抖阴社区

27 ????

423 46 21
                                    

" ඔයා තනියමද ආවේ පුතා "

ආරන්‍ය වත්තන් කරන් ආව රුව අහන්නේ කරු⁣ණාවෙන්..
අධික පපුව වේදනව අස්සේන් ආරන්‍ය හිනාවුනේ පුළුවන් කමකට නෙවේ...

────────────

" අහ්.."

" ඔයාට දැන් කොහොමද ? , තවම පේන් එක තියනවද "

ලඟට ආව හෙදිය අහද්දි ආරන්‍යට කල්පනා වුනේ අන්තිමේ සෙමෙට්‍රියෙන් එළියට ආවා එක විතරනේද මතක කියලා.

" මං කොහෙද මිස්.."

" ඔයා ඉන්නේ හොස්පිට්ල් එකේ දරුවෝ, ඔයාගේ කසීන් වැඩ කරන තැන. "

ආරන්‍ය මතක් කරේ දැනුවත්ව එයාට එහෙම නෑදෑ කෙනෙක් නෑ නේද කියලා..

" මගේ..? "

" අපේ ලොකු ඩොක්ට. අභින්ස, අභින්ස වරාපිටිය.. එයා කිව්වනේ ඔයා එයාගේ කසීන් කෙනෙක් කිියලා..."

අර රූපේ.
මතකයි එයා ඩොක්ට කෙනෙක් කීව වග...
ඔහු තමාව එහෙම හදුන්වලා දෙන්න හේතුවක් ඇති,
ඉතින් හේතු නොදැක හෙදියගේ වචන ප්‍රතික්ෂේප කරන්න ආරන්‍යට හිතුනේ නෑ..

" ආ....ඒක මිසක්..."

" ඉන්න මං ඩොක්ර්ටට කතා කරන්නම් "

" ම්.."

ඒ එක්කම තමා අර රූපේ ආරන්‍ය ඉන්න රූම් එකට ආවේ,

" කොාහොමද  පුතා දැන් ඔයාට "

නාඩි පරික්ෂා කරන ගමන් ⁣ඩොක්ට අභින්ස අහන්නේ ආරන්‍යගේන්.

" පපුව ටිකක් රිදෙනවා.."

" ම්ම්...ඒත් පුතා.. ඔයාගේ රිපෝට් නම් අවුලක් නෑ...පුදුමයි.අ
කෝකටත් අපි තව පොඩි ටෙස්ට් එකක් කරමු ද.. "

" ඕන්⁣නෑ ඩොක්ට..සමහර විට මහන්සියට වෙන්න ඇති,
පහුගිය දවස් ටිකේ වැඩිපුර නිදිමරන්න වුනා.."

"..."

" ඩොක්ටර් ! "

නිහඬවම එයා දිහා බලන් ඉන්න අභින්සට ආරන්‍ය කතා කරේ එයා කියපු දේට මොකුත් කිවේ නැති හින්දා..

" ආහ්.."

" ඇයි ඩොක්ටර් හිනාවුනේ.."

" ම්ම්...මට ඔයා වගේ කෙනෙක් මතක් වුනා..එනිවේ. මං මෙහෙ අයට කිවේ ඔයා මගේ කසීන් කෙනෙක් කියලා, ඔන්න ඔයා දැන් දිගටම මට ඩොක්ටර් කියලා කතා කරොත් මං බොරුකාරයෙක් වෙනවා.."

 ?????? ?????? ?? ( Ongoing )Where stories live. Discover now