ස්කෝලෙ අනෙක් ලමයින්ට අද සාමාන්‍ය දවසක් උනත් බාස්කට්බෝල් ප්ලේයර්ස්ලට නම් වැදගත් දවසක්..සජිව්ගෙ ප්‍රශ්නෙත් විසදිලා සතියකුත් ගිහින් අද ස්කෝලෙ බාස්කට්බෝල් හවුස් මැචස්...ඒ නිසාම ගෙවුන සතියම කට්ටියට ගොඩක් වෙහෙසකර සතියක් උනා...
එක හවුස් එකකට ලමයි පස් දෙනා ගානෙ හවුස් හතරම මැච් එකට ලෑස්ති වෙලා හිටියා...ගිම්හානුයි තිහෙනුයි ආදිත්‍යයි තවත් ලමයි දෙන්නෙකුයි moonshadow හවුස් එක වෙනුවෙන් පෙනී ඉද්දි සජිව්යි හිමරුයි තව ලමයි තුන් දෙනෙකුයි darkthorn හවුස් එක වෙනුවෙන් පෙනී හිටියා..උදේ දහයට කිට්ටුව හවුස් මැචස් පටන් ගත්තා..මුලින්ම තිබුනෙ පොඩි අයට..මේ පාරත් මැචස් තියෙන්නෙ එලියෙ කෝට් එකේ නිසා ලමයි නම් හිටියෙ පින්සිපල්ටත් බැන බැන...ඇයි ඉතින් මේ ගිනි අව්වෙ අච්චර හොද ඉන්ඩො කෝට් එකක් තියෙද්දි අව්වෙ කට්ට කන්න කවුද ආස...
" පිනාට දෝදුද බන්..බලපන් අර පොඩි එවුන් අව්වෙ දුක් විදින විදිහ..."
" තොගෙ බොරු බයිලා පැත්තකින් තියපන් ගිම්හාන්...උබ ඔය කෑගහන්නෙ පොඩි එවුන් අව්වෙ ඉන්න එකට නෙමෙයි උබට අව්වෙ ඉන්න බැරි එකට නෙ..."
" උබ මැද්දෙන් හොට දාන්නෙ නැතුව හිටාම් තිහෙන්..මන් කිව්වෙ ආදිත්‍යට...නේද ආදි...අනෙ මගෙ දරුවා උදේට කාලද දන්නෑ.."
" උබට ලමයිත් ඉන්නවද..."
" ඇයි බන් දැන් ටිකකට කලින් සජිව් ගෙ ඇගේ ගහලා මෙතනින් බලෙන් එලවලා දැම්මෙ..ඌ තමා මගෙ දරුවා.."
" කවුද??හිමරු??"
" ඔව් ඔව් ඒකා තමයි..."
" ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා.."
ආදිත්‍ය ගිම්හාන් දිහා බලලා හිනාවෙලා කිව්වාම ගිම්හාන් විරිත්තලා ඉස්සරහ බලාගත්තා...දැන් ඉතින් ගිම්හානුයි ආදිත්‍යයි හොද යාලුවෝ නෙ..තිහෙන්ට නම් තාමත් ආදිත්‍යව ඇල්ලුවෙ නෑ..
කෝට් එක හතර වටේට ඉදගන්න තියෙන තැන්වල හවුසස් හතර අය පිලිවෙලට වාඩිවෙලා හිටියා..මොකක්ම හරි හේතුවකට අද දවසම් සීමාකාරි වෙලා කියලයි ගිම්හාන් ට හිතුනෙ..
හැමෝගෙම අවදානය තිබුනෙ කෝට් එක ලග උනත් දැන් ටික වෙලාවක ඉදන් ආදිත්‍ය බලන් ඉන්නෙ එකම දිහාවක් නෑ...ඇස් දෙකත් හීන් කරන් ලොකු කල්පනාවක ඉන්න ආදිත්‍යව දෙතුන් වතාවක්ම ගිම්හාන් ට නෝට් උනත් මොකුත් අහන්න ගියෙ නෑ...හැබැයි ආදිත්‍ය ඉන්නෙ කලබල වෙලා කියලනම් ගිම්හාන් ට හොදටම තේරුනා..

YOU ARE READING
??? ???? ? TK Nonfic ? ???????
Non-Fiction??? ????????? ????? ????????????? ??? ??!! "??????? ?? ???? ???? ?????? ?????????" _SDW_ . . ?????? ????? ???? ??? ???? ????.. ??????? ????? ????? ?? ??? ???????? ?????? ??????...