Next day morning..
ටේහයුන්ග් ...
ටේහයුන්ග්.........
ඔයා කොහෙද ඉන්නේ....මොකද ජිමින් කෑ ගහන්නේ මම කිචන් එකේ ඉන්නේ..
ආා...නෑ මම මේ බැලුවේ කොහෙද අතුරුදහන් වුනේ කියල ...මොකද කරන්නේ
..ඇත්තටම ජිමින් පේන්නැද්ද මම කෑමක් හදනවා කියල...
උදේ කෑමද..අපෝ මට දැන් නූඩ්ලස් කාලා එපා වෙලා ඉන්නේ..ඔන්න ඕක දාලා එන්න..අපි යනගමන් මොනව හරි කමු...
හහ්...කවුද කිව්වේ මම නූඩ්ලස් හදනවා කියල..මම මේ ඔයාට නූඩ්ලස් නෙමෙයි හදන්නේ...මම ලොකු වැඩක්..ටිකක් පරක්කු වෙයි අද...
නූඩ්ල්ස් ඇර වෙන කෑම හදන්නත් දන්නවද ඔයා...හරි මොනාද ඔය හදන්නේ...
මම කුකීස් හදනවා...
මොකක්..අනේ මට එච්චර දේවල් ඕනෙ නෑ ටේටේ....බලන්න මට තියන ආදරේ..මේ බලන්න කඳුලකුත් ආවා...
හිතන් ඇති නේද..මේවා ඔයාට නෙමෙයි ..වෙන කෙනෙක් ට...
ඔහොම ඉන්නවා...මට නැතුව වෙන කාටද ඔය කෑම හදන්නේ....වෙනදට මැරෙන්න බඩගින්නක් ආවද වඳින්න ඕනේ කන්න හදාගන්න..අද මෙච්චර ආදරෙන් කාටද කුකීස් හදන්නේ...
අනේ යනවා චිමී මෙතනින්..දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ ..ලෑස්ති වෙනවා ගිහින් ...මමත් මේටික අවන් එකට දාලා ලෑස්ති වෙන්න යනවා...
හරි අපි බලමුකෝ ටේ කාටද එන්නේ කියල ...හැබැයි මටත් එකක් දෙකක් හරි දෙනවා නැත්තම් කන කෙනාට දෙවිපිහිටයි....
Taehyung pov..
ඊයේ ජින් හයොන්ග් දුන්න cup cake ජන්කුක් හරිම ආසාවෙන් කෑවේ...ඒ දිහා බලන් හිටපු මටත් හිතුනා කුක්ට මොනවා හරි හදලා ගිහින් දෙන්න..මට රසට හදන්න බැරි වුනත් මම එයා වෙනුවෙන් කුකීස් හදාගත්තා...හදාගත්ත කුකීස් ටික ජන්කුක් ට ගිහින් දෙනකං ජිමින් ගෙන් බේරගන්න මට ඊට වඩා මහන්සි වෙන්න වුනා..
junkook pov..
මම ජීවිතේ වැඩිපුර සතුටින් දවස් තියෙන්නේ හරිම කිහිපයයි..එයින් එක දවසක් තමයි ඊයේ....ටේහයුන්ග් ට මම තවත් ටිකක් ලං වුනා කියල මට දැනුනා...මම එයාට ලන් නොවී ඉන්න කොච්චර උත්සාහ කරත් දවසින් දවස මම එයාට තව තවත් ආදරේ කරන්න පටන් අරන් ....මම දන්නෑ මොකක්ද කරන්න ඕන කියල ..ඒත් මම එක දෙයක් දන්නවා...
මට කවදාවත් එයාගේ වෙන්න බෑ...මේ ආදරේ නිසා එයා දුක් විදිනවා බලන්නත් බෑ...අන්න ඒ නිසා ටේහයුන්ග් මේ ආදරේ හැමදාම මගේ හිතේ විරක්ම තියන් ඔයාට හොඳ යාලුවෙක් වෙලා ඉන්නම්...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. jm - ටේ තව එකක් දෙන්නකෝ..එකම එකක් දෙන්න ආයේ ඉල්ලන්නේ නෑ..
යනවා යන්න..දැන් කීයක් කෑවද..යනවා ගිහින් වැඩක් බලාගන්නවා..ඩොක්ටර් මින්ට කම්ප්ලේන් කරනවා මම ..
යාාහ් මෝඩ කිම් ටේහයුන්ග් ...boyfriend ට ඔච්චර ඕනේ නෑ...යාලුවට වඩා එයාව ලොකු වුනා නේද..එයත් මේ hospital එක ඇතුලෙම කෙනෙක් වගේ මම බලාගන්නං කෝ..මේ ජිමින්ට හොරෙන් ලව් කරන්න බෑ කොටියෝ ...මම ඉක්මටම හොයාගන්නම්කෝ මේ කුකීස් වල අයිතිකාරයා...
ජිමින් කොරිඩෝ එක දිගේ යනගමන් මට බැන බැන ගියා..එයා පේන්නැති වෙන්න දුරකට ගියත් කටේ සද්දෙනං අඩුවක් දැනුනෙ නෑ..මට යුන්ගි හයොන්ග් ගැන සාදාරණ දුකක් දැනුනා..
මේ දවස් වල වැඩ වැඩී..ඒ නිසා උදෙන්ම ජන්කුක් ව බලන්න යන්නත් බැරි වුනා..පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික ඉවරකරගන මම ජන්කුක් ගේ රූම් එකට ගියේ ජිමින්ගෙන් බේරගත්ත කුකීස් ජන්කුක් ට දෙන්න..හරිම හදිස්සියකින් ආවත් දොරගාවදි මම නැවතුනේ කලින් වගේ දොර ගලවගෙන ගිහින් ලැජ්ජ වෙන්න වෙයි කියල හිතුන නිසයි..ඒ නිසා අද මුලින්ම දොරට තට්ටු කරේ ජන්කුක් ගේ කටහඬ බලාපොරොත්තු වෙන්...
ටික වෙලාවක් යනකනුත් උත්තරයක් නොලැබුන නිසා මම ආයෙත් උත්සාහ කරා...දිගින් දිගටම ඇතුලෙන් කිසිම සද්දයක් නෑ..ජන්කුක් ගෙදර ගිහින් වත්ද..
නෑ නෑ එහෙමනං එයා මට කලින් කියනවා...එයා මට නොකිය යන්නෙ නෑ...ජන්කුක් මට නොකිය ගෙදර යන්නෙ නෑ කියල මගේ හිත කිව්වත්...කියල යන්න තරම් ලොකු සම්බන්ධයක් අපි අතර නෑ කියල වැඩි වෙලාවක් යන්න කලින් යටිහිත මට තේරුම් කරලා දුන්නා...

YOU ARE READING
??? ?????(??????? )
FanfictionTaehyung .. ??? ???? ??????? ?????? ??????? ??? ???? ???? ?? ???? ?????... junkook .. ???????? ??? ???? ?? ???? ????? ????????...??? ?????? ??? ???????? ????? ???????? ?? ?????? ??????????? ???? ???? ??????...