කේලන් තනුවර අල්මේදා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අල්මේදා පවුලේ එකම පුත්‍ර රත්නය.කේලන්ගේ අම්මා නැති උනේ කේලන් ඉපදෙනකොටමයි. කාලෙකට පස්සේ කේලන්ගේ තාත්තා රොසලී අල්මේද එක්ක විවාහ උනත් කේලන් නම් තදින්ම ඒ විවාහයට විරුද්ධ උනා. එයා රොසලිව දැක්කේ එයාගේ අම්මගේ තැන ගන්න ආව කෙනෙක් විදියට . කේලන් එදා ඉඳන්ම සෑහෙන්න අකීකරු රස්තියාදුකාරයෙක් උනා කිව්වොත් හරි. රෑ දොළහත් පහු වෙලා ගෙදර එන්න ඉස්කෝලෙන් හොරා පනින්න වලි දාගන්න හැමදේම කාලයක් යද්දී එයාට සුපුරුදු දේවල් උනා. රොසලි විතරක් ගෙදර නිසා එයාට කොහොමත් මේවට විරුද්ධ වෙන්න කෙනෙක් හිටියේ නෑ.
ඒත් කේලන්ගේ රස්තියාදුකාර හිත එක ගෑනුළමයෙක් ගාව නතර උනා.
නටාශා ...
කොල්ලාගේ හිත හොරකම් කරපු ප්‍රසිඩන්ට් කොලේජ් එකේ සුන්දරිය. හැබැයි අන්තිමට කේලන්ට නටාශා ගැන දැනගන්න ලැබුණේ එච්චර හොඳ කතා නෙමේ. මුලු බෝයි ස්කූල් හතරෙන්ම එක ගානේ කොල්ලෝ හතර දෙනෙක් එක්ක නටශා ඩේට් කරනවා කියන එක. යාලුවෝ කේලන්ට කොහොම තේරුම් කරන්න ගියත් කේලන් නෙමේ ඒවා කනකට ගත්තේ. හැබැයි අන්තිමට එයාගේ ඇහැටම නටාශා වෙන කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝස් ටික අහු උනාම නටාශමයි බඳින්නේ සිහිනය නිල්වලා ගඟ දිගේ ගලාගෙන ගියා.
අදත් කොල්ලා ඒ කොල්ලෙක් එක්ක ලොකු වලියක් දාගෙනයි හිටියේ . මේ ඔක්කොම කල්පනා කරන ගමන් කේලන් ආවේ සමුද්‍ර බුක්ශොප් එකට. කිව්වට ඉතින් පොත් කියවන්න නෙමේ ආවේ. කේලන්ගේ යාලුව ලයින් කරන ගෑණු ළමයට පණිවිඩයක් දෙන්න. කෙල්ල එනකම් කේලන් පොත් රාක්ක අස්සේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ගියා. කවද කියෝපු පොත්ද ඉතින් .
" සර් මොනවද බැලුවේ ? "
" ෆැන්ටසියක් "
ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා මොනවද බැලුවේ කියල ඇහුවම මුකුත් නොකිය බැරිකමට කේලන් එහෙම කිව්වා. හැබැයි එයා දැනන් හිටියේ නෑ මේ උත්තරේ ජීවිතේ වෙනස් කරන්නයි යන්නේ කියල .
" මේ ටික කොහොමද බලන්න සර්. මේක අලුතින්මයි ආවේ "
" ආ මන් මේක ගන්නම් "
" පෙරලලවත් බලන්නැද්ද ? "
" ඔයා වගේ ලස්සන කෙල්ලෙක් කිව්ව නම් වරදින්න විදියක් නෑනේ . නම්බර් එක දෙනවද ? "
" අනේ සර් "
ගෑනූළමයාත් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී කේලන් ෆෝන් එක දික් කරා නම්බර් එක ගන්න.
" උඹ මොකටද මගේ කෙල්ලගේ නම්බර් එක ඉල්ලන්නේ ? "
" කවුද කැරියෝ උඹේ කෙල්ලගේ නම්බර් ඉල්ලුවේ . උඹට හොඳ ඇති මේකිව. "
ආපු නෝන්ඩියට කේලන් ශොප් එකේ දොර ඇරගෙන එළියට එන්න ගියත් එක පාරටම බෙල් එකක වගේ සද්දයක් එන්න ගත්තා.
" what the fuck "
" සර් පොත බිල් කරලා යන්න."
" ආයිශ් මට මේ.. මෙන්න "
" පන්දාස් දෙසීයයි "
" මේකට "
" ඔව් සර්. "
කාඩ් එක දික් කරලා පොත බිල් කරන් ආවට කේලන්ට කිසි අදහසක් තිබ්බේ නෑ පොතක් කියවන්න නම්. ඩච්මන්ට් එකෙන් කොෆී එකක් අරන් ආදිව් වෙරළ දිගේ ඇවිදන් ගිහින් ලොකු ගල් කුලකට නැග්ගා. වෙනද නම් කට්ටිය බෝතලයක් ගෙනල්ලා සෙට් වෙන තැන උනාට අද කේලන් තනියම හිටියේ .
" මේ මඟුලකටත් පන්දාහක් දැම්මානේ. ශිට්. නමවත් බැලුවේ නෑ. "
පොතේ පිටුවක් දෙකක් නිකන් පෙරලලා දාලා කොල්ලා ගල් කුලේ හාන්සි උනා. හවස ඉර බැහැලා යන ගෝල්ඩන් ටයිම් එක . දවසේ මිරැකල්ස් වෙන වෙලාව. ඉර එළිය විඳගන්න ගමන් ආදිව් ඇස් පියාගත්තා ..........
~ HEIRS OF CIALANTARA ~
සියලැන්ටාරාවේ උරුමක්කාරයෝ........
කතාව මඟ ......
දැනුයි පටන් ගන්නේ 😉😉😉
Love you as always ❤️❤️❤️
ඊලග කොටසෙන් හමුවෙමු ❤️❤️❤️❤️
Chapter 01 ?
Start from the beginning
