抖阴社区

Episode 11?

1.6K 354 90
                                    

🔞 සැයු :- අද මොන්ටිසෝරි ප්ලස් කොටසක්ද මන්දා.... මන් උපරිම සංවරව ලියල තියෙන්නෙ... බනින්න එපෝ.... මන් මේ වගෙ කොටස් ලියන්න තාම හුරු වෙන ගමන්...

.
.
.
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

@ club

වෙනදාටත් වඩා සේහි තමන්ගෙ හිත එක්ක සෙල්ලම් කරනකොට නම්ජුන් හැමදාමත් වගේ අදත් ඇල්කොහොල් වල පිහිට පැතුවා.. අන් කවරදාටවත් වඩා සේහිගෙ පහස අද නම්ජුන්ගෙ හිත හෙව්වෙ ඇයි කියන්න කොල්ලා දැනගෙන හිටියෙ නෑ.. ඒ දේට සමහර විට උදේ සිද්ද උණු සිදුවීමත් හේතුවක් වෙන්න ඇති... සේහිගෙ පහස එන්න එන්නම හිත ඉල්ලනකොට නම්ජුන් කලේ තව තවත් ඇල්කොහොල් වලින් මත් උණු එක.. තමන්ගෙ මත් බව සේහිව මොහොතකට අමතක කර ගන්න උදව්වක් වෙයි කියල කොල්ල හිතුවත් අද නම් ඒ කිසිම දේකට නම්ජුන්ගෙ හිත යටපත් කරන්න බැරි උනා..

"Oh.. shit... සේහි.. තමුසෙ...ආශ්.."

එක් අතක තිබුණු බාගයක් හිස් උණු විස්කි වීදුරුව දිහා බලාගෙන අනෙක් අතින් නලල රැළි කරගෙන කොල්ලා කිව්වෙ තරහින්... මේ වෙනකොටත් තමන්ට පාලනේ කරගන්න බැරි තරමට ඇවිස්සුණු හඟීම්තුත්.. සේහිව විතරක්ම හොයන කොල්ලගෙ හිතත් නම්ජුන්ට ගෙනාවෙ මානසික වදයක්... ආපස්සට ගෙදර ගිහින් බලෙන් හෝ සේහිගෙ පහස විද ගන්න නම්ජුන්ට හිතුනත් ජන්කුක් සේහි ගැන තමන්ට කළ අනතුරු ඇඟවිම නිසාම බීමතින් උනත් තමන්ව පාලනේ කරන්න උපරිම උත්සාහයක කොල්ලා යෙදිලා හිටියෙ..

නම්ජුන් ආයෙම විස්කි වීදුරුවෙ ඉතිරි විස්කි ටිකත් එක හුස්මට කට හලාගෙන වීදුරුව ටේබල් එක උඩින් තිබ්බෙ වීදුරුවෙන් සද්දයක් නැගෙන විදිහට.. විනාඩි කිහිපයක් හිස් වීදුරුව තදින් අල්ලන් කල්පනා කරපු නම්ජුන් මෙච්චර වෙලා වාඩි වෙලා හිටපු තැනින් නැගිටල ඩාන්ස් ෆ්ලෝ එක පැත්තට ගියේ වැනි වැනිම...

නම්ජුන් නොදන්නවා උනාට නම්ජුන්ටත් හොරා කොල්ලගෙ මේ හැම හැසිරීමක් දිහාම එක සරාගී ඇස් දෙකක් යොමු වෙලා තිබුණා.. පැයක් තිස්සෙ නම්ජුන් වෙතම ඇලවිලා තිබුණු ඒ සරාගී ඇස් වල හිමිකාරියට තමන්ගෙ ඇස් ඔහුගෙන් ඉවත් කර ගන්නට නම් බැරි උණා.. නම්ජුන්ගෙ හිසේ සිට පාදාන්තය දක්වාම සැලකිල්ලෙන් තම ඇස් ගෙනියපු ඒ තරුණියට දැනුනෙ තමන්වත් නම්ජුන්ට ඇදී යන බවක්.. නොබෝ දවසකින් තමන් ඉදිරියෙ පෙනන මේ පිරිමි රුව තමන්ටම අයිති වෙන බව මතක් උණු ඒ ඇස් වල අයිතිකාරියට මද සිනාවක් ගියත් ඒ මුහුණෙ සිනාව මැකිල යන්න ගියේ තත්පර ගානයි..

?The Fault? [COMPLETED]Where stories live. Discover now