(නො)නිම්

By _U_N_I_

2.6K 129 130

ආදරය යන වදනට අරුත් දුන් හදවතක කතාව... More

(නො)නම්
(නො)නිම් දිනපොත 1
(නො)නිම් 01
(නො)නිම් 02
(නො)නිම් 3
(නො)නිම් 04
(නො)නිම් 05
(නො)නිම් 07

(නො)නිම් 06

142 11 14
By _U_N_I_

තෙරක් නොපෙනෙන කතරක අතරමවී මිරිඟුවට පවා රැවටෙද්දී කටු පිරුණ පතොත් සෙවන පවා මහ මෙරක් තරම් වටිනවා.. යන මඟ පවා නොදැන මඟට බැස හිස් හැරුණ අත යන්න ඉදපු උදුල්ගේ තනියට නෙතිජත් එකතු වෙද්දී ඒ ආව ගමන අවසානයේ නතර වෙලා තිබුණේ නම් මෘදු සිනිඳු මල් යහනක නොවී රළු කටු ඉඹුලකයි.. ඒත් ඔවුන් දෙන්නා හිතූවෙම දවසක මේ කටු ඉඹුලෙත් මල් පිපෙයි කියලා වෙද්දී  ඔවුන් ඒ විසල් දොරටුවෙන් ඇතුල් වුනේම ඕනෑම දෙයකට මුහුණ දෙන්න හිත හදාගෙනයි...

නිවාඩු නිකේතනයේ කාටවත් වැඩිපුර ඇස නොගැටෙන තැනක තිබුණ මේසයක් වටා වාඩිවෙලා හිටියේ හැඩිදැඩි පිරිමි හතර දෙනෙක් වෙද්දී ඒ අතරින් දුරකථනයෙන් කතා කරමින් ඉන්නේ රත්තරන් බව උදුල් ඈත තියාම අඳුන ගත්තා.. 

"හ්ම්... හරි.. උඹ බයනොවී ඉදපන්.. මම බලාගන්නම්... හ්ම්... අපේ එකෙක් එයි දැන් ඔතනට.. හ්ම්...   හ්ම්....   නෑ.... නෑ... හොයන්න දෙයක් නෑ... දැනටම මෙතන ඉන්නවා... හරි... එහෙනම්... තෙරුවන් සරණයි..."

දුරකථන සංවාදයේ ඉදපු රත්තරන් වරින් වර යමක් ගැන කියවද්දී එහාපැත්තෙන් කතා කරන කෙනා කියුවේ මොනවද ඇහුනේ නැතත් ඒ කතා කලේ බරපතල කාරනාවක් ගැන කියන එක රත්තරන්ගේ මූණේ හැඟීම් වලින් කියවුණා... රත්තරන් සංවාදය අවසන් වෙලා කෙලින්ම බැලුවේ උදුල් දිහා වුනත් ඊළඟට ඒ බැල්ම නෙතිජ ලග නතර වෙද්දී නෙතිජට තරමක අපහසුවක් දැනුනා...

"උඹ දන්නවද දැන් කතා කලේ කවුද කියලා...."

රත්තරන් එකහෙළාම නෙතිජ දිහාම බලාගෙන අහපු ප්‍රශ්නයෙන් නෙතිජ වගේම උදුල්නුත් වික්ෂිප්ත වුනත් නෙතිජ හිස දෙපසට හොලවලා ඉක්මනින්ම නෑ කියලා උත්තර දුන්නේ රත්තරන්ට තරහා යයි කියලා බය හිතුන නිසයි..

"ඒ කතා කලේ සවෙත්.... උඹේ අම්මා මාර ගෑණියෙක්නේ බන්.. උඹ ගෙදරින් ඇවිත් පැය දොළහක් වුනේ නෑ සවෙත්ව පොලිසියට මාට්ටු කරලා අන්න.."

රත්තරන් කියපු දේ එක්කම උදුල් වගේම නෙතිජ කලබල වුනත්  එයාලා මෙතනට එන්නත් කලින්ම රත්තරන් එයාලව බලාපොරොත්තුව හිටියා කියන එක එයාලා දෙන්නම තේරුම් ගත්තා.

"සවෙත්ට මොකද වුනේ.. "

"උඹලා දෙන්නා හිතන් ඉන්නේ හෙන පොරවල් කියලද... ඒ නිසාද අරූව දාලා මාරුවුනේ... "

"එහෙම දෙයක් නෑ අයියේ.. වේත් අපි නිසා කරදරේ වැටෙනවට අපි කැමති නෑ.."

රත්තරන් ඉන්නේ මොන විදිහේ හැඟීමකින්ද කියන දේ තේරුම් ගන්න අමාරු වුනත් උදුල් හරි යටහත් පහත් විදිහට උත්තර දුන්නේ එයාලා වරදක් කරලා කියන දේ තේරුන නිසයි...

