抖阴社区

Chapter 24

3.8K 665 61
                                        


ගුක් කාමරේට ගියාමයි එලියට ආවෙ නෑ..නූරා කෑම කන්න කතා කරත් පොඩ්ඩා ආවේ නෑ..බැරිම තැන නූරා කාමරේට යන්න හැදුවත් දොර ලොක්.

"ගුකී මේ දොර අරින්න මැනික..මමා කෑම ගෙනාවා"

"යන්න...මට මමාව එපා"

නූරට ඇඩෙන්න වගේ..නූරා දොරට අත තියන් කතා කරද්දි යොන්ජුනුත් එතනට ආවා..

"බබා මේ දොර අරින්න..මමා අඩනවා මේන්"

"කමන්නෑ..මමා නෝටි...අන්කල් දුන්නු රිමෝට් කාර් එක බිම දැම්මා…"

"අනී...මං ගුක් ට අලුත් සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්නම්කො"

නූරා අඩ අඩම කියනවා..ඒත් ගුක් අහන පාටක් නෑ..

"යන්න මමා..අයි හේට් මමා…"

ගුක් කියද්දි නූරව දොර ගාවම ඉන්ද වුනා..නූරට දැනුනෙ මුලු ලෝකෙම කඩන් වැටුනු හැගීමක්..කාලෙකට කලින් ජන්ගුක් මේ විදියටම නූරව ප්‍රතික්ශේප කරපු හැටි කෙල්ලට මැවි මැවි පෙනුනා..නුරා අඩනවා..ඒත් ගුක් දොර අරින පාටක් නෑ..

"එයා හෙට උදේට දොර අරියි නූරා..කෝ ඔයා ගිහින් නිදාගන්න.."

"අනී මං තව පොඩ්ඩෙන් යන්නම්."

යොන්ජුන් එයාගෙ ඔම්මට බෙහෙත් දෙන්න ගියා..ඒත් එක්කම ඔෆිස් එකේ වැඩක් මතක් වෙලා යොන්ජුන් ඒකත් ඉවර කරල එද්දි නූරා ගුක් ගෙ කාමරේ දොර ගාව නිදි..යොන්ජුනුත් නූරා ගාවින් බිම ඉදගෙන සැරින් සැරේ කඩා වැටෙන නූරගෙ බෙල්ල තමන්ගෙ උරහිසේ තියා ගත්තා..

"එයා එයාගෙ අප්පා වගේමයි.."

යොන්ජුන් මිමිනුවා..තමන්ට කොයි වෙලේ නින්ද ගියාද කියල යොන්ජුන් ට මතක නෑ..උදේ නැගිටිද්දි යොන්ජුන් විතරක් දොර ගාව..යොන්ජුන් නැගිටල යද්දි නූරා ගුක් ට චීස් කේක් හදනවා..පොඩ්ඩා කන්න කැමතිම කෑම..තව බනානා මිල්ක් එකකුත් හදලා..යොන්ජුන් උදේම නාගෙන එද්දි නූරා ආයෙත් ගුක්ගෙ කාමරේ දොර ගාව..

"මැනික මමා කූල්ම කූල් බනානා මිල්ක් හැදුවා..දොර අරින්නකො පුතා"

ඊයෙ නම් ගුක් කතා කරා අද කතාවක් වත් නෑ..

"එයා තාම නිදි ඇති නූරා..තාම හතයිනෙ.".

MY TIME ( Completed )Where stories live. Discover now