🛵 GUIDE 🛵 .....
⏳⏳⏳⏳⏳⏳
සති දෙකක් හීයක වේගයෙන් ගතවිය .. මේ අතර එක් දිනක් නිවාඩු ලබාගෙන ශාන් යීබෝ සමඟ කොළඹ ගියේ යීබෝගෙ පාස්පෝට් එක සෑදීමටයි ... එක්දින සේවයෙන් ම එය අවසන් කරගැනීමට හැකිවීම දෙදෙනාටම සහනයක් විය.... පාස්පෝට් හැදූ බවත් ෂූයෑන්ග් ගෙන් ගැටලු මතුවුවහොත් හෝ ශාන්ට චීනයට යන්නට සිදුවුවහොත් දෙදෙනාම යන බවත් දැන සිටියේ ෆෑන්ග් පමණි....ඔහු ශාන්ගේ සහ යීබෝගෙ ලඟම මිතුරාය...
🌞 🌞🌞🌞🌞
" ගගා....... නැඟිටින්නකො ...."
උදේ පාන්දර යීබෝ කිරි එකත් රැගෙන කාමරයට විත් දැන් ශාන් අසල යලිත් හාන්සිවී ඔහුගේ පපුව මත මුහුණ තියාගෙන කතාකරන්නට පටන්ගත්තේය ..
" හ්ම්ම්ම්..... බෝබ්...."
" කම්මැලි සර්....... නැගිටින්නකො... වැඩට යන්නෙ නැද්ද...."
පපුව අසලින් ඉස්සී ඉහලට විත් ශාන්ගේ දෙතොල් මත දෙතොල් තියාගෙන ඇසුවේය ...
" අද වැඩට යන්නම හිතක් නෑ මැණික ..."
ශාන් යීබෝව තව තවත් පපුවට තුරුලුකරගනිමින් කීවේය ..
" හ්ම්ම්ම්... මටත් එහෙම තමයි . ඒත් එහෙම කියලා බෑනෙ.. අපි දෙන්නා එදත් නිවාඩු ගත්තනේ..."
පෙරදින රාත්‍රියේ ෂූයෑන්ග් ලංකාවට ආ බවත් ලෙලේ ඔහුව රැගෙන හී ෆෙයි ගේ නිවසට රැගෙන ගිය බවත් දෙදෙනාම දන්නේය..අද හවස හී ෆෙයි ගේ සමුගැනීමේ සාදය හුන්නස්ගිරි ගෙස්ට් හීදී පැවැත්වේ...
" පරක්කු වෙනවා ගගා..."
යීබෝ ශාන්ගේ තුරුලෙන් මිදෙන්නට උත්සාහ කරමින් කීවේය ..
" බෝබ් ...."
යීබෝට යන්නට නොදී තවත් තුරුලුකරගෙන ශාන් කතාකලේය ..
" හ්ම්ම්ම්....."
" මගෙ ලඟින්ම ඉන්න මැණික .. සයිට් එකේ ඉස්සර වගේ පිස්සුවෙන් දුවන්න එපා... පහලට යනවනම් මට කියලා යන්න... කොටින්ම මගෙ ඇස් මානෙ ඉන්න..."
" බයවෙන්න එපා ගගා... මේ ලංකාව... එයා අද ඉදලා වැඩට ආවා කියලා කාවද එයා අදුනන්නෙ.. මම ඔයා ලඟම තමයි ඉන්නෙ... මට කරදර කරන්න ආවොත් අර කලිසම අස්සෙ තියෙන සෙට් එක ගලවලා එයාගෙ අතට දෙනවා ...."

YOU ARE READING
?? GUIDE ?? ( zhanyi ff...... Complete )
Fanfiction?? ??????? ???????? ????? ????? ??????? .... ? ?? ??????? ??????? ??? ???????? ?????? ???????? .....