抖阴社区

                                        

සෝෆා එකට වේලා ෆෝන් ඒකේ ඔපදූප හොය හොය හිටිය මන් ගැස්සිලා ගියේ අපේ වත්තෙන් ආපු හෝර්න් ගහන සද්දෙට.ටක් ගාලා ටීපෝ එක උඩ තිබ්බ කැප් එකයි මගේ වොලට් එකයි ගත්ත මන් දොරත් වහගෙන යතුර මල් පෝච්චිය යට හැන්ගුවේ අද හරියටම එන වේලාවක් මටත් හිතාගන්න බැරි නිසා.ඇයි අප්පේ ඉතින් ඕවට නහින්න ගියාම එක වේලාවකට වේලාව යනවා තේරෙන්නේත් නෑ.එහේ බලලා මෙහේ බලද්දි දවස ගිහින් ඉවරයි.මාර මඟුල් තමයි ඒවාත්.

හම්මට අද බොසා කාර් ඒකේ ඇවිල්ලා.දෙයියනේ mustang එකක්.මගේ පපුව හෝස් ගාලා ගියා.මුන්ට මෙච්චර සල්ලි කොහෙන් තියෙනවද මන්දා.හොටෙල් ව්‍යාපාර අස්සේ කුඩු බිස්නස් එකක්වත් කරනවද දන්නේ නෑ ශුඩු මහත්තයා.අනේහ් අනේහ් මගේ මගේ උගුඩු පැටියා.කවද හරි ඉතින් ම---

එක්කෝ ඕනේ.ඕකේ බැක් ටුද ස්ටෝරි.මන් මොකක්ද කිවුවේ.

අහ් ඕකේ කාර් එකට නැග්ගා.දෙයියනේ මගේ ශුගර් තාත්තා.කලු පාට ශෝර්ට් එකට ටිකක් විතර ලොකු ඔලිව් ග්‍රීන් කලර් ටී එකක් ඇදලා ශේඩ් දාලා.මන් හිටපු තැනම හිට්ටුනේ මේ මනුස්සයගේ ලස්සන දැකලා.මාව දැක්කා විතරයි ශේඩ් දැක ගලවපු එයා මන් දිහා බලන් හිනා උනා.ශේඩ් දෙක ගලවපු නිසා ඉර එලියට එයාගේ ඒ කෝපි පාට ඇස්වල දුඹුරු පාට තව තවත් දිස්නේ ගහනවා.ඉර එලියට ගියාම තමා එයාගේ ඇස් වල නියම කලර් එක එන්නේ.ඒ කෝපි පාට ඇස් දැන් දිලිසෙන්නේ russet brown කලර් එකෙන්.දෙයියනේ දෙයියනේ මගේ ශුඩු මහත්‍තයා හෙන ලස්සනයි අප්පා.මන් හුස්ම නොගෙන වත් බලන් හිටියේ මේ මනුස්සයා දිහා.ඇත්තමයි මන් අදත් පසුතැවෙන්නේ නෑ අවුරුදු පහකට කලින් මේ මනුස්සයට හිත ගිය එකට.

""AM I HANDSOME HUH?""

ශිකේයියා.බලන් ඉදලා නේද ගොන් වස්සා මූ දිහා.ආදිත්‍ය උබ නම් අහපවු නෑ මාර ගොන් ගහක්.අනේ අම්මපා උබට බෑනේ ලැජ්ජ නොවී ඉන්න.තිදස් කියපු දේත් එක්ක හරි සිහියට ආපු මන් ලැජ්ජාව පිටම ඔලුවත් දෙපැත්තට ගසලා ගිහින් සීට් ඒකේ ඉදගත්‍තේ ඉස්සරහා බලාගෙනමයි.නෑ නෑ බලන්න එපා උට්ටෝ ඒ පැත්ත පාඩුවේ ඉදපම් ආදිත්‍ය ඒ පැත්ත නම් බලන්න එපා.මන් ඉස්සරහා බලන් හිටියට මොකද මට පැත්තෙන් පේනවා මේ මිනිහා මන් දිහා බලන් ඉන්නවා කියලා.

??? ?????? ||??? ??????? ????Where stories live. Discover now