Viyana's pov...
මන් කාමරේ ජනේලේ ලගට වෙලා එලියේ වහින දිහා බලන් හිටියා..වැස්ස කියන්නෙත් සොබාදහමේ හරි අපූරු නිර්මානයක්...වහින හැමසැරේකම වගේ මට හිතුනේ මේ වහින්නේ අහස මහපොලවට තියෙන ආදරේ පෙන්නන්න කියලා...හෝ ගාගෙන ලොකු වැහිබින්දු පොලවට කඩන් වැටෙද්දි මට හිතුනෙම කවදාවත් එක්වෙන්න බැරි හින්දා අහසයි පොලවයි එකිනෙකාට ආදරේ දක්වන්නේ වැස්සගෙන් උදව් අරන් කියලා...
ඔහොම වැස්ස දිහා බලන් හිටපු මාව ගැස්සිලා ගියේ කවුරුහරි හයියෙන් දොරට ගහනවා ඇහුන නිසා...මේ මහ වැස්සේ කවුද මේ කියලා බලන්න ගියපු මන් දැක්කේ....👀
_________________________________________
ජිමින්ටවත් නොකියා හදිස්සියේ රූම් එකෙන් දුවගෙන ආපු යුන්ගිගේ ඇස් හෙව්වේ එක රූපයයි ඒ යොන්ජුන්ව...වියානා ගැන දැනගන්න තිබ්බ එකම අවස්තාව මග ඇරුනාදෝ කියලා දෙගිඩියාවෙන් යුන්ගිගේ ඇස් යොන්ජුන්ගේ රූපේ හැමතැනම වගේ හෙව්වා...කොච්චර හෙව්වත් යුන්ගිට යොන්ජුන්ව හම්බුනේම නෑ...ඒත් අහම්බෙකින් යොන්ජුන්ගේ ඇස් නතර උනේ කියාරා ගාව..ඒ කියාරා කියලා යුන්ගිට ලාවට මතකයක් තිබ්බා දවස් දෙකක්ම දැක්ක නිසා ..ඉක්මනට කියාරා ගාවට දුවපු යුන්ගි දැක්කේ ලේඩි ඩොක්ට කෙනෙක් එක්ක කතාකරන යොන්ජුන්ව. යුන්ගිට තිබ්බ හදිස්සියට එතන කවුද ඉන්නේ කියන එකවත් ගානක් තිබ්බේ නෑ..
"මගේ වියූ කෝ මිනිහෝ...කෝ කියපන් මගේ වියානා..."
යුන්ගි පැන්න ගමන් යොන්ජුන්ෆේ කොලර් එකෙන් අල්ල ගත්තේ වටපිටේ මිනිස්සුත් හැරි හැරි බලද්දි...
"මොනවද කියවන්න්නේ තමුන්..අරහෙට වෙනවා..අතෑරපන් මාව..පිස්සු හැදිලද"
"ඔව් ඔව් පිස්සු හැදිලා හොද හිතින් කියපන් කෝ මගේ වියානා උබ මගේ කෙල්ලව දන්නේ කොහොමද කියපන්..මන් දන්නවා මගේ වියූ උබේ නෙමේ කියලා ඒ හින්දා කියපන් කෝ මගේ කෙල්ල කියලා එදා රෑත් මන් උබව අතෑරියේ මන් හොද සිහියෙන් නොහිටිය හින්දා ඒත් දැන්වත් කියපන් කෝ කෙල්ල.. "
යුන්ගි ගිනිපුපුරු පිට වෙන ඇස් වලින් යොන්ජුන්ගෙන් ඇහුවාම යොන්ජුන්ට තේරුනා මේ ඉන්නේ යුන්ගි කියලා..එදා රෑ අඩ අඩම වියානා යුන්ගි ගැන හැමදේම කිව්ව හින්දා යොන්ජුන් දැනන්හිටියා මේ දේවල්...කලබල කරොත් ප්‍රශ්නයක් වෙන නිසා යොන්ජුන් හිමින් යුන්ගිගේ කනට පහත් වෙලා...
"යුන්ගි කලබල කරන්න එපා..මට තේරෙනවා ඔයා ඉන්න තත්වේ ඒත් කලබල කරොත් මේ මිනිස්සු ඔක්කොම දැනගනී මෙතන ඉන්නේ බීටිස් ශුගා කියලා එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් ඒ හින්දා කරුනාකරලා මාත් එක්ක එන්න මන් ඔක්කොම කියන්නම්...
