抖阴社区

                                        

"දේ.. අරස්සෝ මන් දැන්ම එනවා... හ්යොන්ග් චෙබල්.. නූනාව තනි කරන්න එපා..."

ජන්කුක් තමන්ට පුලුවන් උපරිමෙන් බැගෑපත් වෙලා ඉල්ලුවෙ සේහි එක්ක මේ වෙලාවෙ ඉන්න කියලා.. නම්ජුන් සේහි අතර උණ දේ තමන් නොදන්නවා උනාට මේ වෙලාවෙ තමන් එනකන් වත් සේහිව බලා ගන්න කියල ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජන්කුක්ට හිතා ගන්න බැරි උනා... ජන්කුක්ගෙ ඒ ආයාචනාත්මක හඬට නම්ජුන්ගෙන් ලැබුණු කේන්ති ගිය ප්‍රතිචාරයක්..

"ජන්කුකා... තමුන් හිතන් ඉන්නෙ මන් අමනුස්සයෙක් කියලද ආ...?  නෑ.. නෑ... මමත් ලේ මස් ඇට නහර වලින් හැදිච්ච මනුස්සයෙක්... හැම එකාම එකතු වෙලා මාව අමනුස්සයෙක් කලාට මාත් මනුස්සයෙක් යකො.. මාත් මනුස්සයෙක්...."

හිත් වේදනාවත් කෙන්තියත් එක්ක කෑ ගහපු නම්ජුන් ඒ කේන්තියෙන්ම අතෙ තිබුණු ෆෝන් එක පොලවෙ ගැහුවෙ ෆෝන් එක කුඩු වෙලා යද්දි.. නම්ජුන්ගෙ කේන්තියෙන් කෑහන හඬ එහා පැත්තෙන් ඇහෙද්දි නම්ජුන්ගෙන් සෙහිට කරදරයක් නොවෙන බව ජන්කුක්ට තේරුනත් නම්ජුන් තමන්ටම කරදරයක් කර ගනියි කියලා කොල්ලට බය හිතුනා..  කේන්තියෙන් කෑ ගැහුව උනත් ඒ හඬ ඇතුලෙ ලොකු වේදනාවක් ජන්කුක් දැක්කා.. කලබලෙන් ඇදන් හිටපු ඇදුම් පිටින්ම ජන්කුක් කාර් එකට දිව්වෙ තව එක තත්පරයක් හෝ ප්‍රමාද නොකර..

"Hyung.. pick up the phone..  oh.. shit.."

ජන්කුක් මග දිගට නම්ජුන්ට කෝල් ගත්තත් ඒ කොල්ලගෙ ෆෝන් එක වැඩ කලෙ නම් නෑ.. මේ වෙලාවෙ නම්ජුන්ව රිලැක්ස් කරලා කරන්න ඕනි දේවල් කියන්න ජන්කුක්ට ඕනි උනත් අවාසනාවකට වගේ ඒ වෙනකොටත් නම්ජුන්ගෙ ෆෝන් එකෙ කෑලි සේහිගෙ රූම් එක පුරා විහිදිලා තිබුණා..

"හ්යොන්ග්... චෙබල්... පිස්සු නම් නටන්න එපා.. මන් එනකන්වත් ඉන්න..."

ජන්කුක් හිතින් කිය කියම උපරිම වේගෙන් වාහනේ ඩ්‍රයිව් කලේ හිතෙ දාහක් ප්‍රශ්න තියාගෙන..
.
.
.
.

නම්ජුන් තමන්ගෙ කේන්තිය පාලනේ කරගෙන සේහි වැතිරිලා ඉදපු තැනින් වාඩි උනා.. කොල්ලගෙ මත් ගතිය මේ දේවල් එක්කම සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා කියලයි නම්ජුන්ට නම් හිතුනෙ.. මේ වෙලාවෙ කොල්ලගෙ හිතේ වැඩ කලේ එකම එක දෙයක් විතරයි ඒ සේහි අම්මා කෙනෙක් කියන එක.. සේහිගෙ මූණෙන් පටන්ගෙන නිරුවත් පපුව දක්වා ඇස් ගෙනියපු නම්ජුන්ගෙ ඇස් නැවතුනෙ මීට සුළු මොහොතකට කලින් තමන් විසින්ම ඒ පපුව පුරා ඇති කරපු රතු පාට පැල්ලම් වෙතට..

?The Fault? [COMPLETED]Where stories live. Discover now