"අනේ.. පලයන් බන් යන්න.. මෙන්න මුගේ අම්මා මූ අතුරුදහන් වෙලා කියලා පොලිසියට පැමිණිලි කරලා.. ඒ මදිවට මූ සවෙත් එක්ක ගෙදරින් එලියට යන සී සී ටී වී කොටේජ් වගයක් පොලිසියට පෙන්නලා. "

නෙතිජ අම්මාගෙන් මේ විදිහේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුව හිටියා වුනත් මේ තරම් ඉක්මනට අම්මා සවෙත්ව මේකට සම්බන්ධ කරගනී කියන එක නෙතිජ බලාපොරොත්තු වුනේ නෑ..ඒත් දැන් දේවල් සිද්ධ වෙන්නේ මේ විදිහට වෙද්දී නෙතිජ පාඩුවේ බලන් ඉන්නත් කැමති වුනේ නෑ..

"දැන් සවෙත් කෝ අයියේ.."

"ඌ තමා පොලීසියේ..."

උදුල් අහපු ප්‍රශ්නයට ඕනවට එපාවට වගේ උත්තර දුන්න රත්තරන් තමන් ලග ඉදපු තුන්දෙනා දිහාට හැරිලා කතා කරන්න පටන්ගත්තේ උදුල් වගේම නෙතිජ එතන ඉන්නවා කියලා කිසිම ගානක් නැතුව වෙද්දී ඒ කතාව ඉවර වෙනකම් ඒ දෙන්නම ඉවසීමෙන් බලන් හිටියා..

"මේ ලොකූ... උඹ අර බඩු ටික අදාළ තැනට යැව්වනේ.... "

රත්තරන් අහපු දේට ලොකූ කියලා ආමන්ත්‍රණය කල කෙනා අත මිටමොලවලා මහපට ඇගිල්ල ඉහලට ඔසවල හැමදේම හරි කියලා පෙන්නුවේ වචන නාස්ති කරන්න අකමැතිව වගේ වෙද්දී රත්තරන් දිගටම කතාව කරගෙන ගියා..

"අනික චූටා උඹ අර අලුත් කෙල්ලව ස්පා එකට දැම්මද.. මේ මම මේවා ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑනේ.. උඹලා ගානට බලලා ශේප් එකේ වැඩේ කරන් යමන් හරිද.."

මෙතන වැඩ කෙරෙන පිලිවල තමන්ගේ ගෝලයෝ තුන්දෙනාට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ කියලා රත්තරන් දන්නවා වුනත් හැමදාම වගේ මේ දේවල් අහන්න පුරුද්දට කියලා එයාලා දැනගෙන හිටියා..

"එහෙනම් උඹලා දෙන්නා දැන් යමන් මම පස්සේ කෝල් එකක් දෙන්නම්... යන ගමන් මූවත් පොලීසිය ලගින් හලාගෙන පලයන්.. "

එතන ඉදපු පිරිමි තුන්දෙනාගෙන් ලොකූ චූටා කියපු දෙන්නට තිබුනේ බැලූ බැල්මට බය හිතෙන පෙනුමක් වුනත් පොලීසිය ලගින් දාගෙන යන්න කියපු කෙනා නම් ටිකක් වැදගත් පෙනුමට ඉද්දී ඒ කෙනා පෙනුමෙන් පවා යමක් තේරුම් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ගේ හිත් දිනාගන්න කෙනෙක් බව පේන්න තිබුණා..

"අයියේ.... අපිත් පොලීසියට යන්නද..."

කටවහන් ඉන්න බැරිම තැන උදුල් එහෙම ඇහුවත් රත්තරන් කියපු දේවල් නිසා ඒ කට ඉබේම වැහිලා ගියේ මෙතන ඉදන් සිද්ධ වෙන හැමදේම සිද්ධ වෙන්න ඕන රත්තරන්ට ඕන විදිහට බව උදුල් නෙතජ දෙන්නම තේරුම් ගද්දීයි..

"අනේ මල්ලී මේ... පකක් කියවන්න එපා... මූ ගිහින් සවෙත් ගැන බලාගනී..  මම ඌට පොරොන්දුවුනා මොනවා වුනත් උඹලා දෙන්නව පොලිසියට යවන්නේ නෑ කියලා.. දැන් මෙතන බලන් ඉන්නේ නැතුව ඇතුලට ගිහින් නිදාගනින්... ඔය කෙලවරේම කාමරේ කවුරුත් නෑ දෙන්නට එක කාමරේ ඉන්න එක අවුලක් නෑනේ"

සවෙත් ගැන හිතලා සවෙත්ව තනිකරලා ආවත් සිද්දවෙලා තියෙන්නේ හිතුවේ නැති දෙයක් වෙද්දී සවෙත් තරම් එයාව තේරුම් ගත්ත එයා ගැන හිතන වෙන කෙනෙක් නෑ කියන එක උදුල් තේරුම් ගත්තේ සවෙත් කලින් ඉදන්ම හැමදේම වෙන පිලිවල දැනගෙන රත්තරන්ට හැමදේම කියලා තියෙන බව තේරුණ නිසයි..

රැයක් එලිවෙනකම් අවදියෙන් ඉදලා  ඇගේ අමාරුවලට වඩා හිතේ අමාරු වැඩි නෙතිජ උදුල් දෙන්නම රත්තරන් පෙන්නපු කාමරේට යද්දී රත්තරන් ලග ඉදපු තුන්දෙනත් පිටවෙලා යන්න ගියා...