යොන්ජුන් එහෙම කිව්වට පස්සේ යුන්ගි ටිකක් විතර සන්සුන් උනා...යොන්ජුන් අර ලේඩි ඩොක්ටට ආපහු යන්නම් කියලා කියාරවත් වඩාගෙන කා පාක් එකට ආවා..යුන්ගිත් ඒ දෙන්නගේ පස්සෙන් ආවේ නොයිවසිල්ලෙන්...
"දැන්වත් මට ඇත්ත කියපන්..."
යුන්ගිට ඇත්ත දැනගන්නකල් ඉවසිල්ලක් තිබ්බේ නෑ....
"යුන්ගි කෑගහන්න එපා මගේ දරුවා බය වෙනවා..."
යොන්ජුන් එහෙම කියලා කියාරව කාර් එක ඇතුලෙන් ඉන්දවලා එයා එනකම් පොඩ්ඩක් ඇතුලට වෙලා ඉන්න කිව්වා
"යුන්ගි මන් කියන්නම් ඇත්ත කලබල වෙන්න එපා..."
"ඉතිම් කියපන් මිනිහෝ තවත් මගේ යකා අවුස්සන්නේ නැතුව..."
"වියානා කියන්නේ මගේ වයිෆ්වත් කියාරගේ මමාවත් නෙමෙයි..."
"එහෙනම්? කොහොමද මගේ වියානා උබව දන්නේ..."
"වියානා මගේ දරුවගේ මොන්ඩිසෝරියේ ටීච..එහෙදි තමා අපි අදුරගත්තේ..මගේ දුවට කතාකරන්න බැරුව හිටියා කාලයක් ඒ කාලෙදි වියානා මගේ දරුවව අම්මෙක් වගේ බලාගත්තා..මට හොද යාලුවෙක් උනා..ඒ හින්දයි මගේ දරුවා වියානට මමා කියන්නේ නැතුව වෙන දෙයක් හින්දා නෙමේ...මගේ වයිෆ් ඇක්සිඩන්ට් එකකින් නැති උනා...ඔම්මා නැති අඩුවා වියානා මගේ දරුවට දැනෙන්න දුන්නෑ ඒකයි අපි මෙච්චර හිතවත්...දැන්වත් තේරෙන්න ඇති කියලා හිතනවා මන් යුන්ගිට..."
"හරි එහෙමනම් ඇයි එදා වියානා මට අරෙහෙම කිව්වේ..එයා ඔයාගේ වයිෆ් කියලා..?"
"එයා හිතන් ඉන්නේ කවුද අර කෙල්ල මට නම මතක නෑ..කවුරුහරි..අර ඔයත් එක්ක ෆොටෝස් දාපු කෙල්ලයි ඔයයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා..."
යොන්ජුන්ට ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ යුන්ගි ආපහු කතාකරපු නිසා...
"උබ මගේ වියූගේ ගෙදර තියෙන තැන දන්නවාද ..."
"ඔව්.."
"එහෙනම් මට දැන්ම කියපන් කොහෙද කියලා..."
"වැඩි දුරක් නෑ ඔය දිගටම ගිහින් මුලින්ම දකුනු අත පැත්තට තියෙන අතුරු පාරේ හතරවෙනියට තියෙන ගෙදර..."
යොන්ජුන්ට ස්තූතිවත් නොකරම යුන්ගි දුවන්න පටන් ගත්තේ වැස්සකුත් කඩන් වැටෙනකොට...හැමෝම වැස්සෙන් බේරෙන්න එක එක තැන්වලට මුවාවෙනකොට කවුද මේ වැස්සෙම දුවන්නේ කියලා මිනිස්සු බලන් හිටියා...ඒත් ඒ එක මනුස්සයෙක්වත් මායිම් කරේ නැති යුන්ගි කෙලින්ම දිව්වේ වියානා ගාවට...
_________________________________________
Viyana's pov...
මන් දොර අරිද්දිම දැක්කේ කලුම කලු පාට ඇදලා මාස්ක් එකකුත් දාගෙන වැස්සෙන් හොදටම තෙමිලා ඉන්න මනුස්සයෙක්ව
දොරට ගැහුව පලියට ඔහේ දොර ඇරියනේ කියලා මන්ම මට හිතෙන් දෙස් දෙවොල් තියද්දි මන් හැදුවේ ටක්ගාලා දොරවහන්න ඇයි අනේ කවුද දන්නේ හොරෙක්ද මොකෙක් හරිද කියලා...
