Viyana's pov...
මන් කාමරේ ජනේලේ ලගට වෙලා එලියේ වහින දිහා බලන් හිටියා..වැස්ස කියන්නෙත් සොබාදහමේ හරි අපූරු නිර්මානයක්...වහින හැමසැරේකම වගේ මට හිතුනේ මේ වහින්නේ අහස මහපොලවට තියෙන ආදරේ පෙන්නන්න කියලා...හෝ ගාගෙන ලොකු වැහිබින්දු පොලවට කඩන් වැටෙද්දි මට හිතුනෙම කවදාවත් එක්වෙන්න බැරි හින්දා අහසයි පොලවයි එකිනෙකාට ආදරේ දක්වන්නේ වැස්සගෙන් උදව් අරන් කියලා...
ඔහොම වැස්ස දිහා බලන් හිටපු මාව ගැස්සිලා ගියේ කවුරුහරි හයියෙන් දොරට ගහනවා ඇහුන නිසා...මේ මහ වැස්සේ කවුද මේ කියලා බලන්න ගියපු මන් දැක්කේ....👀
_________________________________________ජිමින්ටවත් නොකියා හදිස්සියේ රූම් එකෙන් දුවගෙන ආපු යුන්ගිගේ ඇස් හෙව්වේ එක රූපයයි ඒ යොන්ජුන්ව...වියානා ගැන දැනගන්න තිබ්බ එකම අවස්තාව මග ඇරුනාදෝ කියලා දෙගිඩියාවෙන් යුන්ගිගේ ඇස් යොන්ජුන්ගේ රූපේ හැමතැනම වගේ හෙව්වා...කොච්චර හෙව්වත් යුන්ගිට යොන්ජුන්ව හම්බුනේම නෑ...ඒත් අහම්බෙකින් යොන්ජුන්ගේ ඇස් නතර උනේ කියාරා ගාව..ඒ කියාරා කියලා යුන්ගිට ලාවට මතකයක් තිබ්බා දවස් දෙකක්ම දැක්ක නිසා ..ඉක්මනට කියාරා ගාවට දුවපු යුන්ගි දැක්කේ ලේඩි ඩොක්ට කෙනෙක් එක්ක කතාකරන යොන්ජුන්ව. යුන්ගිට තිබ්බ හදිස්සියට එතන කවුද ඉන්නේ කියන එකවත් ගානක් තිබ්බේ නෑ..
"මගේ වියූ කෝ මිනිහෝ...කෝ කියපන් මගේ වියානා..."
යුන්ගි පැන්න ගමන් යොන්ජුන්ෆේ කොලර් එකෙන් අල්ල ගත්තේ වටපිටේ මිනිස්සුත් හැරි හැරි බලද්දි...
"මොනවද කියවන්න්නේ තමුන්..අරහෙට වෙනවා..අතෑරපන් මාව..පිස්සු හැදිලද"
"ඔව් ඔව් පිස්සු හැදිලා හොද හිතින් කියපන් කෝ මගේ වියානා උබ මගේ කෙල්ලව දන්නේ කොහොමද කියපන්..මන් දන්නවා මගේ වියූ උබේ නෙමේ කියලා ඒ හින්දා කියපන් කෝ මගේ කෙල්ල කියලා එදා රෑත් මන් උබව අතෑරියේ මන් හොද සිහියෙන් නොහිටිය හින්දා ඒත් දැන්වත් කියපන් කෝ කෙල්ල.. "
යුන්ගි ගිනිපුපුරු පිට වෙන ඇස් වලින් යොන්ජුන්ගෙන් ඇහුවාම යොන්ජුන්ට තේරුනා මේ ඉන්නේ යුන්ගි කියලා..එදා රෑ අඩ අඩම වියානා යුන්ගි ගැන හැමදේම කිව්ව හින්දා යොන්ජුන් දැනන්හිටියා මේ දේවල්...කලබල කරොත් ප්රශ්නයක් වෙන නිසා යොන්ජුන් හිමින් යුන්ගිගේ කනට පහත් වෙලා...

YOU ARE READING
Still With You ?
Romance???? ??? ???? ???? ???????? ??????? ??????? ???? ?????? ??????? ??? ?????? ?????? ??? ??? ??? ??? ??? ??? ?????? ??? ????? !? Started date - 06/08/2023 End date - 19/09/2023