" උඹ ඔහොම අඬලා හරියනව ද සුද්දා.. "
" පව් බන්..මගේ අම්මා.. "
" ඇයි සුද්දා මට කියුවේ නැත්තේ.. උබට මාව තිරිසනෙක් වගේද සුද්දෝ පෙනුනේ.. මන් ඒ තරම් නරක ද බන්..? "
කපරාරු නොකරපු බිත්ති හතරකට කොටු වෙලා කොනටම වෙන්න තිබුනු පරණ ඇද උඩ මන් බුද්ධිව තුරුලු කරන් හිටියේ.. ඌ මන් ගාවින් හෙලවුනේ නෑ.. මන් ආවේ උදේ.. දැන් රෑ දොළහත් පහු වෙලා.. මිනිස්සු මහ ගොඩක් නැති උගේ අම්මගේ මළගෙදර.. කරන්න වැඩක් නැති උනු ගමන් ම බුද්ධි කරේ අඬපු එක.. ඊයේ ඉදන් අඬපු නැති එකා ඉකි ගඟහා අඬනවලු.. දෙතුන් දෙනෙක් කියද්දි මන් අහන් හිටියා.. ඌ විතරක් නෙවි ඒ මනුස්සයා ඉදපු හැටි දැක්කම ජානුලටත් අඬන්න හිතෙනව.. සිගරට් පැකට් කීයකට මන් සල්ලි නාස්ති කරාද. බෝතල් කීයක්..ජොයින්ට් කීයක් නම් ගහන්න ඇති ද.. ශිට් ජානුල උබ..
" කැ# කතා කියන්නෙපා ජානුල.. මන් කවදාවත් උබට වචනයක් කියලා නෑ .. "
කෙල්ලෙක් නෙස්කැෆේ එකක් කාමරේ ඇතුළටම ඇවිත් ඇල්ලුවා.. බුද්ධියා මගේ උරහිස උඩ.. ආපු එකී පට්ට දුකෙන් බුද්ධියා දිහා බැලුවේ. හරි මන් වත් සුද්දා මෙහෙම ශොක් වෙලා ඉන්නවා දැකලා නෑ.. ඒත් ඒකි දාපු පඩ ලයින් එක මට ඇල්ලුවේ නෑ..බුද්ධිගේ ගමේ එක ඒ කෑල්ලද දන්නෑ.
" සුද්දා උබේ ෆෝන් එක.. "
බුද්ධි මගේ ෆෝන් එක සාක්කුවෙන් අරගෙන දිග් කරා.. මන් ආපු ගමන් ඌට කෝල් ගන්න ඒක දීලා තිබ්බේ.. කොහොමත් කරපු වැඩත් ෆෝන් එක තියාගන්න තරම් මානසිකත්වයක් මට තිබ්බේ නෑ.. සාලේ මැද නිදාගෙන ඉන්න අහිංසක මනුස්සයට අන්තිම මොහොතේ හරි දෙයක් කරලා තියන්න මට ඕන උනා.. ජානුල සතෙක් තමයි.. ඒත්.. උගේ උණු වෙන පැත්තක් තියෙනවලු.
" උබට වැඩ වලට ඕනනේ.. තියාගනින් බුද්ධි.. "
බුද්ධිගේ කොන්ද දිගේ උඩට අත ගෑවා.. ඌ අර බිත්තිය දිහා බලාගෙනම ඉන්නවා.. උගේ ඇස් වල වෙනදා තිබුනු කිසිම හැඟීමක් නෑ.. අඩු ගානේ උගේ ඇස් ඌට පණ තියෙනවද කියලවත් දන්නැද්ද කොහේද..
" එපා..උබේ කැම්පස් බඩුව දිගටම කෝල් ගන්නවා.."
ඉදුමුනු ඇස් වලින් බුද්ධියා කියද්දි මන් උගේ කොන්දට හෙමින් තට්ටුවක් දැම්මා.. කැම්පස් බඩුව තාම ඇද්දේ නෑනේ සුද්දා මේ ජානුල.. අනිත් එක කෝල් අරන් මන් ගැන හොයන්න තරම් එකියක් හිටියද නෑනේ..

YOU ARE READING
WHO I AM ?
Non-Fiction| YOU KNOW I MAY HOLD ON TO JUNE | | 'CAYSE ALL THAT YOU GO THROUGH | | I'M WITH YOU | ?? #1 playboy