" Hello ලියාරා..ඔයා කවද්ද ලංකාවට එන්නේ "
" නුදම්...වීසා එක තාම දාගන්න බැරි වුනා එයාගේ, තව ටික දවසක් බල_ "
" වට්..! ඔයාලා මොනවද ලියාරා මෙච්චර දවසක් කරේ, ටික දවසක් පුළුවන්නම්, මං අද කතා කරලා මෙහෙම අහන්නේ නෑනේ..
මට..මට හෙටම එයාව ඕනේ.."" හෙට ?, අයියේ ඔයා මොනද මේ කියන්නේ ? "
හැමදාමත් ලොකු ඉවසිමක් එක්ක වැඩ කරන, අද නුදම්ගේ වචන කෙල්ල ටිකක් විතර පුදුම කරලා තිබුනේ .
" Why...why can't I?...It's my right Liara, it's my right !,
අඩුම...අඩුම මං අච්චර දේවල් කරලා දුන්න එකේ ඔයාගේ ඩැඩීට බැරි උනාද ඕක මං වෙනුවෙන් කරලා දෙන්න "කොල්ලා බෙරිහන් දුන්නා..
මේ ගෙවුන අවුරුදු ගාණටම ලියාරාගේ කාරණා වලදී නුදම් හරි ඉවසීමකින් උන්න කෙනෙක්. එයාලගෙ වසර පහක විවාහ ජිවිතේ අවසාන් වෙද්දී ලියාරාට නුදම්ව එයාගේ සහෝදරෙයෙක් ගානට වැටුණා.
විවාහය වැඩිහිටි අයගේ උවමනාට සිද්ද වුනත්, නුදම් ලියාරා දෙන්න එයාලාගේ පෞද්ගලික ජිවිතේ කසාද සහතිකය කියන සාධය නිසා නැති කර ගත්තේ නැ..
එක වහලක් යට ගෙවුන වෙන වෙන ජිවිත දෙකක් එයාලට තිබුනේ..
ඒක ලියාරාගේ තාත්තා වගේම මිහිදු මඩුගල්ල උනත් දැනගෙන හිටියා. නමුත් එයාලා ඒ ගැන මොකුත් කියන්න ආවේ නැත්තේ එයාලා අතර තිබුන සමහර කරුණු කාරණා නිසා.
අන්තිමේ විවාහය අවසන් කරන එක නුදම්ගේ තිරණය වෙද්දී මිහිදු හැර ලියාරාගේ පැත්තේ ඊට විරුද්ධ නොවුනේ, විරුද්ධ නොවෙන විදිහට නුදම් කරුණු එයාලට හදලා දිපු නිසා.
අනික නුදම්ගේ විවාහයට කලින් ගත්ත පොරොන්දුවක් ඒක..
හැම බැඳිමක්ම අතැරලා දවසක ලංකාවට එනවා කියලා හිටියත්, නුදම්ට කවමදාවත් අතරලා දාන්න බැරි බැඳිමක් එහෙදී ඇති වෙලා තිබුනා...
නුදම් දැන් වඳ වෙන්නේ ඒ ගැන....
" මං නෑ කිව්වේ නැහැනේ අයියා, මට ටික දවසක් දෙන්න කියලා විතරයි කිවේ "
" Ok. then..
පුළුවන්නම් මට සල්ලි ටිකක් එවන්න ලියාරා, මේ වෙලාවේ ඔහෙට එන්න තරම් මං ලග තියන සල්ලී මදී.. මගේ එකවුන්ට් රිලීස් වෙච්ච ගමන් මං ඔයාට දෙන්නම් "

YOU ARE READING
?????? ?????? ?? ( Ongoing )
Non-Fiction????? ??? ???????, ???????? ?????? ?????..!