එය රිදුම් දෙයි...
තවමත් නොනැවතී සිදුවෙයි...මට ඔබව අහම්බෙන් මුණගැසුණු මුල් දිනේ සිට,
මම ඔබ වෙත නැඹුරු වන්නට ඇති...සැබවින්ම මට ඔබේ දෑස් දෙස පවා
කෙලින් බලන්නට නොහැකියි...
ඔබේ සිනිදු අත්, ඔබේ සුදු මුහුණ
මට එකම එක වරක්වත්
ස්පර්ශ කළ නොහැකියි...
ඒත් මට ඔය විනිවිද පෙනෙන තොල්
සිප ගන්නට උවමනායි...."මම ඔබට ආදරෙයි..."
ඔබ මා ඉදිරිපිට සිටින විට
ඒ වදන් පවසන්නට උවමනා වුනත්
මේ ලෝකයේ සෑම කෙනෙක්ම පවසනා
වචන ඒවා වුනත්
තවමත් එය පවසා ගත නොහැක්කේ මට පමණි....
මම මෝඩයෙක් වගේ
කොපමණ වාරයක් පුහුණු උනත්
වැරදි වචනම විතරක් මා මුවෙන් පිටවෙයි...මට ඔබට ලංවෙන්නට හැකිවුනා නම්
මම ඔබට ආදරෙයි කියා
දස දහස් වාරයක් තනියම කියාගනිමින්
ඔබ නිරන්තරයෙන් ඇවිදින තැන්වලට
මමත් සෙමින් පැමිණෙන්නෙමි...නොසන්සුන් වුනත් මම අද එය ඔබට පවසන්නෙමි...
"මම ඔයාට ආදරෙයි..."
කරුණාකර මොනවා හෝ පිලිතුරු ලෙස මට කියන්න,
මේ මොහොත එතරම්ම මට රිදවයි...කිසිවෙකු නොදැන,
අප දෙදෙනා අතරත් රහසක් පමණක් නම්...
කිසිවෙකු නොදැන සිටියාට මේ ආදරයට අපි ඉඩ දෙමු...
ආදරය කරමු
අපි දෙදෙනාම ආදරය කරමු...

YOU ARE READING
PROMISE | SS501
PoetryA promise..!!! Is it just a promise? ? SS501 Songs ? Language - Sinhala