抖阴社区

Test Paper 04

575 41 146
                                    

ආවර්තිතාවේ ප්‍රේමය......

ලිතියම් ආදරේ කරේ මැග්නීසියම්ට.ආස කරේ මැග්නීසියම් වගේ වෙන්න.හැසිරුනේම මැග්නීසියම් විදිහට...කෑවෙ බිව්වේ...ඇන්දේ කරේ...ඒ වගේම හුස්ම ගත්තෙත් මැග්නීසියම් විදිහට....ආත්මීය ආදරවන්තයෝ දෙන්නෙක් වගෙයි,ඒ දෙන්නා හිටියේ.

ඒත් දවසක් නපුරු රසායන විද්‍යාඥයෙක් ඇවිල්ලා ලිතියම්ව සෝඩියම් එක්ක බැන්දුවා.ආවර්තයේ පලවෙනි කාණ්ඩේ සෝඩියම් එක්ක ඉන්න ලිතියම්ට සිද්ධ වුණා. ඇයි එහෙම වුණේ? පරමාණුක ක්‍රමාංකය ගැලපුනා කියලා කවදාවත් ලිතියමුයි සෝඩියමුයි ගැලපුනේ නෑ ...
කේන්දර ගැලපුන හැමෝම සතුටින් හිටියේ නෑ දිමිත්‍රී...

ඒ නිසාම ලිතියම් මැග්නීසියම්ට ප්‍රේම කරන එක නැවතුනේ නෑ.....තමන් කරන හැම ප්‍රතික්‍රියාවක්ම වගේ මැග්නීසියම් කරන විදිහටම කරන්න ගත්තා.

ලෝකෙන්ම මැග්නීසියම් එක්ක අනියම් සබදතා තියෙනවා කියලා ලිතියම්ට අහගන්න වුණා...ඔව් විකර්ණ සම්බන්ධතා....මැග්නීසියම් වුණත් මේ හැම දේම ඉවසුවා ලිතියම්ට මුකුත් කියන්නේ නැතුව...ආදරේ නාමෙන්...

මට අහන්න තියෙන්නේ මෙච්චරයි.......

'දිමිත්‍රී දැන් ඉතින් සතුටුද? ඇත්තම ආදරවන්තයෝ වෙන් කරාට?'

කවදාවත් ඇත්තටම ආදරේ කරන කාවවත් ඔයාටවත් මටවත් වෙන් කරන්න බෑ දිමිත්‍රී..........

බුදු අම්මෝ.....මටත් එන අයිඩියාස්....ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉන්න කොට ආවර්තිතා වගුවකුත් ඇති,කවි ලියවෙන්න....මේ ඔක්කොම දාලා දවසක පොතක් ලියන්න ඕනේ.....

උදේ පාන්දරම මං class එකට ආවා.පේපර් එක ලියන්න.සුදු මහත්තයා තාම නෑ....මැසේජ් ඩිලිවර් වෙන්නෙත් නෑ....එයා offline...ඊයෙත් කිව්වා එනවා කියලා...අනේ ඇයි දෙයියනේ එයා නැත්තේ.....මොකක් හරි කරදරයක් ද? නෑ....නෑ.....මගෙ අයියට එහෙම මුකුත් වෙන්නේ නෑ....එයාට කරදරක් කරන්න පුළුවන් මට විතරයි.....හි හී ඔව් හනිමුන් එකේදී....ආඅව්ස් දෙයියනේ....ඒවා මතක් වෙද්දී මාව රතුවෙන්නේ නිකන් චෙරිගෙඩියක් වගේ.....

A/????? (Ongoing)Where stories live. Discover now