3rd POV.
හොදටම නින්ද ගිහින් හිටිය ආත්මව පරිස්සමෙන් ඇදෙන් තියපු ලියෝන්, ඉෂීර්වත් එක්කගෙනම බැල්කනි එකට ආවේ කරන කතා බහ හේතුවෙන් ආත්ම අවදි වේයැයි බයෙන්. බැල්කනි එකට ආව ගමන් ලියෝන් ට තුරුල් උන ඉෂීර් ඒ තුරලෙ ඉදන්ම කතා කරන්න ගත්තා.
"සුදු අයියේ..."
"පැංචා."
"ඇයි ඔයා ඒ දරුවා ගැන ලොකු දැනගන්න එක වැලැක්වුවේ."
"පැංචා."
"ම්ම්.."
"අපිට ඒ කතාවට මැදිහත් වෙන්න බෑ දරුවෝ. හේතු කිහිපයක් තියෙනවා."
"මොනවද?"
"එක, නිඛිල්ගෙයි විහේන්ගෙයි මරණය ඇක්සිඩන්ට් එකක් නෙවෙයි ඒක මිනී මැරුමක්. මට හිතෙනවා එයාලගෙ ටාගට් එක යුවාන් පුතා කියලා. එයාලට ඕනේ යුවාන්ව. මට හිතෙනවා මේ ගැන සැකයක් අනිවාර්යයෙන්ම නිඛිල් ට හෝ විහේන් ට තිබ්බා කියලා. ඒකයි එයාලා යුවාන්ට ආරක්ෂාවක් දාලා තියෙන්නෙ. ආත්ම කීව රුද්රාක්ෂ මාලෙ ඒක වෙන්න ඇති."
"සුදු අයියා ඒවා ඔක්කොම ගෙස් නේද?"
"ම්ම්..ගෙස්. ඒත් නිවැරදි වීමේ සම්භාවිතාවය සෑහෙන්න වැඩියි."
"ම්ම්"
"දෙක, නිඛිල් විහේන් දෙන්නා ගැන දන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම අපි ගැනත් දන්නවා. පව්ලෙ බලවත්කම මත කිට්ටු නොවුනත් ඇහැ ගහන් ඇති. යුවාන් මෙහෙ එනවා කියන්නෙ යුවාන් කව්ද කියලා එළිවෙනවා. තේරුම දෙන්නම අනතුරේ."
"ම්ම්...ඒකේ ඇත්තක් තියෙනවා සුදු අයියා."
"තුන, යුවාන්ව දැක්ක තැන ඉදන් ආත්ම එයාට බැදිලා. ඒත් ආත්මට මේ ගැන idea එකක් තාම නෑ. ඉතින්,"
"ආත්ම එයාගෙ හැගීම් අදුරගන්න වෙනවා."
"අනිවාර්යෙන්ම"
"ම්ම්, සුදු අයියා කියන දේ ගැන පැහැදිලිව හිතුවොත්, අපිට තියෙන්නෙ ඒ ආදර කතාව දිගෑරෙන්නෙ කොහොමද කියලා බලන් ඉන්න."
"ම්ම්, එයාලට දරාගන්න බැරි ප්රශ්නයක් ආවාම මැදිහත් වෙමු."
.
.
.
.
හිමිදිරි උදෑසනේම මායි මගෙ බොක්කයි ගරාජ් එකට ආවත් මම බලාපොරොත්තු උන රූපෙනම් දකින්න හිටියේ නෑ. ගරාජ් එක ඇරලා දාලා ධාරව් අතුරුදහන් වෙලා. කොහෙ ගිහිල්ලද මේ උදේම, එයාගෙ කෙල්ලව බලන්නවත්ද? එහෙම හිතද්දිත් මගෙ පපුව රිදෙන්න ගන්නවා. මට ඉක්මනින් cardiologist කෙනෙක්ව හම්බවෙන්න වෙයි මෙහෙම ගියොත්. සිතුවා චූටිගෙන් ආව කෝල් එකක් ආන්සර් කරන්න කියලා එළියට ගියාම මම කලේ බුදු පහන ලග තිබ්බ හිස් මල් වට්ටිය අතට ගත්ත එක. ධාරව් එනකම් බුදු පහන තියන්න මල් කඩන්න ඕනේ.
YOU ARE READING
???????.....
Fantasy?????? ????? ???? ??? ??? ??? ???? ????????? ??? ?????? ???? ????. -????- ???? ???? ??????? ??? ??? ????? ?????, ?? ???? ??? ?????? ????? ????????. -??????- ?????? ????? ??????????? ??? ???? ???????? ??????, ?? ????????, ????? ?????? ???????, ?????...
