抖阴社区

????? ?? ?????(extra chapter)

242 21 3
                                        

රාකිල් ඇගපත හෝදගන්න බාතෲම් එකට රිංගගත්තෙ ගෙවල් ඔක්කොම අස් පස් කරලා.ඒත් එලියට එද්දිනම් රාකිල් තුමාට ආයෙත් බුලට්ව වැහෙන්න ගත්තෙ දෙව්නක ඉදපු විදිය දැකලා.

"ආ සුදු...ඔයා ඇග හේදුවද...

මේ අර මගෙ කලුපාට බිල් පොත නැහැනෙ..මුලු ගේම හෙව්වා..ආයි.හු..ත්..."

මුලු ගෙයක් පෙරලලා හොයපු බිල් පොත මූණටම පාවෙලා එනකන් දෙව්නක දන්නෙ නෑ.

"මන් මුලු දවසම නැහිලා නැහිලා ගේ අස් කරාම මොකද්ද මිනිහෝ මේ කරලා තියෙන්නෙ ආ...

තමුසෙ ආයෙත් මේ ගේ අස් කරලා තියනවා..තිබ්බ පිලිවෙලටම...මන් යන්නම් බිල් බේරන්න"

දෙව්නක කොහොමත් ගේ අස්සෙ හරී......යට බලු වෙනවා.ටොපා බොටමගෙ දෙවියාය නෙවේ.ටොපා බොටමගෙ කුක්කාය.වැදිච්ච පාර නිසාම ඔලුවත් පොඩ්ඩක් දෙපැත්තට හොලවලා දෙව්නක බැලුවේ කොහෙන්ද පටන් ගන්නෙ කියලා.ඒ හිතනකොටම රාකිල් ඇවිත් බිල් පොතත් උදුරන් යන්න ගියේ දෙව්නක හිතෙන හිතෙන තාලෙට ගේ අස් කරද්දි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බිල් බේරලා ගෙදර ආපු රාකිල් පුටුවෙන් ඉදගත්තා.හැබැයි ඉදගත්තට වඩා හොදයි ඉදනොගත්තනම්.

"ටහු..ක්"

දෙව්නකගෙ අස් කිරිල්ලෙ හොදකම තමයි.මහන්සියටම ඇවිත් ඉදගත්ත රාකිල් ට පුටුව උඩ තිබ්බ දිගෑරපු ස්ටේප්ලර් එක පෙනුනෙ නෑ.

"මොකද බං හැමවෙලේම කුණුහරප කියන්නෙ"

'ඔය එන්න..නාකි හු$#'

රාකිල් හිතුවේ පුපුර පුපුර.මොකුත්ම නොදන්න දෙව්නක වතුර වගෙ තේ එකකුත් හදාගෙන රසක් නැතත් රසයි වගේ පේන්න ඒක බිබි රාකිල්ට කිට්ටු උනා.

"මොකද ආ උඹ..ඔරවන්නෙ..දෙන්නෙ බලපන්
..මන් ගේත් අස් කරා."

රාකිල් වේගෙන් නැගිට්ටේ බනින්න හිතාගෙන.හැබැයි අර පශ්චාත් භාගෙ ඇනිච්ච කට්ට නිසාම කොල්ලට ඇඩුනේ දෙව්නක කලබලෙන් එතනට දුවගෙන එන්න ගිහින් බිම තිබ්බ කෙහෙල් ලෙල්ලක් පෑගිලා අර මෙලෝ රහක් නැති උණු තේ එක රාකිල්ගෙ ඇගේ හැලෙද්දි.

'අදනම් මහා සවුත්තු දවසක් වගෙ' දෙව්නක හිතුවේ අතෙ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාවත් බලලා.

The shoot(?)Where stories live. Discover now