抖阴社区

26

2.4K 225 111
                                        

"සර් අගමැ- ඔහ්!!!!"

නිරුද්ගේ කාමරේ දොර ඇරගෙන එන ගමන්ම ඒ කියාගෙන ආව නීල්ට එතනින් එහා කතා කරගන්න බැරි උනේ එයා කොහෙත්ම මේ වෙලාවෙ දකින්න බලාපොරොත්තු නොවුන දර්ශනයක් ඇස් දෙක ඉස්සරහ හොද පැහැදිලිවට බලාගන්න ලැබුනු නිසා..

ඉතින්,

"කැහ් කැහ්...!"

ඔක්කොටම කලින් ඒ කොහෙවත් නැති කැස්සක් දැන් ආවෙ මේඝවට.. හැබැයි ඉතින් අප්පච්චිගෙ පෞකාරයට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද?

"මේ.. අ.. කැහැම් කැහැම්... මම එහෙනම් එලි-"

නීල් ඒ කියාගෙන ආපිට දොරත් වහගෙන එලියට යන්න ගියා.. හැබැයි,

"ඔහොම ඉන්නවා අයිසෙ! දැන් ඇවිත් ඉවරයිනෙ.. ඒඒ තොපිත් කඩාපනින්නෙ මේ වගේ වැදගත් වැඩක ඉන්න වෙලාවට තමා. කියනවා ඇයි ආවෙ..?"

කියන ගමන් නිරුද් නීල්ටත් රවාගෙන මේඝවගෙ ඇග උඩින් අයින් වෙලා ඇදෙන් ඉදගනිද්දි මේඝවත් ඉක්මනට ඇදෙන් නැගිට්ටා..

"නෑ සර්... අගමැතිතුමා දැන් එන ගමන්... සර්ට ඕනි මොනාහරි තියෙනවද ඇහුවා..?"

"දැන් කොහෙද අප්පච්චි ඉන්නෙ.."

"මේ...... මේ දැන් අගමැතිතුමාගෙ වාහනේ ගේට් එකෙන් ඇතුලට ආවා සර්..."

"යකෝ!! මෙතන ඉදන්ද මොනාද ඕනි අහන්නෙ.. උඹ හරියට මට කිව්වෙ අප්පච්චි ඩියුටි ෆ්‍රී එකේ ශොපින් ගිහින් වගේනෙ. මුකුත් ඕනි නෑ එන්න කියපන්... යද්දි ඔය දොර වහන් එලියට පලයන්..!!"

"හොඳයි සර්.."

කියාගෙන නීල් එහෙමම හොස්පිට්ල් රූම් එකෙන් එලියට ගියා. ගියත් වගේ,

"ඔය කොහෙද යන්නෙ..?"

නිරුද් ඒ ඇහුවේ මේඝවත් නිකන් යන්න වගේ එයාගේ ඇස් දෙකට පෙනුන නිසා.. ඉතින් නිරුද්ට උත්තරත් ලැබුනා..

"අගමැතිතුමා එනවා නම් මම ඉන්න එක හරිනෑනෙ අයියෙ.. මම දැන් ගිහින් හවස් වෙලා එන්නම්.."

ඔන්න දැන් ආයෙම අර හීනි ඇස් මෙච්චර වෙලා තිබ්බ ඔක්කොම හැඟීම් පරාද කරගෙන මේඝවට රවනවා..

"අනේ මේ පකක් කතා නොකර මෙතනින් හිටපන්.. ඇයි අප්පච්චි ආවා කියලා ඒ මනුස්සයා උඹව වඩාගන්නවද.. අනික අනාගතේ උඹේ මාමාණ්ඩි නේද ඒ එන්නෙ. ඒ නිසා හිටපන්!"

???????? ????? || ?????? ?? ????Where stories live. Discover now