ටේ...
ටේ......
ටේ...........
මනුස්සයො කන් ඇහෙන්නෙ නැද්ද මම මෙච්චර කතා කරලත්...මොන ලෝකෙද ඉන්නේ...ඇයි ඇයි කියන්න මම අහන් ඉන්නේ ජිමින්...
නෑ නෑ...ඔයා අහගෙන නෙමෙයි ඉන්නේ...ඔයා ඉන්නෙ වෙන සිහියකින්...මටත් කියන්නකෝ ටේ මොනාද ඕච්චර කල්පනා කරන්නෙ කියලා...
විශේෂ දෙයක් නෑ ජිමින්...
විශේශ දෙයක් නැති වෙන්න බෑ...මූණ දැක්කම කියන්න පුළුවන් ඒක..
අර doctor ලැබ් එකේ කතා කර කර ඉද්දී කොහෙද එකපාරටම අතුරුදහන් වුනේ...මම කොහෙවත් ගියෙ නෑ ජිමින්...
ටේ...ඔයා මටද බොරු කියන්නේ...මේ ජිමින්ට..ඔයා කාට බොරු කරත් මට බොරු කරන්න බෑ ටේ...ඔයා හැරෙනකොට මම දන්නවා...
හරි හරි..මම පොඩ්ඩක් එහාට ගියා තමයි...ඒ අර ඇරිලා තිබ්බ දොරක් වහන්න...
එච්චරයි ද...
ඔව් ඉතිං..මම ඒක වහල ආයෙ ආවා...
එහෙමනං කමක් නෑ...ඒත් මට ඊට වඩා අවුලක් තියනව කියල මූණ බැලුවම කියන්න පුළුවන් ...මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කියන්න ටේ...මම ඔයාගෙ යාලුවනේ...ඔයාගෙ ප්‍රශ්නෙට මං ලඟ උත්තරයක් නැති වුනත් මට පුළුවන් හොඳ සවන්දෙන්කේ වෙන්න...එතකොට ඔයාට හිතේ තියන බරක් වුනත් නිදහස් කරන්න පුළුවන් ...ඒ නිසා ඔයාට ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන් ...හරිද...
හරි ජිමිනි....
හරි ජිමිනි කිව්වට ඒකවත් ඇහුනද මන්දා...මගේ යාලුවව දෙයියොම බලාගන්න ඕනේ...මම යනවා නිදාගන්න නැත්තං පරක්කු වෙලා ගිහින් අර රාක්ශයා මේ අහිංසකයව ගිලලා දායි...ඔහෙත් කල්පනා සාගරෙන් ගොඩ ආපු වෙලාවක ගිහින් නිදාගන්නවා...මම යනවා යන්න...
Taehyung pov...
ජිමින් කිව්ව දේ හරි මටම දැනෙනවා මගේ හිත ගොඩක් කැලඹිලා කියල ...ඒත් මට ඒක තේරුම් ගන්න හරිම අමාරුයි...නෑ..මට ඒ ඇයි කියල තේරෙන්නෙම නෑ...
විකාර හිතන්න එපා ටේ...ඔයා ඔය හිතිං මවාගත්ත විකාර...හැම වෙලේම වගේ දැනුත් මගේ හිත මගේ හැඟීම් සාධාරණියකරනය කරන්න ලොකු උත්සහයක් දැරුවා...ඒකෙ ප්‍රතිපලයක් විදිහට මම ටික වෙලාවකට Hospital room එක ඇතුලේ හිටපු ආගන්තුකයා ගැන හිතන එකෙන් මිදුනා...ඒත් සදහටම නෙමෙයි..මොහොතකට විතරයි ...මට ඒ ගැන හිතන එක නවත්ත ගන්න බැරි වෙකොට මම තීරණය කලා අනිත් දවසේ ගිහින් කොහොම හරි එයාව බලන්න...

YOU ARE READING
??? ?????(??????? )
FanfictionTaehyung .. ??? ???? ??????? ?????? ??????? ??? ???? ???? ?? ???? ?????... junkook .. ???????? ??? ???? ?? ???? ????? ????????...??? ?????? ??? ???????? ????? ???????? ?? ?????? ??????????? ???? ???? ??????...