ටික වෙලාවක් යද්දි මගේ ෆෝන් එක රිං වුණා... එතකොටත් අර ඩබල ඇවිල්ල හිටියේ නෑ.......
" කවුද මිනෝල් ගන්නේ ෆෝන් එක ආන්සර් කරන්න.."
" මහේශ් අයියා බං ගන්නේ.... ඇයි දන්නෑ මේ වෙලාවේ... ඩාන්ස් එකේ වැඩකටද දන්නෑ..."
" ඉතිං ගන්න... Speaker on කරන්න. එතකොට අහගන්න දෙයක් මටත් ලේසියිනේ.."
"හ්ම්..."
මම ඊට පස්සේ ආන්සර් කරලා ස්පීකර් දැම්මා...
" මේ මිනො මල්ලි... අවුලක් තියෙනවා නම් මට කෙලින් කියන්න තිබ්බනෙ බං.... අරූ ලව්ව මට බන්නවන්නෙ නැතුව.... අරූ මට කනේ ඇඟිලි ගහගන්නනෙ කිව්වේ... උබයි මායි ෆිට්නේ. කියන්න එපැයි බං කලින්..."
මායි ප්‍රවී මූණට මූණ බලා ගත්තා... මොන මගුලක්ද යකෝ ඒ කිව්වේ.... මොකක් නමුත් ලොකු සිද්ධියක් වෙලා වගේ.... අරූ ගාන්නේ කාටද දන්නේ නෑ...
" මොන මගුලක්ද අයියේ කියවන්නෙ මම දන්නෙත් නෑ... කවුද අයියට බැන්නේ ?? අනිත් එක මොකක්ද ප්‍රශ්නේ මට කිසි ප්‍රශ්නයක් නෑ..."
" අනේ මරිසි නොදා හිටපං මල්ලි.... සතීශ් මට කිව්වා..."
හරි හරි දැන්නේ මට තේරෙන්නේ... මූ මොකක් හරි යටිමගටියක් ගහලා මාවයි මහේශ් අයියාවයි තරහ කරවන්න...
" අනේ අයියේ ඇත්තමයි... මේ මෙතන ප්‍රවී ත් ඉන්නවා... බොරු නන් අහපන්... සිරාම කතාව මායි සතිශ් අයියයි තරහයි... ඇත්තම කිව්වොත් මම නෙවෙයි එයයි මාත් එක්ක තරහා... ඉතින් හිතන්නකෝ මං එයාට මගේ ප්‍රශ්න කියයිද කියලා... කියපන්කො බං ප්‍රවී.."
" මේ අයියේ ඌ කිව්වේ ඇත්ත හරිද... අපේ එකා එක්ක සතිශ් අයියා තරහයි .. කේෂාන් අයියගෙන් අහන්නකො බොරු නම්..."
" එහෙනම් මොන යටිබඩකට ද යකෝ මට බැන්නේ.... මට කිව්වේ උඹ මෙතුමිත් එක්ක නටන්න බැහැයි කියලා ඇඬුව කියල... ඒ කන්දොස්කිරියාව ඉවසගන්න බැරුව මට අරූ බැන්නේ.."
ඔය තියෙන්නේ බඩු.. මූ ඉරිසියයි මම මෙතුමිත් එක්ක නටනවට.. බලන් ගිහාම ඇන්ඩ්‍රියා කැලේ... මේ මිනිහට ගෑනු හැමතැනමනේ... මොන මංගල්‍යයක්ද මන්දා.. කමක් නෑ හෙට ප්‍රැක්ටිස් තියනවනෙ බලාගමුකෝ.....

YOU ARE READING
???? ???
Romance?????????? ???????? ??? ????? ???? ?????.. ? ?????????? ?????? ????? ????? ???? ??????? ??????????