抖阴社区

35.. ??????.. ?

2.2K 486 155
                                    

🛵 GUIDE 🛵 .....

" ගගා ....."

" හ්ම්ම්ම්..."

ඔවුන් මේ සිටින්නේ ෂැංහයි මුහුදු වෙරළට පැමිණ එක් හුදෙකලා ඉමක වැල්ලේ වාඩිවී ඈත පෙනෙන ක්ෂිතිජය දෙස බලාගෙනයි ... දර්ශනය අති සුන්දර විය... වේලාව සවස හය පසුවෙමින් තිබුනු නිසා හිරු සෙමින් සෙමින් මහසයුර තුල සැඟවෙනා අයුරු හරි අපූරුවට දර්ශනය වේ... දැන් ඒ ක්ෂිතිජ ඉම තද දම්පැහැයෙන් යුතුවී ඇත.... ඒ අතරට හිතුවක්කාරී ලෙස අකුලා නොගත් හිරු කිරණ කිහිපයක්ද එකතුවී තිබුනි.... තනි නිල් පැහැති අහසේ වළාකුළු කිහිපයක් තැනින් තැන දිස්වුනත් ඒවා ටිකෙන් ටික ඈතට පාවී ගියේය...

යීබෝ සිටින්නේ ශාන්ගේ උරෙහි හිස තියාගෙන මේ චමත්කාර ජනක දර්ශනය දෙස බලාගෙනයි...

" ඔයා දයිලුව එපාවෙලා ලංකාවට නාවනම් මම තාමත් මිස්ටර් හන් එක්ක හුන්නස්ගිරියෙ නේද ..."

ඈත අහස දෙස බලාගෙනම යීබෝ ඇසුවේය ...

" බෝබ් ....."

" හ්ම්ම්ම්...."

" අහලා තියෙනවද දෛවය ගැන ..."

" හ්ම්ම්ම්.... ඔව් ...."

" ඒකනේ ... මේවා අපි ඉපදෙන්නත් කලින් ලියවිලා තියෙන්න ඇති මැණික .... ඉතින් ඒ නිසා මොන විදිහකින් හරි ඒවා සිද්ධ වෙනවා..... මම ලංකාවට නාවත් සමහර විට ඔයා මෙහෙට එයි.... හදිසියේ මහ පාරකදි හරි අපි මුණගැහෙයි.... ඒකට තමයි දෛවය කියන්නෙ ...."

ශාන් එක් අතක් යීබෝගෙ ඉනවටා යවා ඔහුව තවත් තුරුලට ගනිමින් කීවේය .... දැන්නම් ඈත අහසේ දම්පැහැයත් මකාගෙන අන්ධකාරය රජකරමින් තිබුනි...

" ගගා....."

" හ්ම්ම්..."

" මගෙ තාත්තත් මේ අහස යට කොතැනක හරි ඉන්නවා ඇති නේද ... සමහරවිට එයා ආයෙ මැරි කරල එයාට ලොකු ළමයිත් ඇති නේද .... "

ශාන්ගේ පපුව පිච්චී ගියේය ... ඇත්තෙන්ම දැන් වූෂුට දියණියන් දෙදෙනෙක් සිටී ...මේවා කවදා හෝ යීබෝට කිව යුතුමය .....

" ඉතින් සාධාරණ හේතුවක් නිසා එයා ඔයාගේ අම්මිව අතඇරියා නම් ඔයා එයාට සමාව දෙනවද ... "

??  GUIDE  ??  ( zhanyi ff...... Complete )Where stories live. Discover now