抖阴社区

Chapter 8 ???

23 9 22
                                    

" කේලන්.. කේලන් "

"ම්හ්ක්..ඉන්න දෙන්නකෝ අම්මේ .. "

" කේලන් මන් එමරල්ඩ් "

" ම්ම්ම්ම් අම්මා ... "

අම්මගේ උණුහුම වගේම උණුහුමක් දැනුන නිසා කේලන් තව තවත් උණුහුමට ඇදුණා. ඒත් ඒ තත්පර ගාණකට .. අඩ නින්දේ උනත් කේලන්ට ආයෙම එමරල්ඩ් කියන එක අඩ නින්දෙන් වගේ ඇහුණා.

" තමුසේ.. තමුසේ මොකද මාව බදාගෙන "

" කේලන් මාව වැළඳගෙන ඉන්නේ.. මට බදාගන්න බෑ කේලන්. ඇරත් බදාගන්නවා කියන්නේ මොකද්ද ? "

" හැමිණෙනවනේ "

" ඒ මොකද්ද කේලන්. "

" සුභ උදෑසනක් කියන්නේ එහෙම. ආරොන් ට සුභ උදෑසනක් කියන්න ඕන නම් එහෙම කියනවා. අර ගිනි යකාටත් ඒමයි. "

" ගිනි යකා ? "

එමරල්ඩ් ප්‍රශ්නාර්ථයක් වගේ මූණ හදන් කේලන් දිහා බැලුවේ කවුද ගිනි යකා කියලා බලන්න.

" අර ඊයේ පුක ගිනි තියන් හැමතැනටම ගිනි තිව්වේ.ඌ හිතන් ඉන්නෙ ඌ හනුමා කියලද ? පිස්සු උත්තා "

" මට කේලන් කියන දෙයින් අංශුවක්වත් තේරුම් ගන්න අපහසුයි කේලන්. ඒත් දැන් දෙයක් පැහැදිලි "

" පැහැදිලී පැහැදිලී. ඇල්වියා අක්කගේ ලේස් කෑල්ලෙන් පේන ඇතුල තරම් පැහැදිලි "
කේලන් මේ කියන්නේ ඇල්වියාගේ නිල ඇඳුමේ පපු ප්‍රදේශය ආවරණය කරන්න තියෙන ලේස් රෙදි වලින් කර මෝස්තරේ ගැන වෙන්න ඕන. ප්‍රශ්නේ ඒ වගේ දේවල් එමරල්ඩ් වගේ අහිංසකයන්ට තේරෙන්නෑ.

" ඇල්වියා කොහොමද මේකට සම්බන්ධ ?"

" ඒක අදාළ නෑ "

" ආරොන් හැමතැනම ඔබ හොයනවා කේලන්. ආරොන් ඇත්තටම කලබල වෙලා වගේ. ඇල්වියත් මුලු රෑම ඔබ හොයාලා."

"අහ්හ්හ්හ්හ්.. සුදු නෝනා මාව හොයලා.. දෙයියනේ දෙයියනේ.. මාව ඕන වෙලා. මන් දන්නවා කාටවත් බෑ මේ කේලන්ගේ මෙව්වා වලින් බේරෙන්න. මාතර කෑලී දාපු මට ඇල්වියත් කජ්ජක්ද අනේ "

" මාතර කෑලි කිව්වේ ? "

" මාතර කෑලී අනේ. උන්ගේ කැටයම් ඇම්බැක්කෙත් නෑ. එච්චර ලයින් එක. එලිපන්ට් පුකෙන් ආවා කියලා හිතන් ඉන්නේ. එහෙව් කෑලී ලයින් කර මට ඇල්වියා ලයින් කරන්න බැරිය "

Empire In The HellWhere stories live. Discover now