抖阴社区

05

120 15 6
                                        

"මේ ඕයි මිනොල් නැගිටපන්...පුකට එළිය වැටෙනකන් නිදාගන්න නැතුව.. අර කෙල්ලෝ ටිකත් ඇහැරිලා... අපිත් මූණ හොඳ ගත්තා.. උඹ තාම කුණුකෙළ පෙරන් නිදි... නැගිටී කියල බලන් හිටියේ.. නැගිටින පාටක්වත් නෑ..."

උදේ පාන්දර ඒ පාර ප්‍රවි කෑ ගහන්න පටන් ගත්තා...යකෝ මූ අපේ අම්මගේ ජොබ් එක කරන්න පටන් අරන් වගේ.. ඔක්කොම එකයි..මං ඉතින් කෑ ගහිල්ල ඉවසන්න බැරි තැන නැගිට්ට....

" හරි හරි ඕයි...ගෙදර යන්න ඔච්චර හදිස්සි ද? "

" නෑ යකෝ කන්න ආන්ටි ලෑස්ති කරලා...කෙල්ලෝ කනවා... කොල්ලෝ ටික උඹ එනකම් බලන් ඉන්නේ..."

අප්පට සිරි එහෙම එකක්ද මම දන්නෑනේ ඉතින්.... මං ඉතින් ප්‍රවීට මොන්ගල් හිනාවක් දාලා ගෙනාපු ඇඳුම් ටවල් අරන් bathroom එකට ගියා... විනාඩි දහයයි කොල්ලට ගියේ...ප්‍රවී මං එනකම් කාමරේ දොර ලඟ..

" දැන්වත් යමන්..."

"හරි හරි"

අපි දෙන්නා පහළට යද්දි කෙල්ලෝ ටික කාලත් ඉවරයි... කොල්ලෝ ටික මට රවාගෙන බලාගෙන ඉන්නේ... මුන්ට ඉතින් මං නැතුව කන්න තිබ්බනෙ... මොනා උනත් එහෙම කරන්නේ නෑ නේ...ඕකනේ  බැරි...

" අපෝ අපේ නිදි කුමාරයා ඇහැරලා..ලොකු දෙයක් .. අපිට බඩගිනී යකෝ... දැන්වත් යමං කන්න..."

පව් වැඩේ හැබැයි...සතිය ටත් සූට්ටක් විතර කේන්ති ගිහින් වගේ.. අපි ඔක්කොම පස්සේ කෑම කෑවා... බන්ඩි ෆුල්.. අපි සාලෙට යද්දි කෙල්ලෝ ටික tv බලනවා... ඊයෙ රෑ එක්කෙනෙක් ගෙදර ගියා.. උදේ තව කෙනෙක් ගිහින්...තව කීපදෙනයි ඉන්නේ.. අපේ නම් සෙට් එකම තාම ඉන්නවා... කොල්ලෝ කියන්නේ ඉතින් ගැම්මක් තමයි...
අනෙක් කට්ටිය ඉඩ තියෙන තැන් වලින් වාඩි වෙද්දි මං කවිශා ලගින් ඉඩක් ඉල්ලන් වාඩි උනා...

" මේ මොකෝ වෙන්න ඉතින්... අද උදේ අපිට හරියට ආශ්‍රය කරන්නත් බැරි උනානෙ නේ..."

මම කවීශාගේ ඔලුවට ඇඟිල්ලෙන් ටොක්කක් අයින ගමන් ඇහුව...

" අනේ මේ මමද දවල් වෙනකන් නිදාගන්නේ... බලන්න ඒකට අපේ අයියා උදේ පහට හැරිලා කාලා බීලා ඔෆීස් ත් ගියා..." ඔන්න ඉතින් වැරදි මාතෘකාවකට ආවා.. කොහෙන් ගියත් මේකීගේ අයියගේ වරුනාව තමා ඉවසන් ඉන්න බැරි...

???? ???Where stories live. Discover now