හරි doctor අපිට තේරුනා එහෙනම් අපි දෙන්නා ගිහින් එන්නම්...
ඒ ජිමින් එනවා යන්න මොනාද ඔය කල්පනා කරන්නේ...
ආා හාාහාා ටේ මේ එනවා යං...අපි ගිහින් එන්නම් Doctor ....
ඒ මෝඩයෝ doctor යන්න කියද්දිත් මොනවද කල්පනා කරේ ගල් වෙලා වගේ....
නෑ නෑ ටේ...අර ඩොක්ටර් rap එකක් වගේ කියාගෙන කියාගෙන ගිය ටික මොලේ ඇතුලේ හිරවුනා...ඒකයි එක පාර ස්නායු පද්දතියම වැඩ නැතුව ගියේ...දැං හරි...මොනා වුනත් ලස්සන ඩොක්ටර්...
අවුරුදු 10 කටත් වඩා ආශ්‍රය කරලත් මට තාම ඔයාව තේරෙන්නෙ නෑ මෝචියෝ...හහ්හහ්හහ්
මොකද කැත විදිහට හිනාවෙන්නෙ මැටි කොටියා....මම ඇත්තනෙ කිව්වේ...ඔහොම ඉන්නව මාත් එනකන්...
Next day morning
Taehyung pov.....ඊයෙ doctor ජින් කිව්ව දේවල් නිසාමද කොහෙද චිමී අද මටත් කලින් නැගිටලයි ලෑස්ති වුනේ...කට තිබ්බට බය ගුල්ලෙක්...
අද වෙලාවටම අපි ගියත් doctor ජින් නම් පේන්න හිටියෙ නෑ...අපි doctor ගෙ room එකට වෙලා හිටියා...
Jimin- අපිට වෙලාවට එන්න කිව්වට එයා නෑනේ...
Tae- පොඩ්ඩක් ඉවසල ඉන්නවා...ඒ මිනිස්සුන්ට වැඩ තියනවා අපිට වගේ නෙමෙයි...
Dr jin - ආ ලමයි ඔයාලා ආවද ...සමාවෙන්න ඔයාලට මෙතන බලන් ඉන්න සැලැස්සුවට මට පේශන් කෙනෙක් ගෙ බෙහෙත් මාරු කරන්න යන්න වුනා..
ඒකට කමක් නෑ ඩොක්ටර් ...
හරි එහෙනං අපි යමු...මම ඔයාලට පෙන්නන්නං මේ hospital එකේ ඔයාලට වැදලත් වෙන තැන් සහ ඔයාලට බලන්න බාර වෙලා ඉන්න වෝඩ් එක..
මමයි චිමියි dr. ජින් කිව්ව විදිහට එයාගෙ පස්සෙන් ගියත් තවත් ලමයි කට්ටියක් එනකන් අපිට බලන් ඉන්න වුනා..පැයකට විතර පස්සෙ ඒ ලමයි ආවම අපි හැමෝම dr.ජින් එක්ක ගියා...මේක Hospital එකක් වුනාට බැලූ බැල්මට fivestar hotel එකක් වගේ...සෝල් වල තියන හොඳම hospital එක..මේකෙ තියන පහසුකම් දැක්කම පුදුම හිතෙනවා...බූසාන් වල මම හිටපු පලාතේ තිබ්බ ලොකුම Hospital එකෙත් මේකෙ තියන පහසුකම් වලින් 10% වත් තිබුනේ නෑ...ගොඩක් පෝසත් මිනිස්සු වෙන්න ඇති මේකෙ treatment වලට එන්නේ...dr.jin අපි හැමෝටම Hospital එකේ තිබ්බ හැම අංශයක්ම වගේ හොඳට පැහැදිලි කරන ගමන් ඉස්සරහටම ගියා...ඉස්සරහට යනකොට කලින්ටත් වඩා වටින උපකරණ හොඳම විදිහෙ පරීක්ෂකනාගාර ඩොක්ටර් අපිට පෙන්නුවා..assignment වලදි මේවවල පින්තූර ඉන්ටර්නෙට් එකෙන් දැක්කත් අපේ රටේ hospital වල මේවා ඇති කියල මම නම් හිතුවෙම නෑ...
ඩොක්ටර් අපිට ලැබ් එකේ තියන දේවල් ගැන විස්තර කරද්දි මගේ අවදානය මටත් නොදැනීම ගියෙ ලැබ් එකට ටිකක් එහයින් තිබුන පොඩ්ඩක් ඇරිලා තිබ්බ දොරක් දිහාවට...මොන හේතුවක් නිසාද කියල දන්නෙ නෑ...ඒත් මට ඒ කාමරේ දිහාවට යන්නම හිතුනා...මම එතනට ගියත් පොඩ්ඩක් ඇරිලා තිබ්බ දොරෙන් ඇතුලෙ තියන දේවල් ගැන පොඩි අදහසක්වත් ගන්න පුළුවන් කමක් ලැබුනෙ නෑ..
ඒත් හදිස්සියෙම ලැබ් එක පැත්තෙන් ආපු හුලඟ නිසා දොර සම්පූර්ණයෙන් ම නැතත් මට පෙනෙන තරමට ඇරුනේ ඇතුලෙ තියන දේ බලාගන්න මට පහසු කරලා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒ කාමරේ හරිම ලස්සනයි ...එක පැත්තක්ම වීදුරු වලින් විතරක්ම හදලා තිබ්බ නිසා කාමරේ අඩු නැතුව එලියෙන් පිරිලා තිබ්බා...
ඒක ඇතුලේ කෙනෙක් ඉන්නව පේනවා..ඒත් එයා ජනේලෙන් එලිය බලාගෙන ඉන්න නිසා මට එයාගෙ මූන නම් පොඩ්ඩක්වක් පෙනුනෙ නෑ...ඒත් මගේ හිත කිව්වෙම එයාව දකින්න ඕනෙ කියල ...
ටේ...ඔයා මොකක්ද මේ කරන්න යන්නේ..පේශන් කෙනෙක්ගෙ කාමරේට අවසරයක් නැතුව ඇතුලට යන්න ඔයා කවුද ඔයා මේ කරන්නෙ වැරැද්දක්...මගේ හිතම මට එහෙම කියද්දි මම ඉක්මනට දොර වහල ලැබ් එකට ගිහින් ඩොක්ටර් ට ඇහුම් කන් දුන්නා...
ඒත් මගේ හිත තාමත් තිබුනේ ඒ room එක ලඟ...ඒ කෙනාව බලන්න මගේ හිත මාත් එක්කම වාද කරනවා...කිසිම හේතුවක් නැතිව...

YOU ARE READING
??? ?????(??????? )
FanfictionTaehyung .. ??? ???? ??????? ?????? ??????? ??? ???? ???? ?? ???? ?????... junkook .. ???????? ??? ???? ?? ???? ????? ????????...??? ?????? ??? ???????? ????? ???????? ?? ?????? ??????????? ???? ???? ??????...
Chapter 02 ?
Start from the beginning