抖阴社区

                                        

ශාවිද්‍යට දෙයියෝ බුදුන් සිහි උනා...යකෝ මේ අවුරුදු දහ අටේ පොඩි එකාව ආමි එකට යවන්න..ගිහාන් අංකල්ට පිස්සුද කියලත් හිතුනා..ඒත් ඉතින් එයාට බෑනෙ එයාලගෙ දේවල් වලට මැදිහත් වෙන්න..ඒක නිසා.එයා කලේ ඔලුව වනලා හුම් ගාපු එක විතරයි..

"...අංකල් මේ කොල්ලව පරිස්සමෙන් බලාගත්තොත් හොදයි මොකද දැන් මෙතන්ටත් දුවගෙන ආවේ කවුද පස්සෙන් එලවනවා කියාගෙන.."

"..මේ කොල්ලා මුරන්ඩුයි පුතා..කියනදේ අහන්නෙම නෑ..දැනුත් මේ හොයාගන්න බැරුව ඉදියේ...කාමරේ ඉන්න කියලා මං පහලට ආපු ටිකට තමා ඇවිත් තියෙන්නේ..."

එහෙම කියපු ගිහාන් කොල්ලගේ අත ගැලවිලා යනතරම් තදට මිරිකුවා...පොඩි එකාගේ සිනිදු පොඩි අත් ඒ රලු අත් වලට පොඩි වෙලාම ගියත් කොල්ලා නෙමේ මීක් ගෑවේ...

"මං යන්නද අංකල් එහෙනම්.."

"හොදයි පුතා තාත්තව මතක් කලා කියන්න..."

"හරි අංකල්..."









"සදලි කියන්න කෙල්ලේ.."

"ඔයා කොහෙද ඉන්නේ ඩාලිං"

ඈතක ඉදන් පාවෙලා ආපු සදලිගේ කටහඩ වෙනස්ම විදියකින් ශාවිද්‍යට ඇහුනේ...

"බීලද ඔය...මං කිව්ව නේද පාර්ටි ගියොත් බොන්න එපා කියලා ලිමිට් නැතුව..."

"එන්නකෝ...බනින්න එපා අනේ..අහ්හ්...ශාවිද්‍ය එනවද  ? "

"දැන්....අනික පාර්ටිය ඉවර නෑනේද..."

"මං ඉන්නේ හොටෙල් **** එකේ...අහ්..ම්ම්"

ශාවිද්‍යට ඉමෙත් කියපු දේවල් එක පිට එක මතක් වෙන්න ගත්තේ සදලිගේ හැසිරීම ගැන එයාටම කලකිරෙද්දී...ඇත්තටම කෙල්ලෙක්ට ඕනිම දෙයක් ඕනවට වඩා ඕනි නෑ නේද...කොල්ලෙක්ට උනත්...

"ඔහොම ඉන්නවා මං එනකම් ඔතනින් හෙල්ලිලා තිබුනොත් මං උබට හොද වැඩක් කරනවා සදලී..."

ශාවිද්‍ය එහෙම කිව්වට මොකද එයාට හොටෙල් එකට ගියාට පස්සේ තමා අද අයියා කලින්  ගෙදර එන්න කියපු එක මතක් උනේ..ඒත් කරන්න දෙයක් නෑ...ශාවිද්‍ය ආපු එකේ හැරිලා යන්න බැරි නිසාම එයා සදලි කියපු රූම් එකට ගියා උනත් එයාගේ කකුල් දෙක කාමරේ දොර ගාව එහෙමම නැවතුනා...එහෙම යන එක හරිද ශාවිද්‍ය හිතුවා උනත් එකපාරටම කාමරේ දොර ඇරලා සදලි ශාවිද්‍යව කාමරේට ඇදලා අරගත්තා...

??????? ????? ( COMPLETE )Where stories live. Discover now