抖阴社区

                                    

ඒකා තවත් ලස්සන වෙලාද මංදා......ඉස්සර උන්නෙ කොහමද දැන් ඉන්නෙ කොහමද.....පසිදු මගෙ අතකින් අල්ලගන්නකොට මම කලේ ලාවට හිනා උන එක.......ඒත් එක්කම එතනම බිත්තියේ ලොකුවට ගහලා තිබුන ඒ දෙන්නගෙ පොටෝ එකට මගෙ ඇස් යනකොට ඒක දිහා බලාගෙනම පසිදුවත් එක්ක මම ඇතුලට ආවා

ඒත් එක්කම එතනම බිත්තියේ ලොකුවට ගහලා තිබුන ඒ දෙන්නගෙ පොටෝ එකට මගෙ ඇස් යනකොට ඒක දිහා බලාගෙනම පසිදුවත් එක්ක මම ඇතුලට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මට සතුටුයි උන් දෙන්නා මොන ප්‍රශ්නෙ ආවත් එකට ඉන්න එක ගැන.......මොන දේ උනත් අල්ලගත්තු ඒ අත් අත්අරින් නැතුව උන්නු එකට.......උන්ට උනත් ප්‍රශ්න ආවෙ නෑ කියන්න බෑ.......ඒත් උන් දෙන්නා උන්වම දරාගත්තු විදිය මම දැක්කා......ගෙදරින් ප්‍රශ්න එන හැම වෙලාවකම උන් එකට උන්නා........පසන් මගෙ එකාව හොදට බලාගන්නවා.......ඒක මම දන්නවා


ආදරේ එහෙමයි !

" රශේන් තව ටිකක් බෙදාගන්නකො..........ඔයා හරියට කන්නෙත් නෑ "

" එපා.....මේ ඇති "

" පසී බබා......මම ගැනත් ටිකක් බලනවකො ඕයි...... මූ ආව වෙලේ ඉදන් ඒකා අස්සෙමනෙ "

" මොනවද පසිදු කියවන්නෙ........බෙදාගෙන කන්න ඔයත් හරියට "

" විහිලුවටනෙ ඕයි ඉතින් "

" ඔයා කන්න රශ්......එයාට විකාර "

පසන් මගෙ පිගානට අඩුපාඩු බෙදනකොට පසිදු කලේ එහා පැත්තෙ ඉදන් බොරුවට කෑ ගහපු එක.......ඌ කෑගහන එක ගනන්ගන්නෙ නැතුව පසන් මට කෑම බෙදුවා.......මේ බෙදන විදියට මම කන්නෙත් නෑ......එහෙමයි කියලා ඕක කිව්වට අහන්නෙත් නැති වග මම දන්නවා......අන්තිමට පසන් හිනාවෙවීම අරකගෙ ඔලුව අත ගානහැටි පිගානට මූන හරවන් හිටියත් ඇස් කොනින් මට පෙනුනා

ඒත් එක්කම මට ලොකු හුස්මක් පිට උනා.....අපරාදෙ......උබටත් ඉන්න තිබුනා විද්

???? ?????? ?? | ???????? |????Where stories live. Discover now