හමා ගෙන ආපු හුලගට සොහොන් කොත ඉස්සරහ දැවෙමින් තිබුන ඉටි පන්දම තුන් හතර නිමිලා ගියා...බාගෙට දිය වෙලා ගිහින් තිබ්බ ඒ සුදු පාට ඉටිපන්දම් වලින් කියන්න පුළුවන් ඒවා පත්තු කරලා ටික වෙලාවක් ගිහින් කියලා...හුලන් පාරට වේලිලා බිමට වැටිලා තිබ්බ කොල දූවිල්ලත් එක්ක ගහගෙන ඇවිත් සොහොන් කොත ලගට වැටුනාම ඉස්සරහ හිටපු පිරිමි ලමයා ඒ කොල එකෙන් එක පරිස්සමට අයින් කරා....
දූවිල්ල වැදිලා වැහිලා ගිහින් තියෙන පොටො එක ඒ පිරිමි ලමයා මාපට ඇගිල්ලෙන් පිරිමැද්දාම දූවිල්ල මැකිලා ගියා...අහිංසක හිනාවකින් මූන පුරවගෙන දිලිසෙන ඇස් වලින් බලන් ඉන්න ඒ කාන්තා රූපේ දිහා එක එල්ලෙ බලන් හිටපු පිරිමි ලමයට වටපිටාවම බොද වෙලා ගියෙ ඇස් වල කදුලු පිරුනු නිසා...
කියන්න දේවල් දහස් ගානක් තිබුනත් ඒ හැමදෙයක්ම පපුව අස්සෙ හිර කරන් ඉන්න එකෙ වේදනාව දන්නෙ ඒ කෙනාම විතරයි...
තමන්ට දැනෙන්නෙ කොහොමද කියලා වචනෙන් කියන්න බැරි තරමට මිනිස්සු අසරණ වුනාම එයාල එයාලටත් හොරෙන්ම නිහඩ වෙනවා....අද සජිව් ගෙ අම්මගෙ උපන්දිනේ. සජිව් නැගිටිද්දිත් සජිව්ගෙ තාත්තා දානෙත් ලෑස්ති කරන් පන්සලටත් ගිහින්...ඒ ගමන් සජිව්ත් යන්න ලෑස්ති වුනත් ආදිත්‍ය සජිව්ව නතර කරලා සොහොනට එමු කිව්වෙ පන්සලට ගියොත් නෑදෑයො දකින නිසා...ආයෙ ඔතනට ගිහිල්ලත් සජිව් කතා අහගන්න ඕනෙ නෑ කියලයි ආදිත්‍ය හිතුවේ....දහයට විතර දෙන්නා සොහොනට ඇවිත් ගෙනාපු සුදු රෝස මල් බොකි එකත් සොහොන් කොත ඉස්සරහින් තියලා ඉටිපන්දම් පත්තු කරා... සජිව් ට තනියම ටික වෙලාවක් ඉන්න දීලා ආදිත්‍ය එලියට ගියා....
තනි සුදු ටී එකට කලු ඩෙනිමක් ඇදලා සුදු ඩෙක්ස් දෙකක් දාගෙන හිටපු සජිව්ගෙන් වෙනදට වඩා සන්සුන් පෙනුමක් පිටින් පේන්න තිබුනා...සජිව් ඒ විදිහට ඒ රූපෙ දිහා බලන් ඉන්න ඇති සෑහෙන වෙලාවක්....
ආදිත්‍ය සජිව් ට තනියම ඉන්න දීලා එලියට ඇවිත් ගේට් එක ඉස්සරහ නතර කරලා තිබ්බ බයික් එකට හේතුවක් දාගෙන පෝන් එක සාක්කුවෙන් අරන් ඔබන්න ගත්තා...සජිව් ගෙ තාත්තත් කෝල් කරා ඒ වෙලාවෙ කොහෙද ඉන්නෙ බලන්න...එයාගෙන් ප්‍රශ්නයක් නම් ඇති වුනේ නෑ පන්සලට ආවෙ නැති එකට.. මොකද සජිව් ගෙ තාත්තත් දන්නවා ආදිත්‍ය ගන්නෙ හරිම තීරනේ කියලා...ලගින් යන්නෙ කවුද කියලා වත් දන්නෙ නෑ ආදිත්‍ය ඒ තරම්ම පෝන් එක අස්සෙ හිර වෙලා...ඒකමයි බෑග් එකක් එල්ල ගත්ත කොල්ලෙක් ලගට එනකම්ම දැක්කෙ නැත්තෙ..

YOU ARE READING
??? ???? ? TK Nonfic ? ???????
Non-Fiction??? ????????? ????? ????????????? ??? ??!! "??????? ?? ???? ???? ?????? ?????????" _SDW_ . . ?????? ????? ???? ??? ???? ????.. ??????? ????? ????? ?? ??? ???????? ?????? ??????...