එදාම හවස තුන් දෙනා ආපහු ස්ටූඩියෝ එකට ආවට මොකද ශාවිද්‍යගේ ඔලුව වටේම කැරකුනේ වොශෲම් එකේ උන දේ..පොඩි කොල්ලා...අනික ගිහාන් අංකල්..ශාවිද්‍ය හෝටෙල් එකේදි ඉමෙතුයි නිරුලයි කියපුවා ගනන් ගත්තේ නැති එකේ හැටි දැන් තමා තේරුනෙ..අඩුම ශවිද්‍ය දැනගෙන හිටියේ නෑ ඒ කොල්ලා ගිහාන් අංකල්ගෙ පුතා කියලා..අඩුම රූපෙන්වත් අදුරගන්න බෑ..ගිහාන් අංකල්ගේ පුතා කියලා...දෙන්නා අහසට පොලව වගේ වෙනස්..."තුහින.....ඉන්න තැනකින් වරෙන් එලියට මං---"
"අනේහ්...."
පිටතින් ඇහුන කටහඩේ සද්දෙට ශාවිද්‍යව බදාගෙන හිටපු කොල්ලා අඩියක් පිටිපස්සට අරන් ශාවිද්‍යගේ පිටිපස්සෙ හැංගුනා...ඒත් එක්කම වොශෲම් එකේ දොර ඇරගෙන හැඩි දැඩි මනුස්සයෙක් කලබලෙන් ඇතුලට ආවා...
"ශාවිද්‍ය..........."
"ගිහාන් අංකල්....."
" තුහින එනවා මෙතන්ට...මං කතාකලා නේද තමුසෙට ආ එනවා කියන දේ අහලා.."
ශාවිද්‍යගේ පිටිපස්සේ හැංගිලා හිටිය කොල්ලා හිමින් සැරේ ශාවිද්‍යගෙන් ඈත් වෙලා හිමීට පොඩි කකුල් වලින් ගාට ගාට ගිහාන් ගාවට ඇදෙන කොට ශාවිද්‍යට එයාලගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බැරි නිසාම එයා පැත්තකට වෙලා හිටියා....
"තැන්ක්ස් පුතා කොල්ලව මෙතනින් යන්න නොදී තියාගත්තට...නැත්තන් මට හොයන්න හොටෙල් එක පුරාම යන්න වෙනවා..."
"...අහ්..අංකල් මං නෙමේ එයාව අල්ලගත්තේ..එයයි ආවේ මෙතන්ට..."
ශාවිද්‍ය එහෙම කියනකොට කොල්ලා හරි අසරන විදියට ශාවිද්‍ය දිහා බලන් හිටියා..එයාගේ මූන මැලවිලා ගිහින්...උදේට පිපුන මල් හවසට පර වෙලා යන්නේ කොහොමද ඒහා සමානව කොල්ලගේ මූන මැලවිල ගියා.....
"...ඉතින් පුතා මෙහේ....පුතාගේ යාලුවද අද බැදපු කෙනා..."
"..අම්..මං තමා වෙඩින් එකේ පොටෝ ශූට් එකට ආවේ..."
.".ම්ම් කොල්ලා දැන් ඉතින් ලොකුයි.."
ශාවිද්‍ය මුකුත් නොකියම හිනා උනා...
"අංකල් නිවාඩුද මේ දවස් වල ?"
"ඔව් කොල්ලා ඒලෙවල් ඉවර නිසා කොල්ලවත් එක්කගෙනම කෑම්ප් එකට යන්න කියලා..තාත්තගෙන් පස්සේ එයානෙ ඉන්නේ..."
