抖阴社区

Test Paper 27

244 25 41
                                    

අපි හිටියේ කතරගම දේවාලෙයි කිරිවෙහෙරටයි යන අතරමග.අම්මලා සැට් එක නම් ගියා ඉස්සර වෙලා.එයාලගෙ සද්දාව වැඩී නේ.ඒක නිසා අම්මා මල්ලෙ දාන් ආපු බෝධි පූජා පොත් 3ම අද ඔය මලුවේ වාඩිවෙලා කියවනවා.අපෙ අම්මටම හරි යනවා එයාගෙ බෙස්ටී රශේන් අයියගේ අම්මා.ගෙදර අයට ඉස්සර වෙලා යන්න කියලා අපි හතර දෙනා පිටිපස්සෙන් ආවා.

තාම හවස 4යි.අද ඉතින් මෙතනින් යන්නේ රෑ 8ටත් පහුවෙලා.

රශේන් අයියයි සිතුමුයි ඉස්සර වෙලා යනවා.පිටිපස්සෙන් මායි මිණිදු අයියයි.සිතුම් නම් මගේ මූණ බලන්නේ නෑ.ඌට ලැජ්ජාව අප්පා.ඇයි උන් දෙන්නා ගැරඩි දෙන්නා වගේ වෙලිලා ඉන්නවා දැක්කනේ.අනේ උන්ගේ මරිසි.පුහ් මල නාඩගම් ඉවරයි උන් දෙන්නගේ.

මිණිදු අයියා මගේ ගාවමයි.අපි දෙන්නගේ උරහිස් ගෑවෙනවා.අනේ මංදා මහ අමුතු හැගීමක්.මේ වැලි අතුරපු පාර දිගේ සුදු ඇදගත්ත මිනිස්සු කිරිවෙහෙරෙන් දේවාලෙටත් දේවාලෙන් කිරිවෙහෙරටත් යනවා.

අපි දෙන්නා නෙවෙයි වචනයක් කතා කරේ.මං එයා දිහා හොරෙන් බලනවා.එයා මං දිහා හොරෙන් බලනවා.හරියට යාලුවෙච්ච මුල් කාලෙ වගේමයි.මල කෝලන් අප්පා.

මොනවා වුණත් අද මිණිදු අයියා මාරම හැන්සම්.කලු පාට ට්‍රවුසර් එකට සුදු පාට අත් දිග ෂර්ට් එක.අත් දෙකම මැණික් කටුව ගාවට වෙනකම් නවලා.අත් දෙකම කලිසම් සාක්කු දෙකේ දාගෙන.ගානට ශිම් කරපු රැවුල.උඩට ඉස්සිලා තිබ්බ කොන්ඩේ.දිහ හීනි නහය.තද කලු පාටට හුරු දුඹුරු පාට ඇස් දෙක.වෙනදා වගේ නෙවෙයි අද මගෙ අයියා හරිම පිං පාටයි.

"මං මල් අරන් එන්නම්?"

පාර දෙපැත්තේ තිබ්බ මල් කඩ දැකලා අයියා එහෙම කිව්වහම මං රැව්වා.ඇයි අප්පා ඕවගේ ඉන්න කෙම්ලෙක් මගේ මිනිහව අල්ලගත්තොත් මං තනි වෙනවා නේ.

උන් කෑගහනවා අපෙනුත් මල් ගන්නකෝ කියලා.පාර දෙපැත්තෙම නිල් මානෙල් රතු පාට සුදු පාට මානෙල් මල්,ඕලු මල්,කෙකටිය මල්,රතු වගේම සුදු පාට රෝස මල්,සමන්පිච්ච ඉද්ද වතුසුදු මල් පිරිච්ච මල් වට්ටි,මහසෙන් දෙවිපිලිමෙට පූජකරන්න සුදු පාට මල් වැල් වගේම දාස්මල් වලින් ගොතපු මල් වැල්,ඖෂධ වට්ටි,අර කහ පාට මොනවදෝ පුරවපු පහන් එක දිගට පෝලිමට කඩවල විකුණනවා.

A/????? (Ongoing)Where stories live. Discover now