抖阴社区

???? ????????

3.3K 359 25
                                        

වෙලාව අටයි...ගිම්හාන තාම නැගිටලා නෑ..කොහොමත් ස්ටූඩියෝ එකේ කොල්ලෙක්ට අද එයා නිවාඩු කියනවා එයා අහගෙන.තුහින මේ ගෙදරට ඇවිත් මේ මාසේම එයාට නෝට් වෙච්ච දෙයක් තමා ගිම්හාන කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක් කියන එක...උදේට නැගිටින එක කෑම කන එක ස්ටූඩියෝ එකට යන එක ගිහින් එන එක පවා වෙලාවටම උනා..එයා හරි නීට් එකට වැඩ කරපු කෙනෙක්...තුහිනත්  එහෙමයි හරි පිලිවෙලට පවා වැඩ කලා..

තට්ටු දෙකට හරි චාම් සරල විදියට හදලා තිබුන ගෙදර හරි ලස්සන ගාර්ඩ්න් එකක් තිබුනා.එක පැත්තකින් සම්පූර්ණයෙන්ම තනකොල වවලා අනිත් පැත්තෙන් වාහන දාන්න හදලා තිබුනා.තනකොල අල්ලලා හදලා තියෙන පැත්තෙන් ලොකු පොන්ඩ් එකක් හදලා තිබ්බා.ඒකේ මැද බිම තනකොල අල්ලලා ඒක වටේට තමා අර පොන්ඩ් එක රවුමට හදල තිබුනේ...එතන  මැද swing එකක් තිබුනා සුදු පාට තීන්ත ගාපු..ඒකට යන්න ලස්සනට ගල් අල්ලපු පාරක් තිබ්බා...ඒක තමා මං ගෙදරට ආපු ගමන් දැක්ක ලස්සනම තැන...පොන්ඩ් එකේ තියෙන පැහැදිලි වතුරට ඒකේ ඉන්න පාට පාට මාලු පවා පේනවා...ලස්සනයි..

තුහින ඒක දිහා බලන් ඉදලා ආපහු සැරයක් කකුලෙන් පුංචි තල්ලුවක් දාලා swing එක පැද්දෙන්න ඇරියා...එයා නිකමට එතනට පේන roof top එක  දිහ බැලුවා...

එයා...

ගිම්හාන එතනට වෙලා පහල බලන් ඉන්නවා..ඒ ඇස් එක එල්ලේම තිබුනේ තුහින දිහාවට...එයාගේ ඒ බැල්ම නිසාම තුහිනට කෝල බවක් දැනුනා...එයාගේ පපුවම හිරි වැටුනා..ඒ බැල්ම ඒ තරම්ම පිස්සුවක්..තුහිනට ...ඒත් ගිම්හාන එක පාරටම එතනින් අහකට ගියා..අයෙත් විනාඩි ගානකට පස්සේ පහලට ඇවිත් තුහින ගාවට ආවා.

"තමුන්ගේ පෝන් එක දෙනවා.."

"මොන.."

"පෝන් එක."

"ආ...මට පෝන් එකක් නෑනේ.."

"මොකක් කිව්වා..පෝන් එකක් නෑ.."

"ම්ම්....තාත්තා කැමති නෑ මං පෝන් පාවිච්චි කරනවට..ඒ දවස් වල ඉදලම.."

"ඇයි..?"

"දන්නෑ..එයා දවසක් අම්මා මගේ උපන් දිනේට දීපු පෝන් එක දැකලා ඒක කැඩුවා..එදා ඉදන් මං පෝන් පාවිච්චි කරන්නේ නෑ.."

??????? ????? ( COMPLETE )Where stories live. Discover now