抖阴社区

3

173 12 0
                                    

එය අරුමැසි පෙමකිනිවීමත් දැවීමත් අතර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය අරුමැසි පෙමකි
නිවීමත් දැවීමත් අතර...

⚡3 කොටස⚡

අභිශායි දැරණියගල වෙනුවෙන් කාලය ගලා ගියේ එකම රටාවකටය. ඇගේ දිවියෙහි වෙනසක් වූයේ නම් ඒ එක් තැනකදී පමණි. ඒ ඇය පුනා පුනා බලා සිටි උපාධි සිහිනය වෙත පියවරක් තැබූ නිසාය. අනෙක් සෑම අවස්ථාවකදීම ඇය හුදෙකලාව සමඟ පෙමින් වෙලුනාය.

"She is an introvert.."

"Abhi is not so sociable.."

"එයා පොඩ්ඩක් ලැජ්ජාශීලි චරිතයක්"

ඒ මාදිනී විසින් සමාජය ඉදිරියේ සිය දියණියට ලබා දුන් අර්ථකථනයන්ය. නමුත් අභිශායි ඉන් සිත් තැවුලට පත් නොවූයේ ඒ අර්ථකථන‍යන් නිවැරදි වූ බැවිණි. ඇය පෙම් කළේ ඇගේම සිතුවිලි වලටය. ඇගේ අඹ මිතුරා වූයේ තනිකමය. මාදිනී කෙතරම් උත්සාහ දැරුව ද අභිශායි සැඟවී සිටි ඉබි කටුවෙන් ඇයව එළියට ගැනීම දුශ්කර කරුණක් වූවේය. අභිශායි ඊට දැක්වූයේ ඍණාත්මක ප්‍රතිචාරයකි. කාලය ගෙවී ගොසින් විසි පස් වයසැති යුවතියක් වූව ද නිස්සංක දැරණියගලගේ වියෝවෙන් ඇයට ඇති කළ බලපෑම තවමත් එලෙසමය. ඇය විවෘත වූයේ සීමිත පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරියේ පමණි. පාසල් මිතුරියන්ගෙන් වෙන්ව වසර හයකට ආසන්න කාලයක් ගත කළෙන් ඇයට සමීපතම මිතුරියක ද නොවූවේය. නමුත් මාදිනී විසින් ඇයව බලෙන්ම රැගෙන ආ ගිය තැන් නිසා සිදු වූ සුවිශේෂිතම කරුණ නම් අඩුවක්ව තිබූ මිතුරයකගේ අවශ්‍යතාවය සම්පූර්ණ වීමය. ඇය නමින් සහේලී විය. අභිශායි මෙන්ම සන්සුන් ගතිගුණ පෙන්වූව ද ඇය සමාජශීලී මෙන්ම පියකරු යුවතියක් වූවාය. ඉන්දියානු විලාසිතාවන්ට ප්‍රියතාවයක් දැක්වූ ඇගෙන් අභිශායි දුටුවේ යම්කිසි ගුප්ත බවකි. නමුත් සහේලි අභිශායිගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට සමත් වූ නිසා ඇය සහේලිගේ ඇසුර ප්‍රිය කළාය.

????? (SLOW UPDATES)Where stories live. Discover now