抖阴社区

2

224 11 0
                                    

එය අරුමැසි පෙමකි නිවීමත් දැවීමත් අතර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය අරුමැසි පෙමකි
නිවීමත් දැවීමත් අතර...

⚡2 කොටස⚡

සාදයට යාමට මාදිනී කළ යෝජනාව ප්‍රතික්ශේප නොකිරීම පිළිබඳව අභිශායි සිටියේ දහස් වරක් පසුතැවෙමිනි. එසේ වූවා නම් අභිශායි මේ වනවිට මල්ලිකා සමඟින් ඇය කැමති ආහාරයක් පිළියෙළ කරගනිමින්, පැරණි රසබර මතකයන් අවදි කරමින් කාලය ගත කරන්නට තිබුණි. නමුත් මාදිනීගේ බල කිරීම හමුවේ අභිශායි මෙවර අසරණ වූවා ය. හඳුනන කිසිවෙකුත් නොමැති සාදයෙන් මිදී අභිශායි ගෙවත්තට අඩිය තබන්නට වූවේ සිය මව දෙසට තවත් වරක් බැල්මක් යොමාය. ඇය ඇගේම ලොවකය. ඒ ලොවට තමා අයිති නැත. අභිශායිට නිතැතින්ම ඇගේ පියාව සිහි වන්නට විය. ඔහු ළඟ සිටියේ නම් අද අභිශායිගේ තත්ත්වය මීට වඩා සොඳුරු වන්නට ඉඩ තිබුණි. ඇය කිසිවෙකුගේ නෙත නොගැටෙන පරිදි ගෙවත්තෙහි වූ උද්‍යාන බංකුවක් මත අසුන්ගත්තාය. නෙත ගැටුණ ද තමන් පිළිබඳ වද වන අයෙකු එහි නොවීය. කාලය ගෙවී යන්නට විය. ඇය පියවි සිහිය ලද්දේ නිවස තුළින් ආ ප්‍රීතිමත් ගායනයකටය.

“Happy birthday to you//
Happy birthday dear Amelie..
Happy birthday to you..."

සියලු දෙනාගේම හඬින් ගැයුනු ගීතයට සවන් දෙමින් ඇය සිටි තැනින් නැඟී සිටියා ය. ඇය නිවසේ ප්‍රධාන ද්වාරය වෙතට පියමං කළේ මාදිනී ඇයව සොයනවා ඇතැයි යන හැඟීමෙනි. එය එසේ නොවුණ මුත් ඇය එලෙස සිතා සිය සිත රවටා ගත්තා ය. ආලින්දයේ කොණක සිය නෑදෑයින්ට සහ මිතුරු මිතුරියන්ට මැදිව පියකරු යුවතියක් සිනාසෙමින් සිටියා ය. ඒ අමේලි විය යුතු බව අභිශායි අනුමාන කළා ය. සරසා තිබූ ස්ටූලය මත වූ උපන්දින කේක් එක මත විසි එක යනුවෙන් සඳහන් කළ ඉටිපන්දම් විය. එසේ නම් අමේලී තමාට වඩා වසර ද්විත්‍වකින්ම ලාබාල බව අභිශායි වටහා ගත්තාය. නමුත් උසැති යුවතිය තුළ ඊට වඩා මේරු පෙනුමක් විය. ඇගේ සිරුරේ උස, වතටම ඇලුණු කළු පැහැති දිගු ගවුම, පැහැපත් මුහුණ මෙන්ම මුහුණේ ලක්ෂණ ඇයට සිහි කළේ ග්‍රීක දෙවඟනකි. ඔව්. ඇගේ වතෙහි වූයේ සාමාන්‍යයෙන් ලාංකීය කතකට හිමි නොවූ විදේශීය යුවතියකගේ පෙනුමකි. සිය මවවත් පරාද කරන රූමත් බවකට ඇය උරුමකම් කීවාය. ඇය අසල සිටි කඩවසම් තරුණයෙකුට කේක් කවද්දී සිදුවූයේ අභිශායි කිසිදා අපේක්ෂා නොකළකි. සියලුම දෙනා ඉදිරියේ ඔහු අමේලීගේ දෙතොල් සිපගත්තේ අභිශායි හුස්මක් ඉහළට අදිද්දීය. ඒ දර්ශනය ප්‍රේමාන්විතය. නමුත් මේ සියල්ලක්ම යුවතියට ආධුනික ඒවා විය. ඇගේ දෑස් සෙව්වේ මාදිනීව ය. ඇය ද සිය වයින් වීදුරුව ඔසවමින් ඔවුන් වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නඟමින් සිටියා ය. 

????? (SLOW UPDATES)Where stories live. Discover now