මන් තාමත් හිටියේ කොට්ටෙත් හපාගෙන ඇදේ හතරගාතේ දාලා.ඊයේ වෙච්ච සිද්ධියෙන් පස්සේ මගේ හිතට අමුතු බරක් දැනුනේ ඇයි කියන්න මන්වත් දන්නේ නෑ.ඊයේ ඉස්කෝලේ ඇරිලා ආවාත් හරි වොශ් දාගෙන ගේ අස් පස් කරලා කාමරේ දොරත් වගගෙන මන් එක දිගටම පාඩම් කරන්න ගත්තේ මේ වැඩ නිසා මගේ පා වැඩ මිස් වෙන නිසා.පාන්දර තුනයි ගානක් වෙනකන් පාඩම් කරපු මම ඒකත් ඉවර කරලා නිදාගෙන නැගිට්ටේ එකලොහත් පහු වේලා තියෙද්දි.
මලහත්ති වුත්තයි තිදසා එනවා කිවුවා මාව අද දොලහට එක්කන් යන්න.බදාදට බැජින් සෙරමොනි එකට ඕනේ flower decorations ටික බලන්න යන්න තමා ඕක ඔය මාව එක්කන් යන්නේ.ශාක්‍ය එක්ක පලයන් කිවුවම මූ කියනවා ඌට වෙන වැඩක් දුන්නලු.බැජින් සෙරමොනි ඒකේ ඉන්විටේශන් කාර්ඩ් ටික හැදුවෙත් නෑ.තිදස් අපේ උන්ට කිවුවා එයාලගේ ගෙදර ඇවිත් අදම ඒ ටික ඉවරයක් කරගමු කියලා.දැන් ඉතින් මේ ටික ගැන බලලා අහපවු තිදස් ලගේ ගෙදර බඩගාපන්කෝ.අහ්හ්හ්හ්හ් මට ස්ට්‍රෙස් යකෝ...
මන් ටක් ගාලා බාතෲම් එකට රිංගලා සින්ක් ටේබල් එකට උඩින් ගහලා තිබ්බ ලාච්චුව ඇරලා ඒකෙන් ගත්තේ අපේ අම්මගේ සුවඳ ගහන අඩුම කුඩුම ටික.මොනා උනත් පැංචා සුවඳ ගහන්න ඉන්න එපැයි අනේ.එතකොටනෙ නරක සමනලයෙක් උනත් මේ පැංචගේ පැත්තට ඇදිලා එන්නේ.ඒ මොන මඟුල ඇඟට ගෑවත් මන් මූණට ගෑවේ බේබි සබන් විතරයි.මොකද මට ලෙඩක් තියනවා බේබි සබන් නැතුව වෙන මොකක් හරි මඟුලක් මූණේ ගෑවොත් ඊලඟ දවසේම මූණ ගන්න දෙයක් නැති වෙනවා.ඒ නිසා කෝකටත් ගුණයි කියලා මන් ගාන්නේ බේබි සබන්.ඇඟට තමා ඉතින් ඔය එක එක මඟුල් උලන්නේ.
වොශ් දාගත්ත මන් තුවායත් ඉනේ පටලවගෙන ටක් ගාලා අල්මාරිය ගාවට ගියේ ඇඳුමක් තෝරගන්න.නිල් පාට පැච් ඩෙනිමට සුදු පාට ටී එකක් ඇන්ද මන් කොන්ඩෙත් පොඩ්ඩ්ක් උඩට උස්සලා මගේ ඩෙක් ශූස් දෙක දාගත්තා.ඊට පස්සේ මතක් කරලා මන් අපේ අම්මගේ සන් ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ගාගත්තා.අපේ අම්මා මට මේ දවස් ටිකේම කෑ ගැහුවා යන තැනක ඕක ගාගෙන පලයන් කියලා.මම ගොඩක් වේලා අවුවේ හිටියොත් මගේ හම පිච්චිලා මාර්ක්ස් හිටිනවා.මගේ හමේ තියෙන අමුතු සුදු පාට නිසා පොඩ්ඩ නැත්නම් ඒක ලොකුවට පේන්න ගන්නවා.මේ දැන් උනුත් පහුගිය දවස් ටිකේ අවුවේ හිටපු ඒවායේ ප්‍රතිඵල දිලිසි දිලිසි තිබ්බා.ඩ්‍රසින් ටේබල් එක උඩ තිබ්බ ඔඩිකෝලොන්ග් බෝතලෙනුත් පොඩ්ඩක් උලාගෙන මන් ෆෝන් එකත් ඔබ ඔබ සාලෙට ආවේ අර ගොටුකොළ වස්සව බලාපොරොත්තුවෙන්.

YOU ARE READING
??? ?????? ||??? ??????? ????
Non-Fiction""???? ???????? ?????????? ????.???? ?????? ????? ??? ??? ??? ???? ????? ????? ??????? ??? ???????.????? ?? ?? ???.????? ?? ???? ?????? ??? ??? ???? ????"" ~????? ?????? ????????~ "??? ?????? ???????????.??? ??? ??? ?????? ???" ...