抖阴社区

??? ????? ??????

2.7K 289 109
                                        

"උඹට හොද අනාගතයක් තියෙනවා හන් ටේ.පොලිස් ඔෆිසර් කෙනෙක් විදියට..."

යූන්ගියි,හන්ටේයි හිටියේ ජියෝන් මැන්ෂන් එකෙන් එළියේ එයාලගේ ගාඩන් එකට වෙලා.

"තැන්ක් යූ සර්."

"හැබැයි මෙහෙමයි,මට ඒක නැති කරලා දාන්නත් පුලුවන්."

හන්ටේ ගැස්සිලා ගියා.

"මොකක්?"

"ජන්ග්කුක් එතකොට මින්සු කියන්නේ මගේ සහෝදරයෝ වගේ..මින්සුගේ අප්පා මැරිලා සති තුනක් විතර වෙනවා.තමුන් තාමත් ඒක ගැන හොයනවා...හරි ඒක හොඳයි තමයි.ඒත් උඹ මෙහෙම හිතපන්.උඹගේ අප්පා නැතිවෙනවා."

"සර්!."

"හරි හරි බන් මම ඒක නිකන් කිව්වේ.ඒකෙන් දුක හිතිලා අඬ අඬ ඉන්න කොට මම ඇවිත් කියනවා ඒක නිකන් මරණයක් නෙවෙයි කවුරුහරි එයාව මරලා කියලා...ඊටපස්සෙ උඹට දුක මදිවට බය,එතකොට තරහ දැනෙනවා නේද?."

"ඔව් සර්."

"අන්න ඒ වගේ තත්ත්වෙක තමයි එයාලත් ඉන්නේ.අනික මින්සු,එයා දරුවෙක් ලැබෙන්න ඉන්න ඔම්මා කෙනෙක්.එයාට මේ දේවල් දරාගන්න අමාරුයි...ඔයා මේ කරන්නේ කෙනෙක්ට හොඳක්.පොලීසිය ඉන්නේ වැරදිකාරයන්ට දඬුවම් කරන්න විතරක් නෙවෙයි.හොඳ අයව ආරක්ෂා කරන්න..මං හිතනවා මං කියපු දේවල් ඔයාට තේරෙන්න ඇති කියලා."

"ඔව් සර්."
හන් ඔලුව නවාගෙන උත්තර දුන්නා.

"හ්ම්..පර්ෆෙක්ට්...හැබැයි උඹ ආයෙත් ජියෝන් ෆැමිලි එකට වදයක් වුණොත් මමත් මම පොලිස්කාරයෙක් කියන එක අමතක කරයි.දැන් උඹට යන්න පුලුවන් කොල්ලෝ.කේස් එක ක්ලෝස් කරන එක උඹට බාරයි."

යූන්ගි හන්ගේ පිටට තට්ටු කරලා ඇතුළට ආවා.

"හරි සර්."

යුන්ගි ඇතුළට ආවම කොල්ලො තුන් දෙනාම එයා දිහා බැලුවේ බයෙන් වගේ.

"ගියාද?"

"ඔව්.ඌ ගියා... මොනවා වුණත් කොල්ලා වැඩ්ඩෙක් හැබැයි."

??? ????? ?????? |???| ?? ||?????????||Where stories live. Discover now