මේ හැමදේම සිද්ධ වෙන අතර තුර නෙතිජ ඕනවට වඩා නිහඬ වෙද්දී උදුල්ට නෙතිජ ගැනත් බයක් දැනුන වුනත් නෙතිජ මෝඩ වැඩක් නොකරයි කියලා උදුල් විශ්වාස කලා.. 

"අයියේ දැන් අපි මොකද බන් කරන්නේ..."

නෙතිඡගේ නිහඬ බව දරාගන්න බැරිම තැන උදුල් කතා කලත් නෙතිජට ඒකට උත්තර දෙන්න වුවමනාවක් නැති වෙද්දී උදුල් නම් කතා කරන එක නතර කලේ නැත්තේ හිතේ බය නිසා බව නෙතිජට තේරුණා..

"දුල්.... මේ අහපන් බය නොවී ඉදපන් සවෙත්ට මොනවත් වෙන්නේ නෑ.. පැමිණිල්ල දාලා තියෙන්නේ අම්මා වුනත් මම කැමැත්තෙන් ආව ගමනක් නිසයි මට දැන් දහඅටට වැඩි නිසායි එයාලට මොනවත් කරන්න බෑ.. "

"සවෙත්ට කරදරයක් වෙන එකක් නෑ නේද බන්.."

"බය නොවී ඉදපන්කෝ රත්තරන් අයියත් එයාගේ කෙනෙක් පොලීසිය යැව්වනේ සවෙත් ගැන බලන්න..ඌට අවුලක් වෙන එකක් නෑ.."

"හ්ම්... අපි මොනවා කරත් සවෙත් හැමදාම අපිට වඩා ඉස්සරහින් හිතුවා.. දැන් වුනත් ඌ පොලීසියේ ඉදගෙනත් අපි ගැන හිතනවා "

උදුල් කියපු කතාව එක්ක නෙතිජ මේ තරම් වෙලා හිතේ තියාගෙන ඉදපු දෙයක් උදුල්ගෙන් ඇහුවේ උදුල් මේ තරම් කලබල වෙන්න හේතුව ඉවෙන් වගේ දැනුන නිසයි. 

"හ්ම්... උඹ දන්නවද සවෙත් තමයි මට මුණගැහුණ හොදම යාලුවා.... ඒත් මම දන්නවා උඹට ඌ දිහා යාලුවෙක් විදිහට බලන්න බෑ කියලා..ඇත්ත කියපන් උඹ ගෙදරින් ආවේ ඌ නිසා නේද..."

උදුල් මේ තරම් වෙලා හංගාගෙන ඉදපු රහස නෙතිජ ඒ විදිහට එලිකරද්දී උදුල්ට පුදුමයක් නොදැනුනත් මහ වරදකාරී හැඟීමක් දැනුනේ යාලුකමට එහා ගිය හැඟීමක් සවෙත් ගැන උදුල්ගේ හිතේ කාලයක් තිස්සේ හැංගිලා තිබුණ නිසයි...   

"මම තාත්තට කියුවා මට කෙල්ලො ගැන හැඟීමක් නෑ කියලා.. මම කැමති කෙනෙක් ඉන්නවා කියලා..."

"සවෙත් දන්නවද උඹ ඌට කැමති කියලා... අඩුම උඹ කොල්ලොන්ට කැමති කියලා..."

"මම කොල්ලන්ට කැමතිද කියන්න ඌ තියා මමවත් දන්නේ නෑ බන්.. මට තේරෙන කාලේ ඉදන්ම මගේ හිතේ කැමැත්තක් තිබුනේ වේත් ගැන විතරයි.. වේත් ඇරෙන්න වෙන කිසිම එකෙක්ව මට පෙනුනේ නෑ.. ඉදිරියටත් පෙනෙන එකකුත් නෑ..."

තමන්ගෙ හිතේ තිබුණ රහසක් උදුල් ඒ විදිහට එලිකරද්දී නෙතිජ තේරුම් අරන් තිබුනා මේ හැමදේම මෙතනින් ඉවරවෙන්නේ නෑ මේ ගොඩක් දේවල් වල ආරම්භය විතරයි කියලා..

මතුසම්බන්ධයි....

හැමදේම පටන්ගන්න තැන.....මෙතන ඉදන් ඉස්සර ගොඩක් දේ වෙයි

Continue Reading

You'll Also Like

244K 19.6K 92
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්න...
21.1K 2.2K 23
සේද්‍ය සෙංකොට්ටං ගෙඩියක සුවද වරා මලකින් හැමුවොත්.......ඒ සුවද මං මේ ලෝකෙ ආසම සුවද වේවි........" ...
64.7K 7.2K 50
In "DHOKA: The Trial of Relationships," a once-close family of four brothers is torn apart by a devastating misunderstanding. The eldest brother, a p...
30.2K 2.7K 47
අරලිය පාට තැවරුණු, ගිවිසගත් වස්සාන හාදුව..!