🛵 GUIDE 🛵 ....
⏳⏳⏳⏳⏳⏳
ශාන් ලංකාවට පැමිණ මේ ගෙවෙන්නේ දෙවැනි මාසයයි ... මාස දෙක ඇතුළත කුඩා කුඩා සිදුවීම් රාශියක් සමඟ ඔවුන්ගේ ආදරය නම් තව තවත් දළුලා වැඩුනි ..
ශාන්ගේ පළවෙනි වැටුපෙන් සති දෙකකට පසු ශාන් ගේම බලකිරීමෙන් යීබෝව යළිත් dancing ඇකඩමියට යොමු කරන්නට හැකිවිය ...
" බෝබ්..."
" හ්ම්ම්ම්..."
" මම ඔයාගේ කවුද ...."
",ඔයා මගේ ගගා ..."
" එතකොට අපි දෙන්නා දෙන්නෙක් ද එක්කෙනෙක්ද ...."
" එක්කෙනෙක් අයියෝ මොනවද ඔයා අහන්නේ ..."
" හ්ම්ම්... එහෙනම් දැන් මගේ බබා ගගා කියන දේ අහන්න ඕනේ තේරුණාද ..."
",ඉතින් වටේ යන්නේ නැතුව කියන්නකො ගගා ..."
" මේ ඉරිදා මගෙ ස්පෝන්ජ් බෝබ් ඇකඩමියට යනවා ... ආය කිසිම කතාවක් නෑ ... ඔයාට තව මුකුත් කියන්න බෑ දැන් ... මොකද ඔයා කිව්වා අපි දෙන්නා එක්කෙනෙක් කියලා ..
" ගගා ඔයා කපටි නෑ නේද ..."
අවසානයේ යීබෝට සෑම ඉරිදාවකම ඇකඩමියට යන්නට සිදු විය ..පළමු මාස හයෙහිම ගෙවීම් එකවර සිදු කර ශාන් යීබෝව යළිත් ඇකඩමියට ඇතුළත් කළේය ..
දැන් සෑම ඉරිදා උදෑසනකම ශාන්ට යීබෝගෙ ලොකුකම් බලන්නට සිදුවේ.. ඒ ශාන් ඔහුව බලෙන් ඇකඩමියට යවන්නට සූදානම් කරවන්නට දඟලන නිසාය ...දැන් ඉරිදාට කිරි හදන්නේ ශාන් ය... කිරි එක හදාගෙන විත් මේසය මත තබා ඔහුව සිප ගත යුතුය....
" නැගිටිනවා මැණික ..."
හොරකමට දෑස් වසාගෙන සිටින විට ශාන් කෑසයි ... සතියේ අනෙක් දින හයේ ම ශාන් යීබෝගෙ සර් ඌවත් ඉරිදාට යීබෝ ශාන්ගේ සර් වන්නේය...එමෙන්ම සෙනසුරාදා රාත්‍රියේත් යීබෝ ඔහුට අවශ්‍ය අයුරින් ශාන්ව පාවිච්චි කරයි...
" මට මෙහෙම ඕන.... තව කිස් දෙකක් වත් ඕනෙ... බඩ උඩ නිදියන්න ඕන..."
මේවා එකකට හෝ ශාන් අකමැති වුවහොත් ...
" එහෙනම් ඉතිං හෙට academy යන්නෑ ..."
යනුවෙන් යීබෝ අහක බලාගෙන කියයි ...

YOU ARE READING
?? GUIDE ?? ( zhanyi ff...... Complete )
Fanfiction?? ??????? ???????? ????? ????? ??????? .... ? ?? ??????? ??????? ??? ???????? ?????? ???????? .....