ඒත් මන් දොරවහන්න හදද්දිම ඒ මනුස්සයා හයියෙන් දොර ආපස්සට තල්ලු කරේ මට වහන්න බැරි විදියට..ඒත් එක්කම කෙලින්ම මගේ දිහාවට ආවේ මගේ ඇගේ රෝම කූප කෙලින් වෙද්දි...
"ක..ක..කවු..ද ඔයා..ආ යන...වා දැන්ම එලි..යට.."
මන් එහෙම කිව්වාම ඒ මනුස්සයා හයියෙන් හිනාඋනා..
"බේරගන්න හස්බන් එයිනේ නේද...ආ"
නෝන්ඩියට වගේ එහෙම කිව්ව අර මනුස්සයා ආපහු මන් දිහාවට එන්න ගත්තා...
"තමුසේ එන්න එපා තව එක අඩියක්වත් මන් ලගට..එහෙම උනොත්...මන් ..මන්..."
"ඔව් මොකද කරන්නේ ඔයා..කියන්න බලන්න මොකද කරන්නේ ..මාත් ආසයි දැනගන්න..."
තව තවත් ඒ මනුස්සයා මන් ගාවට ආව නිසා මාව ගිහින් හැප්පුනේ කෑම මේසේ..තවත් පස්සට යන්න පුලුවන් කමක් නොතිබෙද්දි මන් ගොඩක් අසරන උනා....බයටම මගේ ඇස් වලින් කදුලු පැන්නා...මගේ මූන ලගටම ලන් උන අර මනුස්සයා මූනට පහත්වෙද්දි මන් ඇස් දෙක තද කරලා පියාගත්තේ වෙන කරන්න දෙයක් සිහියට නාව නිසා...
ඒත්...ඒත්...
මගේ කම්මුල්වලින් ගලන කදුලු මොනවගේ හරි ගෑවෙනවා වගේ මට දැනුනා...දෙයියනේ ඒ උනුසුම් හුස්ම පොදවල් මට මතක් කරේ එයාව..කෑම මේසේ දෙපැත්තෙන් අත් දෙක තද කරගෙන ඒකට මාව මැදිකරන් ඉන්න එයාගේ හුස්ම මට මතක් කරේ එයාව..එයාමයි..ඔව් මේ රස්නේ තොල්වල අයිතිකාරයා එයාමයි..එයාගේ තොල්වල තිබ්බ ඒ පුරුදු උනුසුම මගේ කම්මුල් වලට දැනෙද්දි මගේ ඇස් දෙක ජිල්බෝල සයිස් උනා....
"පොඩි දුකක්වත් දැනුන් නැද්ද අරහෙම බොරුවක් කියද්දි...?"
මගේ කම්මුල් වලින් ඈත් වෙලා ඇස් දෙකටම පාත් වෙලා අහපු එයා දාගෙන හිටපු මාස්ක් එක ගැලෙව්වේ මගේ කටින් ඉකියක් පිටවෙද්දි....
"දුක හිතුනේ නැද්ද ඔයාගෙ යෝගි බෙයා ගැන ආ දුක හිතුන් නැද්ද මැනික ඔයාගේ පූස් පැටියා විදවයි කියලා ආ...."
මට මොකුත් කියාගන්න බැරිතරම් මගේ උගුර හිර වෙලා තිබ්බේ...
"යු..යු..න්..ගි..මේ..මේ..ඔයා..මද බ..බා..අනේ නෑ..ඒ..ක වෙන්..න බෑ...ඔයා නෙ..මේ නේද ..මේ..."
මන් ඇහුවේ තවත් අඩන ගමන්..මන් ලගට තවත් ලන් උන එයා මගේ අත අරන් එයාගේ පපුවට තිබ්බා...
"හොදට බලපන් එදා විදියටම අදත් උබ වෙනුවෙන් විතරයි මේක ගැහෙන්නේ..උබට මේක නිකම් ප්ලාස්ටික් කෑලලක් උනාට මේ තියෙන්නෙත් හදවතක් බන්..උබ වෙනුවෙන්ම විතරක් අඩපු වේදනා විදපු හදවතක්..උබට ඒක ලේසියෙන් රිද්දන්න පුලුවන් උනාට මේකට දාරාගන්න හරි අමාරුයි බන්..."
