抖阴社区

21

827 63 7
                                        

"ගන්න"

මෙක වෙන්න පුළුවන් ද... මේක කොහොමද වෙන්නේ... එයා මගෙ අම්මා වගේමයි.. එ ඇස්,එ කොන්ඩෙ, එ මූණ... ඔක්කොම අම්මා වගේ.. මගෙ ඇස් වලට ආයි කදුළු එන්න වැඩි වෙලාවක් ගියේ නැ..

"මේක ගන්න.. ඔයාගෙ අම්මා වෙනුවෙන් පත්තු කරන්න.."

මම මුකුත්ම කියන්නේ නැතුව ඉටිපන්දම් දෙක පත්තු කරා.. අන්තිම වතාවට අම්මා දිහා බලලා මන් අර ගෑණු ළමයා දිහාවට හැරුණා..

"ඔයා කවුද?"

"ආ මම ද.. මන් ආවේ මගෙ අම්මා එක්ක තාත්තව බලන්න.. මට එතකොට ඇහුනා ඔයා කතා කරන සද්දෙ.. අතේ ඉටිපන්දම් නැති නිසා මට හිතුනා නැතුව ඇති කියලා.. ඒකයි මම දුන්නෙ.."

"ඔයා මෙහෙ කෙනෙක් ද?"

"ඔව් මන් මෙහෙ.. අර ඉන්නෙ මගෙ අම්මා.."

"අහ්.. එහෙනම් මම යන්නම්.. ස්තූතියි ඔයාගෙ ඉටිපන්දම් දෙකට.. "

" අද මෙතන එහා පැත්තෙ පල්ලියේ නැති උන අය වෙනුවෙන් පුජාවක් තියෙනව.. ඔයා කැමති නම් ඔයාගෙ අම්මා වෙනුවෙන් ඉන්න.. "

" මම බෞද්ධ නේ "

" එහෙම ආගම ප්‍රශ්නයක් නැ.. ඔයාගෙ අම්මා වෙනුවෙන් පුළුවන් නම් යං එන්න.."

මන් watch එකෙන් වෙලාව බැලුවා.. වෙලාව 12 ට ළඟයි.. කමක් නැ ගිහින් එනවා.. 3 වෙද්දී යන්න පුළුවන් වෙයි.. අර ගෑණු ලමයා එක්ක මන් එයාගෙ අම්මා ඉන්න පැත්තට ගියා..

" එතකොට ඔයා කතෝලික ද? "

" ඔව්.. තාත්තා කතෝලික.. ඒක නෙමෙයි ඔයාගෙ නම මොකක්ද.. එතකොට ඔයා ඉන්නේ කොහෙද..?"

"මන් අනුත්තර.. ඉන්නේ කොළඹ.. එතකොට ඔයා?"

"මන් මන්දාකිණි.. අපි ඉන්නේ මේ ළඟම යි.."

"ඔයාගෙ නම ලස්සනයි.."

"thank you.. තාත්තා තමයි මට නම දාලා තියෙන්නේ.."

"ඔයාගෙ තාත්තා නැති උනේ කොහොමද? ඔයා කියන්න කැමති නම් කියන්න.."

"එයා නැති උනේ heart attack එකක් හැදිලා.. එයා තමයි මගේයි, අම්මගෙයි හැමදේම.. හිතපු නැති වෙලාවක එයා නැතිඋනේ.. අපිට තිබ්බ හැමදේම නැති උනා වගේ උනා..දැන් අපි දෙන්න ජීවත් වෙන්නේ එයා වෙනුවෙන්.. "

??????? ??? (ONGOING)??Where stories live. Discover now