抖阴社区

? 16 ?

5.7K 469 48
                                        

"මැණිකේ ,කෝ නැගිටින්න... ‘

"බෑ.. තව ටිකක් මෙහෙම ඉන්නම්කෝ..."

" ටිකක් නෙවෙයි ඕන තරම් වෙලා ඉන්න පුලුවන් කොළඹ ගිහින්.. හ්ම්... "

"මට මේ නුවර අහස යට ඉන්න ඕන... "

" හ්ම්.. එහෙනම් මගෙ රත්තරන් ඇති වෙනකන් ඉන්නකෝ"

එයා ආයෙම මාව තුරුල් කර ගත්තේ දැන් පුදුම හුරතලයක් කියලා...මාත් ඉතින් එයාට තුරුල් වෙලා හිටියා...එයා මගෙනේ.

අපේ කියලා මේ බෝඩිමේ තියෙන දෙවල් අරන් අපි දෙන්නා උදේ 7ට විතර නුවරින් ආවේ හවස් වෙන්න කලින් කොළඹ ගෙදරට යමු කියලා..අපිට දවල් වෙද්දි ගෙදරට එන්න පුලුවන් වුන නිසා පොඩිවට කිරි ටිකක් උතුරලා ගෙට ඕන කරන බඩු ටික ගත්තා.එයා මෙහෙන් ඇදන් ,ගෙදරට පුටු ඔක්කොම ගෙන්නලා තිබ්බා...

" අහස්, "

" අපේ මහත්තයා "

' අහස්ට පුලුවන් අහස් කැමති විදිහට මේ ගෙදර හැඩ කරන්න, මොකද මේක අපේ නිසා... "

"කමක් නැද්ද ,ඔයාට ආස විදිහට කරමු..."

" ගේ පාලනය කරන්න ඕනේ මැණික මිසක් මම නෙවෙයි , "

" අපේ මහත්තයා කියන දෙයක් තමා , මේ අපේ මහත්තයා "

" හ්ම්.."

"තුරුල් වෙන්නද... ටිකක් මම..."

" කෝ එන්න... "

එයාට තුරුල් කර ගන්න කිව්වාට එයා මාව වඩා ගත්තා... වඩාගෙනම එතන තිබ්බ පුටුවේ වාඩි වුනේ මම වැටෙයි කියලා කෑ ගහනකොට

" එහෙම වට්ටන්නේ නෑ මගෙ මැණික "

" මම දන්නවා,"

" අහස් අපි හෙට කැලනිය වදින්න යමු"

" හා..අපේ මහත්තයා "

" බලන්නනෙපැයි මේ මුනේ තියෙන හිනාව, ඇස්වහා වදිවි මගෙ රත්තරන් "

" මේ හිනාව දෙන්නේ මගෙ මහත්තයාට විතරයි , ඒ නිසා ඇස්වහා වදින එකක් නෑ නේද ... "

" කොහොමත් අහස්ගේ හැම දේම මගෙ විතරයි , වෙන අයට දෙන්න ඕන නම් මගෙ කර ගන්නේ නෑනේ රත්තරන් "

එයා එහෙම කියන ගමන් මගෙ කම්බුලට හාදුවක් තිබ්බා .මගෙ ඔලුව පිටිපස්සේන් අත තියලා එයාගේ මුණ ලගට ලන් කර ගත්ත පවන් මටත් නොකියාම මගෙ තොල් එයාගේ කර ගත්තේ මාව ඒ ඇගට තවත් ටිකක් තෙරප ගන්න ගමන්...

???? ???? ?????.... ?Where stories live. Discover now