තත්පර ගාණක් කියලා දැනිච්ච පැය ගාණකට පස්සේ කේලන් ඇහැරුණේ මහා බෙලෙක්කයක් වදින සද්දෙට.
" මොකාද හුත්තෝ මහ රෑ ? සොයී උඹලයි පැත්තෙත් යනවද බන් අර ප්ලාස්ටික් කැඩිච්ච පුටු බේසම් එකතු කරන ලකඩම ? "
.......
" සොයී.. නැගිටපන් "
සොයී කට ඇරගෙන සතර දිශාවට අතපය හතර විහිදලා නිදි. ලාවට ගොරවනවත් එක්ක. කේලන්ට තේරුණා නිදාගන්න බැරි ඇයි කියලා. අනිත් ඔක්කොම නිදාගෙන හිටියත් එහාපැත්තේ හිටිය ආරොන් ගොරවනවා ඔක්කොටම හයියෙන්.
" හැමිණෙනවානේ. "
කේලන්ට සද්දෙන්ම කියවුණා." හැමිණෙනවා.. කේලන් ආරොන් හැමිණෙන්න එපා "
සොයී නින්දෙන් කියවනවා." මූ එක්ක හැමිණෙන්න නෙමේ ආආශ් දැන් නිදාගන්නේ කොහොමද ? "
ඒ කිව්වට කේලන්ට විනාඩි දහයක් ගිය තැන නිදි. මරිසි තමා මුන්ගෙත්.
ඒත් ආයෙම තත්පර ගාණකට පස්සේ මහා සද්දෙන් තව මොකද්ද වැදුණා.
" මුන්ගේ ආච්චිලට හික්කඩුවේ යන්න.."
කේලන් ඒ පාර නම් නැගිට්ටේ ආරොන්ගේ බෙල්ලෙන් අල්ලලා ජනේලෙන් වීසී කරන්න බලාගෙන.
ඒත් උනේ වෙන දෙයක්. එකපාර උදේ ඉර එළිය කේලන්ගේ ඇස් පසාරු කරගෙන ගියා." කේලන් අවදිවෙන්න. අපි සූදානම් වෙන්න ඕන "
" මහ පාන්දර මොන සූදානමක්ද යකෝ "
එමරල්ඩ්ට කකුලෙන් ගහලා කේලන් අනිත් පැත්ත හැරුණා. ඒ එක්කම කේලන් කෑගහගෙන ඇඳෙන් පැන්නා.
සොයී මහා විකෘතික හිනාවක් දාගෙන කේලන්ගේ ඇඳේ එහාපැත්තෙන් හාන්සි වෙලා හිටියා.
" මොකද්ද යකෝ කරන්නේ ? "
" මන් දැනන් හිටියේ කේලන් ඇහැරෙන්නෑ කියලා. ඒ නිසා තමා මන් මෙහෙම හිටියේ."
" පිස්සු හුත්තෙක් අප්පා. "
" එමරල්ඩ් සොයී කේලන් අවදි උනාද ? තව සුලු වෙලාවකින් මාළිගාවේ සීනුව නාද කරනවා. අපි පිටත් විය යුතුයි ."
"කේලන් තවමත් අවදි උනේ නැහැ ආරොන්. "
" අවදි අවදි වෙන්නා තිබ්බ මූ ගෙරෙව්වේ නැත්තන් . මහ වලහා "
