抖阴社区

32.

1K 141 124
                                        

"සෙනු pov:"


'කවුරු හරි මගෙන් ඇහුවොත් මම සතුටින්ද කියලා ඔව් මම සතුටින් මොකද මට කලින් නොලැබුලු ලස්සන පවුලක් තියෙනවා ඇමතිතුමයි මිසිස් ෆ්‍රනෑන්ඩෝයි ඒ පවුල කියන සකල් එක ඇතුලේ හිටියත් අදටත් මට ලොකු බැදිමක් ඒ දෙන්නගෙන් දැනෙන්නෙ නැ එහෙමයි කියලා කවදාවත් මට දුකක් දැනුනේ නැ හැබැයි ඇත්තටම මම සතුටින්ද මන් දන්නෙ නැහැ අතීතෙ ජීවත් වෙන්න එපා කිව්වත් තාමත් මගේ හිත එක තැනක නතර වෙලා කාලෙත් එක්ක මම යුවේන්ට ආදරෙ කරත් එයා මගේ කියන ඒ හැගිම නැති වෙලා ගිහින් කොටින්ම යුවේන් කියන්නෙ මගේ අතීතේ විතරක් වෙලා'

මොන ලොකේද ඉන්නෙ මම කී පාරක් කතා කරාද?

ඇහුනේ නැ

සෙනු...

ම්ම්ම්

අද සුදු එනවා තමුසේ ඔහොම මූණ එල්ලගෙන ඉදලා පුලුවන් නම් මට බැනුම් අස්සනවකෝ

මන් මූණ එල්ලන් හිටියා වගේද ඔයාට පේන්නෙ

නැ මම තමයි මෙතන මූණ එල්ලන් ඉන්නෙ අනේ මගේ කට අවුස්සගන්න එපා උබ

අයියේ කෑ ගහන්නෙ නැතුව හිටපන්කො සුදු නම් තමුසේ වගේ කෑ ගහන්නෙ නැ

ඔව් ඉතින් මන් පොඩ්ඩක් කෑ ගැහුවම තමයි කාට කාටත් අමාරු

උහොම හිටපන් අයියේ උබ මේ යොමාල්ගේ තරහක්ද මගේ පිටින් යවන්නෙ

අනේ නැ මම මේ ඉතින් හැමෝටම දැන ගන්නත් එක්ක කිව්වේ

අයියේ... ඇත්තමයි අවුරු අටක් කොහොමද ඕයි උබලා දෙන්නා එකට හිටියේ

එවා මල්ලි මෙහෙම කියන්න බැ රැ වෙලා වරෙන්කො

රෂ්... තමුසේ මොනාද ඔය කියවන්නෙ

මන් හිතන්නෙ රැ වෙනකම් ඉන්න ඕන වෙන එකක් නැ අයියේ

උබටත් හරි හිනා නේ බන්

නැ ඉතින් තමුසෙගෙ අලි උලුවනේ ඔහොම හරි බය වෙලා ඉන්න එක ලොකු දෙයක්

'අදට ලංකාවට ඇවිත් සති දෙකක් වෙනවා පොඩි පොඩි වෙනස් කම් තිබුනත් එදා විදියටම අදත් හැමදේම තියෙනවා හහ්ම්.... සුදු එන්නෙ අද ඇමතිතුමා පාලිමන්ට් ගිහින් එද්දි එක්කම් එන්නම් කිව්ව නිසා අපි ගියේ නැ අනිද්දා ඉදන් අලුත් ජොබ් එකට යන්න ඕන මම හොයා ගත්ත එකක් නෙමෙයි අයියා තමයි හොයලා දුන්නෙ බලමුකෝ මන් හිතන්නෙ ඒ බිස්නස්මන් ලොකුවට කට්ටිය අතරට යන කෙනෙක් නෙමෙයි වැඩි කාලෙකුත් නැ ඒක පටන් ගෙන අයියනම් කිව්වේ මට ගැලපෙනම තැන එතන කියලා මූ කියනවා මන් අහනවා මොනා උනත් සෙට් උනේ නැති උනොත් මාසයක් වැඩ කරලා අයින් වෙනවා'

?????????? ???? .??????????? ????.?Where stories live. Discover now