抖阴社区

Chapter 29 ?

72 14 2
                                        

මායි යුන්ගි හිටියේ එයාපෝට් එකේ ඉදලා ගෙදර යන ගමන්...අපි දෙන්නා අවුරුදු හයකට පස්සේ ආයිමත් ලස්සනට අපේ ආදරේ අලුත් කරන් දැනට අවුරුද්දකට ලගයි....කාලය මොන තරම්නම් ඉක්මනට ගිහින්ද මට තාමත් නිකම් එදා අර වැස්ස දවසේ යුන්ගි මාව හොයන් ආවේ ඊයේ පෙරේදා වගේ දැනෙන්නේ....අපි දෙන්නා අද උදේම එයාපෝට් ගියේ කියාරවයි යොන්ජුනුයි අවසාන වතාවට මුනගැහෙන්න....

ඔව්....කියාරයි යොන්ජුනුයි අද ඇමරිකා යනවා...ඒ දෙන්නා තනියෙන් නම් නෙමෙයි යොන්ජුන්ට හොද වයිෆ් කෙනෙකුයි කියාරට හොද ඔම්මා කෙනෙකුයි උන සේහි එක්ක...සේහි කියන්නේ යොන්ජුන්ගේ සෙකට්‍රි විදියට වැඩ කරපු ගෑනු ලමයා..යොන්ජුනුයි සේහි ගොඩක් හොදට ගැලපෙනවා ඒ වගේම සේහි කියන්නේ කියාරට හොදම හොද ඔම්මා  කෙනෙක්.. ඒ හින්දම මන් හිතනවා යොන්ජුන් සේහිව මැරි කරන්න ගත්ත තීරනේ ගොඩක් හොද තීරනයක් කියලා..

කියාරා නම් මුලින් කැමති උනේම නෑ සේහිට ඔම්මා කියන්න ඒත් පස්සේ පස්සේ යනකොට කියාරා සේහි එක්ක ගොඩක් එකතු උනා මොකද සේහි හැමතිස්සෙම කියාරා එක්කම හිටිය නිසා..ඒකට මාත් ගොඩක් බලපෑවා...මන් නිසා කියාරා සේහිට ලන්නොවී ඉන්න එකට මන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඒ හින්දා මන් පොඩ්ඩක් විතර කියාරාගෙන් ඈත් උනා මොකද මම කියාරගේ ජීවිතේ හැමදාම ඉන්න කෙනෙක් නෙමේ හැබැයි සේහි,එයා තමා කියාරගේ ඉතුරු ජීවිත කාලෙම එයාගේ ලගින්ම ඉන්න කෙනා එතකොට කියාරා සේහිට ලන්වෙන්නම ඕන...මොකද තව ලොකු වෙන්න ලොකු වෙන්න ගෑනු ලමයෙක්ට අම්මා කියන කෙනා තමන් ලගින්ම ඉන්න ඕන...ඒත් මන් කොච්චර ඈත් වෙන්න හැදුවත් දවස් දෙකකට සැරයක් හරි මේ පොඩි කෙල්ල මට කතාකරනවමයි....

මන් ගොඩක් සතුටු උනා ඒ ලස්සන පව්ල දැකලා එයලා සතුටින්..එහෙනම් එච්චරයි!
කියාරා මාව බදාගෙන ඇඩුවා එයාපෝට් එකේදි....මාව බලන්නත් එනවා කිව්වා..අනේ මගේ පන්ඩිත ආච්චි...අන්තිම වතාවට අත වනලා එයලා නොපෙනී යනකොට මට ඇත්තමයි මගේ කදුලු පාලනය කරගන්න බැරි උනා මොකද කියාරා මගේම දරුවෙක් මට...යොන්ජුනුත් මන් ආ ආ ඇති ඇති කියනකම්ම කරේ මට ස්තූති කරපු එක...කියාරා අන්තිමට යුන්ගිට කියපු එක මතක් වෙලා මට තවමත් හිනා...

Still With You ?Where stories live. Discover now