抖阴社区

01 ????....

1.4K 48 63
                                    

"එහ් අපේ අම්මගේ සුදූ දෝණි නැගිටිනවා පස්සට එලිය වැටෙනකන් දොයියන්නේ..."

"ම්හ්ක්‌...."

"ගෑනියේ නැගිටපන්කො 8ටත් කිට්ටුයි තෝ නිසා අද රැගක් සෙට් උනොත් නේ අනික පලවෙනි දවසේ බං අහ් ගෑනියේ නැගිටිනවා..."

චටාස්....

අහ් මොන මගුලක්ද මේ නිදාගන්න දෙන්නේ නෑ අනේ මට බෑ.. මං රෙද්දත් ඔලුවේ ඉදන් පොරව ගත්තේ මේ ගෑනිගේ කන් කරච්චලේ ඉවර නැති නිසා ඇයි වදේ...අප්පටසිරි කිව්වලු එකපාරටම මං ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඔලුවත් කස කස අද දවස ගැන කල්පනා කලේ හරිනේ අද කැම්පස් යන පලවෙනි දවසනේ... අනේ ඇයි මට නැගිටුනේ නැත්තේ...

"ගිහින් ඇග සෝදන් වරෙන් ඉක්මනට බං පලකො අහ් ඇදුම..."

මේකි මට මගේ ඇදුමත් අතට දීලා මාව බාත්රුම් එක පැත්තට තල්ලු කලේ මගේ ඔලුවත් බාත්රුම් එකේ දොරේ වැදෙනකොට... අහ්... මේකි ඔහොම්මමයි... ඊටපස්සේ හොදට නාගෙන අරකි දුන්න ඇදුමත් ඇදගත්තේ ඇත්තටම කිව්වොත් ඩෙනිම් ඒකයි දනිහිස ගාවට වෙන්න සුදූ පාට ටොප් එකයි ඇදගෙන කොන්ඩෙත් පිහදාගෙන එනකොටම මෙන්න මේකි මගේ ඇදත් අස් කරලා අනේ මගේ සන්කොටේ මෙච්චර ආදරයක් මට...

 ඊටපස්සේ හොදට නාගෙන අරකි දුන්න ඇදුමත් ඇදගත්තේ ඇත්තටම කිව්වොත් ඩෙනිම් ඒකයි දනිහිස ගාවට වෙන්න සුදූ පාට ටොප් එකයි ඇදගෙන කොන්ඩෙත් පිහදාගෙන එනකොටම මෙන්න මේකි මගේ ඇදත් අස් කරලා අනේ මගේ සන්කොටේ මෙච්චර ආදරයක් මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අහ් දැන් මේ ළමයි මං කවුද කියලා බලනවා ඇති හී මංනේ ඉන්නකෝ මං තමා ශනුලි අයෝද්‍යා දිසාසේකර කොහොමද නම ලස්සනයි නේ... එතකොට මේ මගේ සන්කොටේ තමයි සනුලි ආකාෂා දිසාසේකර... එයා ගැන කිව්වොත් මං කිරි බොන කාලේ ඉදන් මගේ අනිත් බාගේ.. අහ් මගේ නංගි නෙමේ ඉන්නකෝ කියන්න එයා තමා මගේ අම්මගේ මල්ලිගේ එහ් කියන්නේ මගේ අම්මගේ නිවුන් සහෝදරයාගේ ඒකම දූ සිගිත්ත ඔව් ඔව් අපි දෙන්නාම එකම වයසේ මේකි ඕනිනම් මට වඩා මාස ගානයි බාල...හරි හරි ඇතිනේ ඊටපස්සේ මං කොන්ඩෙත් පිහදාගෙන ඩ්‍රයර් එකෙන් වේලන් ලුසට වගේ පෝනිටෙල් එකක් දාලා අතට වොච් එකයි මට අම්මගේ කියලා අම්මව මතක් වෙන්න තියෙන එකම වටින දේ ඒක ලස්සන බ්‍රේස්ලට් එකක් සමනලයෙක් ඉන්න සිල්වර් බ්‍රේස්ලට් එකක් ඕක තමා අම්මා මට අන්තිමටම දුන්න උපන්දින තෑග්ග...

????????? (????????) ???Where stories live. Discover now