යුන්ගි අඩ අඩම එහෙම කියනකොට සත්තයි මගේ පපුව ආපහු සැරයක් හොදටෝම රිදුනා...එයා එහෙම අඩන මනුස්සයෙක් නෙමෙයි පිටතින් ගලක් වගේ හිටියට හැගීම දැනීම් නෑ වගේ හිටියට ඒ අහින්සක පපුවට ඕනාවටත් වඩා හැගීම් දැනීම් දැනෙනවා..රිදෙන්නේ නෑ වගේ පෙන්නුවට ඕනාවටත් වඩා රිදෙනවා...
"මැනික අනේ මට සමාවෙන්න රත්තරන්..
අනෙ ඔයාගෙ වියූට සමාවෙන්න..."
"මෙච්චර ආදරේ දීලත් ඇයි උබට බැරි උනේ මාව විශ්වාස කරන්න වියානා..ඇයි බැරි උනේ..."
යුන්ගි එහෙම කියලා මගේ මූන දෙපැත්තෙන් අල්ලගත්තා..ඒක මට රිද්දුවත් මන් ඒ ගැන මොකුත් කිව්වේ නෑ..
"දන්නවද මන් කොච්චර විදෙව්වද කියලා මැනික ඔයා එයි කියලා බලන් හිටියා ඒත් ඔයා ආවේ නෑ...ඔයා කිසිම කෙල්ලෙක් එක්ක අඩුම යාලුකමක්වත් තිබ්බේ නැති කොල්ලෙක්...එහෙම හිටපු ඔයා අර විදියට කෙල්ලෙක් එක්ක හිටියාම මන් මොනාද හිතන්න ඕන යුන්ගි..ඒක යාලුකමක් කියලද අනික ජියා ඒකේ දාලා තිබ්බ ඒවා ඒ ඔක්කොම ඔයා හරියට එයාගේ වගේ ඒ පෝස්ට් වල තිබ්බේ අනික..."
ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ යුන්ගි එයාගේ තොල් මගේ තොල්වලට තදකරපු නිසා...අවුරුදු හයකට පස්සේ ලැබුන ඒ දෙතොල් පහස මාව ගැස්සුනා..ඒත් මන් ඒ කිස් එකට ප්‍රතිචාර දෙන්න හද්දිම යුන්ගි මගේ තොල් වලින් ඈත් උනා...
"එහෙම කිසිම දෙයක් නෑ මැනික මන් එදාත් ආදරේ කරේ උබට අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමම තමයි ඒකේ කිසිම වෙනසක් නෑ...මාව අවිස්වාස කරන්න එපා බන් මට රිදෙනවා...මෙන්න මෙතන රිදෙනවා..."
යුන්ගි කිව්වේ එයාගේ පපුවට ගහගන්න ගමන්....
18+වෙයි next chapter එක...🙂💔 කලින් දැනුම් දුන්නා හොදේ අකමැති අය ඒක කියවන්න එපා...(හැබැයි අකමැති අය ඉන්නවා කියලනම් හිතන්න අමාරුයි wattpad බබාලා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑලු කියලා කියමනකුත් තියෙනවනේ....🙈)
අද 12/09/2023 අපේ නැම්ජූන් ඔප්පගේ 29 වෙනි උපන්දිනේ...දැන් ඉතිම් කොල්ලට 30
මන් දැකපු ආදරනීයම අහින්සකම පිරිමි හදවතක් ❤️ තමන්ගේ සහෝදරයෝ හත්දෙනාව තාත්තා කෙනෙක් වගේ බලගන්න හිතක්වත් නොරිදෙන විදියට බලාගත්ත කෙනා..කොටින්ම hate comment එකක් පවා ලස්සන comment එකක් විදියට translate කරලා කිව්වා එයා..ඉතින් ඔයා ගැනනම් කියන්න දේවල් ගොඩයි...ඒත් ඉතිම් ඔක්කොම කියන්න ගියොත් පොතකුත් මදි..කෙටියෙන් කිව්වොත් ආමි අපි ඔයාට හරි ආදරෙයි ඔප්පා හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ඕන ඔයා...බොරාහේ ඔප්පා..💜️💜️💜️🥺
_________________________________________
"ඇස් රතු වෙනකොට කදුලු ආවට,
හිතක් රතු වෙනකොට එන්නේ ලෝදිය.."
ඉතින් ඒකයි,
හිතක් රතු වෙනකොට වටිනාම
හදවතකට....
පාන්ශූකූල කටයුතු නැතුවම අවසන් ගමන් යන්න වෙන්නේ...😔
-ධාරා-
_________________________________________