස් බිල්ඩින් එකෙන් එළියට එන ගමන් හිටපු කෙනුලගෙ මූණ දිහ බලාගෙනම කවීශ අහද්දි කෙනුල ලොකු හුස්මක් පාත දැම්මා. කොල්ලා උදේ ඉදලා ඉන්නෙ අවුලෙන් කියලා දන්න නිසාම කවීශත් උගෙ පිටට තට්ටු කරේ කොල්ලගෙ හිත හදන්න වගේ.

YOU ARE READING
"?????? " (Ongoing)
Non-Fiction?? ???? ????? ???? ?????? ??? ?? ???? ??? ??? ?????.. ??? ?? ???? ??? ????? ????????? ?? ??? ??? ???.... ?????? ?????? ??? ???? ????? ???? ????? ??????? ????? ???? ?? ???? ??? ????... ??? ? ????????? ???? ????? ???????? ???????... ?