අහඹුව දුටු දෑසක් ළඟ
තමා වෙතට යොමු වූ සුරත දුටුවත් එය මගහැර මිගාර දොර ළඟට ගියා
උන දේ ගැන කල්පනාකර කර හිටපු ශේල්යා උඩ ගියේ මිගාරගෙ සද්දෙට,
'දැන් යනවා ක්ලාස් එකට '
'එ තකොට ඔ ඔයා.....'
'මට තමුසෙගෙ යාලුවෙක් වෙන්න උවමනාවක් නෑ, හ්ම් යනවා දැන් '
ශේල්යා හොඳහැටි රව රව හිතෙන් පලු ඇරියා
*හහ්,හරියට මං බලෙන් මේක අස්සට ආවා වගේ එයාගෙ කතාව, හිතන් ඉන්නෙ මගෙ අයිතිකාරයා වෙන්නද දන්නෙ නෑ*
දොර ළඟට ගිහින් මිගාරට ගස්සලා වගේ ක්ලාස් එකෙන් එලියට ගියේ ඒ කොලු මූණට හිනාවක් එද්දී
*ජම්බු ගෙඩිය වගේ තරහට රතුවෙලා, ලස්සනයි කිව්ටි උඹ*
*
ටික ටික ඒ ලෙවල් පලවෙනි අවුරුද්ද ඉවර වෙන්න කිට්ටුයි දැන්, ඒත් තාමත් මිගාර ඒ හිතේ ඉඩක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා,
තාමත් දිලේකා මේ දිහා සාවධානව බලන් ඉන්න එක මිගාර ට ප්රශ්නයක් උනා,ඒ නිහඬ බව අතළඟ කුණාටුවක් ද කියන සැකේ ඒ හිතේ තිබුණා
වෙනදා වගේම සතියෙ දවස් පහ ජෑම් ගහ හන්දිය ළඟ තනිරැකලා,සති අන්තය තනි රකින්න මේ කොල්ලා ලෑස්තියි දැන්
වළලු කර ළඟට දිග තනි තද රෝස ගවුමට අද ශේල්යා රෝස මලක් වගේ,ඒ ඇස් වලින් අද එයාගෙ කිව්ටිට බේරෙන්න කොයි වෙලාවෙවත් බැරි උනා
වොෂ් රූම් ගිහිං පුරුදු විදියටම ගෙදර යන්න ලෑස්ති උනු කෙල්ල දැක්කෙ තමන්ගෙ පාර හරස් කරගෙන හිටන් ඉන්න ඒ හිතුවක්කාර කොල්ලව,
ඒ ඇස් දිස්නෙ දෙනවා, කෙලින් බලන් ඉන්න තරං හයියක් නැති තැන කෙල්ලගෙ ඇස් හතර අතේ දිව්වෙ කොල්ලගෙ ඇස් වලින් බේරෙන්න, ඒ වගේම ශේල්යා කතාකරන්න ගත්තා
'ප්ලී..ස් මිගා....'
ඈ මුවෙන් "මි" යන්න පිටවුණු හැටියෙ කොල්ල ඒ රෝස කම්මුලක තොල් තිබ්බා
'මං මොකක් කියන්නද කිව්වෙ මට ආ, මැඩම් ට අමතකයි වගේ ඒක '
ජිල් බෝල වගේ ඇස් ලොකු කරපු කෙල්ල,ඊළඟට
කොල්ල කියපු දේ කනකට ගත්තෙ නැතිව ඒ ඉඹපු කම්මුල අතින් පිහින්න ගත්තා

YOU ARE READING
????? ??
Romance"????? ??? ?????? ???????? ????,?? ??? ??? ????? ???? ???? ?? ?? ???? ?????? ???? ???, ??? ????? ?? ????? ???????? ??" ~ ????? ????? ? ?????? ~ " ?? ?? ???????? ????? ?? ,??? ???????? ????? ??????? ???? ????? ??? ????? ??????? ??...