"සූ අන්ද්වේ"
මන් ටේබල් එක උඩ තිබුන වතුර එක එක හුස්මට බීලා ඉවර කරේ දැකපු හීනේ නිසා ඇදන් හිටපු ටීශර්ට් එකත් දාඩිය දාලා ඇගටම ඇලිලා කියලා දැනෙද්දි.....
අතීත අදුරු මතක හීන අස්සේ වදදෙද්දී...හැමරෑකම නපුරු මතක හීනවලට ඇවිත් නින්ද නැතිකරද්දී මනුස්සයෙක් විදියට විදින්න පුලුවන් හැමවේදනාවක්ම මන් වින්දා....සීතල වතුර ඇගදිගේ යද්දී දැනුන සනීපෙටම පැයක් විතර වොශ් එකක් දාගෙන මන් පල්ලෙහට ගියේ හ්යොන් තාමත් කම්පැනියට ගිහින් නැතුව ඇති කියලා හිතලා...
"ඕහ් කුකී නැගිට්ටද"
"ඔව් හ්යොන්...දැන්ම යන්නද හදන්නේ"
"ඔව් කුකී අද මීටින් ගොඩයි හ්යොන්ට...මන් ඉක්මනට ගිහින් එන්නම් කෑම හදලා තියෙන්නේ කද්දී රත් කරගෙන කන්න"
මන් ඔලුව වැනුවම හ්යොන් මගේ ඔලුව අතගාලා ගෙදරින් ගියේ මහවිශාල මන්දිරයක් වගේ ගේ ඇතුලේ මාව තනිකරලා දාලා......
____________________"ඕහ් දෙවියනේ මේ සූහි නේද"
"ඔව් ඔව් ඒ සූහි තමා..ඒත් JK මොකටද සූහිව අදින්නේ "
ආට් රූම් එක ඇතුලට යද්දිම මට ඇහුනේ ඔය වගේ කතා ගොඩක්...ඒ කියන්නේ මන් හන්ගලා තිබුන චිත්රේ මේ කවුරුහරි එලියට අරගෙන....මන් චිත්රේ ගාවට යද්දිම මගේ කම්මුලට හීනී ඇගිලි ටිකකින් පාරක් වැදුනේ මුලු හෝල් එකම මීයට පිම්බා වගේ සද්දයක් නැතිවෙද්දි...
"තමුන් මොකටද මගේ ච්ත්රයක් ඇන්දේ ආහ් JK "
මගේ සූහී ඒ...කවදා ආදරයක් ඇතිඋනාද නොදන්නවා උනත් මන් දන්නේ මන් එයාට ගොඩක් ආදරෙයි කියන්න විතරයි..චිත්ර ප්රදර්ශනයට චිත්ර අදිද්දී මට සූහීව ඇදුනේ ඉබේටමයි ඒත් ඒක මන් හැන්ගුවේ සූහී මන් ගැන වැරදියට හිතයි කියලා ඒත් දැන් ඒ හැමදේම එලි වෙලා...මන් තාමත් කම්මුල අල්ල ගෙන බලන් හිටියේ ඇස්දෙකත් නටෝ නටෝ මට බයින සූහී දිහා...
"තමුසෙලා වගේ සල්ලිකාරයෝ ඔක්කොම එකයි...මට තමුසෙලා ඔක්කොම අප්පිරියයි"
ඒ එයාගේ නපුරු වචන...මගේ සූහී හැමෝටම නපුරු නෑ ඒත් එයා මට නපුරුයි අනේ මන්දා....මගේ කකුලටත් එකක් ගහලා සූහි ගස්සගෙනම හෝල් එකෙන් එලියට ගියාම මන් චිත්රේ අරගෙන එතන හිටපු උන්ටත් බැනලා එලියට ආවා....
මීට අවුරුදු පහකට කලින් ඇදපු චිත්රේ ගාඩ්න් එකේ බෙන්ච් එක උඩින් තියාගෙන මන් කල්පනා කරේ ඒ ලස්සන අතීතේ ගැන...මගේ අතින්ම මන් රූප කරපු සූහී තාමත් ගොඩක් ලස්සනයි...ඇස් අගට කඳුලක් එද්දී මන් මගේ දිග ඇගිලිවලින්ම ඒ කදුල චිත්රේ උඩට වැටෙන්න නොදී පිහිදැම්මේ සූහී කැතවෙයි කියලා බය හිතුන නිසා...
අහස ලස්සනයි...
මගේ සූහීගේ ඇස් දෙක තරම් නම්
ලස්සන නෑ හැබැයි......
ඉර බැහැගෙන යන අහස දිහා බලාගෙන මන් හිනාවුනේ එහෙම කියන ගමන්...ජීමින් හ්යොන් එනවෙලාවත් ලග නිසා මන් චිත්රේත් අරගෙන මගේ රූම් එකට ගියා.......
සූ....
මාව ඇහෙනවද.....
ඔයාගේ කූ ඇදපු චිත්රේ අදටත් ලස්සනයි නේද
නෑ මගේ චිත්රේ නෙමේ ලස්සන නේද සූ...
ඔයා තමයි අදටත් ලස්සන....
________________________🦋🦋🦋🦋

YOU ARE READING
2U (Completed)
FanfictionNo limit in the sky That I won't fly for ya (for ya, for ya, for ya) No amount of tears in my eyes That I won't cry for ya (for ya), oh no With every breath that I take I want you to share that air with me There's no promise that I won't keep I'll c...