ටේ...අදනම් අපි බේරුනේ පිනකටම තමයි.. දැක්කෙ නැද්ද ඒ ඩොක්ටර් අපි ඇතුලට එනකොට බලන් හිටපු විදිහ..මට නම් අනික් පැත්ත හැරිලා දුවන්න හිතුනා...
එයාව දැක්කම මටත් බය හිතුනා ජිමින්...එයා කියපු විදිහට අපිව අධීක්ෂණය කරන්න බාර වෙලා ඉන්නෙ Doctor seok jin ට ඒ කියන්නේ අද උදේ අපිට හම්බුන doctor නේ...
ඔව් ඒ එයා තමයි..හොඳ වෙලාවට එහෙම වුනේ..නැතුව අර රාක්ශයට ව අපිට හම්බුනානම් ...හිතනකොටත් බයයි..එයා අපි දෙන්නව කාලා දායි...
ඒයි මොට්ට චිමී කියවන්න එපා කාටහරි ඇහිලා එයාට කිව්වොත් ඇත්තටම එයා අපිව කාලා දායි...ජීවත් වෙන්න ආසාවක් නැද්ද ඔයාට...
ආසයි ආසයි ටේ...මට කරන්න කොච්චර දේවල් තියනවද යුන්ගි හයුන්ග් ව මැරි කරන්න ඕනේ..එයා එක්ක ලෝකෙ වටේම යන්න ඕනේ..තව බබාලා 7 ක් 8 ක් වත් හදන්නත් එපෙයි ඉතිං...
ඒයි මැටි මෝචි මොනවද මේ කියවන්න...හොඳ සිහියෙන් නෙමෙයි ද ඉන්නේ...මිනිස්සු හිතයි අපි දෙන්නා පිස්සො දෙන්නෙක් කියල ...
ඉතිං ඔයා අහපු හිංදයි මම කිව්වේ...නැත්තං මේ...
ඇති ඇති...අන්න ඩොක්ටර් ආවා...
Dr.jin- ලමයි...මොනවද ඔච්චර කතා කරේ...එලියෙ ඉන්නකොටත් මට ඇහුන ඉවරයක් නැතිව කියවනවා....
ඩොක්ටර් මේකයි මේ අපි දෙන්නා..
කමක් නෑ කතා කරාට මම බනින්න නෙමෙයි එහෙම ඇහුවෙ...මාත් එක්ක කතා කරනකොට බය වෙන්න එපා ලමයි ..මම වස නෑ අනික් අය වගේ...ඔයාලා නිදහසේ කතා කරන්න පුළුවන් මාත් එක්ක...තේරුනාද..
ඔව් doctor අපිට තේරුනා...
එහෙනම් ටේහයුන්ග් ජිමින් හෙට ඉඳලා ඔයාලගෙ වැඩ පටන් ගන්නවා...මම හෙට ඒ විස්තර ගැන ඔයාලට දැනුවත් කරන්නම්....ඔයාලට විශේෂ දේකට කියන්න තියෙන්නේ වෙලාවටම hospital එකට එන්න..නැත්තම් ඔයාලටම තමයි ඒක කරදරයක් වෙන්නේ...මමත් training කාලේ දවසක් පරක්කු වෙලා මට මාසයක් night කරන්න වුනා...එහෙම ඔයාලට නොවෙන්නයි මම ආයෙ ආයෙත් කියන්නේ...ඔයාලා දෙන්න හරිම හොඳ ලමයි දෙන්නෙක් වගේ.. දැක්ක ගමන් මට ආදරේ හිතුනා...ඒකයි මෙච්චර දේවල් කිව්වේ...එහෙනං ලමයි දැං ඔයාලට යන්න පුළුවන් ....

YOU ARE READING
??? ?????(??????? )
FanfictionTaehyung .. ??? ???? ??????? ?????? ??????? ??? ???? ???? ?? ???? ?????... junkook .. ???????? ??? ???? ?? ???? ????? ????????...??? ?????? ??? ???????? ????? ???????? ?? ?????? ??????????? ???? ???? ??????...