![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එය අරුමැසි පෙමකි
නිවීමත් දැවීමත් අතර...⚡11 කොටස⚡
"මාදිනී මිස් අභිශායි මිස්ගේ අත මේ විදියට අල්ලගන්න.."
"අභිශායි මිස්ගේ සෝලෝ ශොට්ස් කීපයකුත් ගමු"
"මේ ඈන්ගල් එකට ඉන්න මිස්"
අභිශායි සිටියේ හෙම්බත් වීය. පුවත් පතේ පිටු දෙකකට සීමා වන අකුරු අතරට ඡායාරූප විස්සකට වැඩි ප්‍රමාණයකට ඇය මුහුණ දුන්නා ය. ඉන් පුවත් පතේ පළ වන්නේ උපරිම තුනක් හෝ හතරකි. මාදිනී සිනාමුසු උවනින් බලා සිටිය ද දෙනෙතින් අභිශායිට කරන තරවටු බොහොමයක්ම විය. එම තරවටුව හමුවේ ඇය දන්නා සුන්දරම සිනහව පෑවා ය.
අනතුරින් ඉතුරු වූ කැළල සනීප නොවූව ද මාදිනී සම්මුඛ සාකාච්ඡාව තිබූ දිනයෙන් වෙනස් නොකළා ය. එය සුපුරුදු ලෙසම ඉටු වූයේ අභිශායි කළකිරුණු සිතින් යුතුව මව පවසන වදන් වලට පසෙකට වී සවන් දී සිටිමිනි. ඇය පුද්ගලික ජීවිතය අරඹයා පවසන කරුණු කාරණා වල අර්ධයක අයිසින් තවරා තිබුණි. නමුත් ඇය මෙම සම්මුඛ සාකච්ඡාවෙන් වෙනත් අරමුණක් ඉටු කර ගැනීමට සැරසෙන බව අභිශායි වටහාගත්තේ තරුණිය ඇසූ පැණයක් ඔස්සේ ය.
"ඔබ මුහුණ දුන්නු අනතුරත් එක්ක මේ දවස් වල වයිරල් උනු පෝස්ට්ස් ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඒ කටකතා ඇත්තක් ද?"
මාදිනීගේ මුවෙන් සිනහව අතුරුදහන් නොවූවේ ය. ඇය එම පැණය බලාපොරොත්තුවෙන් සිටි බවක් පෙනෙන්නට විය.
"ඔව්. අපි නුදුරේදී ම විවාහ වෙන්න ඉන්නේ. ඒක බොහොම අවබෝධයෙන් ගොඩ නඟා ගත්ත සම්බන්ධයක්. මගේ දුවත් මගේ සමීපතයන් එක්කත් කතා කරලා තමා අවසානයේ අපි දෙන්නා ඒ තීරණයට ආවේ.."
