![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එය අරුමැසි පෙමකි
නිවීමත් දැවීමත් අතර...⚡17 කොටස⚡
ජංගම දුරකථනය ඔස්සේ ගලා ආ උදුලගේ හඬෙහි වූ වේදනාව අභිශායිගේ හද දවා දැමුවේය. සෑම මොහොතකම තම සිත සදන්නට වෙර දැරූ ඔහුගේ හද ගින්න නිවන්නට යුවතියට වදන් රහිත විය.
"මේ.. සේරම මං නිසාද උදුල?"
ඇය පැවසුවේ සුසුම් මැදය. උදුල කිසිත් නොපවසා විරාමයක් ගනිද්දී යුවතියගේ හදෙහි වූ පසුතැවීම දෙගුණ වූවේය.
"ඔයා මෙතනට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මට තාම හිතාගන්න බෑ මෙහෙම දෙයක් කළේ කවුද කියලා. මම හොඳටම දන්නවා මම කිසිම කෙල්ලෙක් එක්ක ඒ වගේ තැනකට ගිහින් නෑ කියලා. ගහලා තිබුණු හැම කැලෑ පත්තරයකම ඒ ගර්ල්ගෙ මූණ වහලා. ඒ කෙල්ල ඉන්නෙත් ස්කූල් යුනිෆෝම් එකෙන්"
"ඔයාට ස්කූල් එකේ තරහකාරයෝ ඉන්නවද උදුල?"
"මම එහෙම කා එක්කවත් රණ්ඩු කරන මනුස්සයෙක් නෙමේ අභී. ඒත් කවුරුහරි මාව හිතාමතාම ටාගට් කරන් ඉඳලා තියෙනවා. ඒක එඩිට් එකක් කියලා දන්නේ මම විතරයි. ස්කෝලෙ ඉඳන් මට මේක කොහොමහරි විසඳගන්න තිබුණා අභී. මට දුක ඒ ෆොටෝස් ගෙදර ඉස්සරහත් ගහලා තිබුණ එකට. ගල් ගහන්න බලන් උන්නු මිනිස්සුන්ට ඒක චාන්ස් එකක් උනා"
නැවතත් සුසුම් සරයකි.
"අනේ.. මේ සේරම කරදර මම ඔයාගේ ජීවිතේට ආව නිසා උදුල..."
අභිශායිට හැඬුණි. සාමකාමීව නිදහසේ ගලා ගිය තරුණයාගේ ජීවිතය හැඩි කළේ තමන් බව ඇගේ යටි සිත චෝදනා කරන්නට වූවේය.
"විකාර කියවන්න එපා අභී. මට මේ වෙලාවෙ තියෙන ලොකුම හයිය ඔයා මාව අවිශ්වාස නොකරන එක. මේ ප්‍රශ්ණ විසඳගන්නකන් ඔයා හයියට ඉන්න. මේ වෙලාවේ ඔයත් ගෙදර අය කරන කියන ඒවට අඬන්න ගත්තොත් මට දරාගන්න බැරි වේවි"
